12. නයියඩි වන්නම
 


අප මහා බෝසතාණන් නාගලොව ඉපිද ගෙවූ කාළය පිළිබිඹූ කරමින් නාග රාජයෙකුගේ ගුණ ගැයෙන වන්නමකි.
තාල රූපය : මැදුම් මහ දෙතිත
බෙර පදය : දෝං ජිංජිං තකට දොංතක
 
 තානම :

 තෙම් තෙනෙ නම් තෙනෙ නම් තෙනෙ නා නා
 තෙනක තෙනම් තෙනෙ නම් තෙනෙ නා නා

ගීතය :
 ඉපිද ඒ බෝසත් නාලොව වාරෙ ක
 පැහැද රකිති සිල් නරලොව වනයෙ ක
 බොවද දෙමින් අල්ලා අහිගුණ්‌ටි ක
 පැසද ලමින් නටවා දුක්‌ දී නෙ ක

 අන්දම කින් ඉඳ පෙනය නඟා යේ
 සන්දම මෙන් දැහැඩින් වකලා යේ
 රන්දම මෙන් ගත වටින් දිලී යේ
 පන්දම ලෙස දණ දී වටවා යේ

 බෝ කොළ දන්දම් පෙනය නඟා යේ
 නා කොළ අන්දම් පෙන හකුලා යේ
 ලෝ තුළ රන්දම් සිරිනි දිගා යේ
 ඒ කුල සතරක්‌ පෙරසිට ආ යේ

 දිගා සිරුර කොටසක්‌ හකුලා මුඩි
 නගා ගතය ලෙළවා කරමින් දැඩි
 රඟා සිරින් පිඹිමින් නදයෙන් වැඩි
 වගා අසන් මෙම වන්නම නයි යඩි

කස්‌තිරම :
 රුඳග ජිංතක තකට කුංදත්
 තග්ග ජිංතක තකට කුංදත්
 රුඳග ජිංතක තකට කුංදත්
 දෝං තා

සීරුමාරුව :
 තකුඳ තකුතක තකට කුංදත්
 තග්ග ජිංතක තකට කුංදත්
 තකුඳ තකුතක තකට කුංදත්
 දෝංතා

අඩවුව :
 
තත්ත තරිතරි තතරි තරිතරි
 රුඳක ජිමිජිමි තිතිත් තෙයි
 තතත් ජිත්ජිත් තොතොං නං නං
 රුඳක ජිමිජිමි තිතිත් තෙයි
 ප්‍රස්‌ථාරය :
(c) Shilpa Sayura Foundation 2006-2017