ඒක පුද්ගල ව්‍යාපාරයක අවසාන ගිණුම් පිළියෙළ කිරිම
 

යම් කාලච්ඡේදයක් තුළ ව්‍යාපාරයක සිදු වන ගනුදෙනු සටහන් කිරිමෙන් පසු එකි ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය සහ මුල්‍ය තත්ත්වය දැන ගැනිම සදහා ඒ කාලච්ඡේදය අවසානයේ ඇති ගිණුම් ශේෂ ආශ්‍රය කර ගෙන මුල්‍ය ප්‍රකාශ හෙවත් අවසාන ගිණුම් (final accounts) පිළියෙළ කෙරේ. ව්‍යාපාරයේ ගනුදෙනු සාරාංශ කර දක්වා මේ අවසාන ගිණුම් මගින් සිදු වේ. ඒක පුද්ගල ව්‍යාපාරයකට අදාළ ව සාමුප්‍රදායිකව සකස් කරනු ලබන අවසාන ගිණුම් පහත සදහන් අයුරු කොටස් දෙකකට බෙදා දැක්වේ.

  1. ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය හෝ ගණනය කිරිම සදහා සකස් කෙරෙන වෙළෙද හා ලාභලාභ ගිණුම

  2. වත්කම්, වගකීම් හා ප්‍රාග්ධනය පෙන්නුම් කෙරෙන ‍ෙශ්ෂ පත්‍රය


(c) Shilpa Sayura Foundation 2006-2017