ව්‍යාපාරයෙන් භාණ්ඩ හා සේවා ලබා ගත් පුද්ගලයන්ගෙන් අනාගතයේ දි ලැබිය යුතු මුදල් ව්‍යාපාරයේ පොත්වල පෙන්නුම් කෙරෙන්නේ වත්කමක් (ණය ගැතියෝ) ලෙසය. මේ වත්කමෙන්, එනම් ණය ගැතියන්ගෙන් සමහරකුට සිය ණය ගෙවිමට නොහැකි විම බෝහො ව්‍යාපාරවල දක්නට ලැබෙන සාමාන්‍ය සිද්ධියකි. මේ අනුව ලැබිය යුතු ණයක් නොලැබි යාමෙන් ව්‍යාපාරයට පාඩු දැරිමට සිදු වේ. මෙසේ නිශ්චිත වශයෙන් නොලැබේ යැයි තිරණය කෙරෙන ණය බොල් ණය (bad debts), ලෙස හැදින්වේ. ණය ගැතියකු බුන්වත් විම (bankruptcy), අතුරුදහන් විම, ඔහුගේ ව්‍යාපාරය වසා දැමිම යන මේවා බොල් ණය තිරණය කිරිම කෙරෙහි බලපාන කරුණු කිහිබයකි. යමි කිසි ණයගැතියකුගේ ශේෂය ණය ලෙස තිරණය කළ පසු එය අදාළ ණයගැති ගිණුමෙන් බොල් ණය ගිණුමට මාරු කළ යුතුය.
1993.12.31 දිනට ශිරන්තගේ ව්‍යාපාරයේ ණය ගැතිගිණුම්වල ශේෂවල එකතුව රු 8 000කි. ණය ගැතියකු වු පීටර් මිය යාම නිසා, 1993.06.16 දින ගත් භාණ්ඩ වෙනුවෙන් ඔහුගෙන් ලැබිය යුතු රු 700, බොල් ණය ලෙස කපා හැරිමට තිරණය කරන ලදි. මෙය ගිණුම්ගත කිරිමට අදාළ ජ’නල සටහන පහත දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි |
හර |
බැර |
1993.12.31 |
|
බොල් ණය ගිණුම හර |
|
රු |
රු 700 |
ගිණුම් කාලච්ඡේදය අවසානයේ දි බොල් ණය ගිණුමේ ශේෂය ලාභලාභ ගිණුමට ගෙන යනු ලැබේ.
බොල් ණය ගිණුම
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
දිනය |
ව්සතරය |
ස.පි. |
මුදල |
1993.12.31 |
පිටර් |
|
රු |
|
|
|
රු |
පීටර්
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
1993.06.16 |
විකුණුම් |
|
රු |
1993.12.31 |
බොල් ණය |
|
රු |
බොල් ණය බොහෝ විට නිශ්චිත ව ම හදුනා ගත හැකි වන්නේ භාණ්ඩ හා සේවා විකුණු කාලච්ඡේදයේ නොව එයට පසු කාලච්ඡේදයක දි විම බොල් ණය ගිණුම්ගත කිරිම සම්බන්ධයෙන් මතු වන ප්රශ්නයකි. එවැනි විටෙක භාණ්ඩ හා සේවා සැපයු වර්ෂයේ එහි මුළු වටිනාකම ආදායමක් ලෙස හදුනා ගැනෙන අතර පසු ගිණුම් කාලච්ඡේදයක දි එයට අදාළ ණය ප්‍රමාණයෙන් කොටසක් බොල් ණය ලෙස කපා හැරේ. මේ නිසා භාණ්ඩ හා සේවා සැපයු වර්ෂයේ ලාභය අධි තක්සේරු වන අතර ඊට පසු වර්ෂයේ ලාභය අව ක්සේරු වේ. එහෙයින් බොහෝ ව්‍යාපාර, ඉදිරි වර්ෂවල දි නොලැබේ යැයි අනුමාන කරන ණය සදහා වෙන් කිරිමක් (provision) ගිණුම් කාලච්ඡේදය අවසානයේ දි කරයි. සාමාන්‍යයෙන් ව්‍යාපාර පසුගිය අත්දැක්ම් අනුව ණයවලින් එකතු කර ගත නොහැකි ප්‍රමාණය තීරණය කරයි. මෙසේ එකතුකර ගත නොහැකි යැයි සැක කරන ප්‍රමාණය අඩමාන ණය (doubtful debts) ලෙස හැදින්වේ.
මේ අඩමාන ණය ගිණුම්ගත කිරිම,අඩමාන ණය ගිණුම් හර කිරිම සහ අඩමාන ණය වෙන් කිරිම ගිණුම බැර කිරිම මගින් සිදුකෙරේ. ශිරන්තගේ ව්‍යාපාරයේ 1993.12.31 දිනට බොල් ණය කපා හැරිමෙන් පසු ණය ගැති ගිණුම්වල ශේෂවල එකතුව රු 7 300ක් වු අතර අඩමාන ණය සදහා වෙන් කිරිම ඒ ණය ගැතියන්ගෙන් 5%ක් විය යුතු යැයි තිරණය කර ඇත.
මෙය ගිණුම්ගත කිරිමට අදාළ ජ’නල සටහන පහත දැක්වේ.