ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශ සකස්කිරිමට පෙර ගිණුම් වාර්තා සම්පුර්ණ කිරිම සදහා අවශ්‍ය වන ගැළපුම් සටහන් මෙයට ඉහත සලකා බලා ඇත. කාලච්ඡේදය අවසානයේ දි ගිණුම්වල ගැළපුම් සාමාන්‍යයෙන් පිටප්ත් කෙරෙන අයුරුත් එයින් පසු සකස් කෙරෙන අයුරුත් ශේෂ පිරික්සුමත් මෙයට පසු දැක්වෙන නිදසුනෙන් පැහැදිලි වේ.
ජනක මල්වත්තගේ ව්‍යාපාරයේ 1994.12.31 දිනට (වර්ෂය අවසානයේ ගැළපුම් සටහන් කිරිමට පෙර) සකස් කරන ලද ශේෂ පිරික්සුම පහත දැක්වේ.
හර බැර
රු රු
ඉඩම් හා ගොඩනැගිලි - පිරිවැයට 105 000
යන්ත්‍රෝපකරණ - පිරිවැයට 144 000
මෝටර් රථ - පිරිවැයට 75 000
ගෘහ භාණ්ඩ - පිරිවැයට 40 000
ණය හිමියෝ:
ආසිරි ගුණරත්න 10 000
චන්න පෙරේරා 10 000
බොල් ණය 600
අඩමාන ණය වෙන් කිරිම - 1994.01.01 1 500
යන්ත්‍ර අලුත්වැඩියා වියදම් 3 000
ණය ගැතියෝ:
මහින්ස 1 000
තරංග 9 000
දිනේෂ් 10 000
රන්සි 8 000
ආපසු යැවුම් 1 500
වරිපණම් 5 000
රක්ෂණ 6 400
10% ණය 65 000
මුදල් 13 100
බැංකු 11 000
වැටුප් හා වේතන 20 000
විදුලිය 10 000
ආරම්භක තොගය 20 675
පොදු වියදම් 24 000
ක්ෂය සදහා වෙන්කිරිම් ගිණුම්
1994.01.01
- යනුත්රෝපකරණ 50 000
- මෝටර් රථ 20 000
- ගෘහ භාණ්ඩ 5 000
ආපසු එවුම් 2 000
ගැනුම් 179 500
විකුණුම් 350 000
ගෙන ඒමේ කුලී 1 500
ප්රචාරක වියදම් 2 725
ආයෝජන 7 600
ලැබු වට්ටම් 100
ප්රාග්ධනය 186 000
699 100 699 100
පහත දැක්වෙන ගැළපිළි ගිණුම්වල ඇතුළත් වී ඇත.
1. උපචිත වියදම් 1994.12.31
වරිපණම් 2 600
විදුලිය 2 200
යන්ත්‍ර අලුත්වැඩියා 600
5 400
2. ඉදිරියට කළ ගෙවිම්
ප්‍රචාරණය 1 000
වැටුප් 3 000
4 000
3. ව්‍යාපාරය අනුගමනය කරන ක්ෂය ප්‍රතිපත්තිය පහත දැක්වේ.
යන්ත්‍රෝපකරණ - සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 10% බැගින්
ගෘහ භාණ්ඩ - සරල මාර්ග ක්‍රමයට වාර්ෂික ව 15% බැගින්
මෝටර් රථ - හීන වන ශේෂ ක්‍රමයට වාර්ෂිකව 20% බැගින්
4. ඉඩම් හා ගොඩනැගිලි 1994.01.01 සිට සරල මාර්ග ක්‍රමයට 5% බැගින් වාර්ෂික ව ක්ෂය කිරිමට තීරණය කර ඇත.
5. මහින්සගෙන් ලැබිය යුතු රු 1 000 නොලැබෙන හෙයින් බොල් නය වශයෙන් කපා හැරිමට තිරණය කර ඇත.
6. අඩමාන ණය නේ කිරිම, ණය ගැතියන්ගෙන් 10%ක් වේ.
7. 10% ණය ලබා ගෙන ඇත්තේ 1994.07.01 දින දී ය. ඒ ණය සදහා 1994.12.31 දින තෙක් පොළි ගෙවා නැත.
මේ ගනුදෙනු ගිණුම්ගත කිරිම සදහා අවශ්‍ය ජ’නල සටහන් හා අදාළ ගිණුම් 118 – 122 පිටුවල දැක්වේ.