පෙර (ඉදිරියට කළ) ගෙවුම් හා කලින් ලද ආදායම්
 

පෙර (ඉදිරියට කළ) ගෙවුම් හා කලින් ලද ආදායම්

ඉදිරි ගිණුම් වර්ෂයට අදාළ වියදමක් මේ ගිණුම් වර්ෂය තුළ දි ගෙවා ඇත් නම් එය ඉදිරියට ගෙවන ලද වියදමක් (prepayment) වේ. එසේ ඉදිරියට ගෙවන ලද වියදමක් වර්තමාන ගිණුම් වර්ෂයේ වියදම් ගිණුම්වල ඇතුළත් කර ඇත් නම් ගිණුම් වර්ෂය අවසානයේ දි ඒ ප්‍රමාණය කලින් ගෙවු වියදම් ගිණුමකට මාරු කළ යුතු ය. මෙය වත්කම් ගිණුමක් වේ.

1994.12.31 දිනේ අවසන් ගිණුම් වර්ෂය තුළ, මහින්දගේ ව්‍යාපාරයේ රක්ෂණ ගාස්තු වශයෙන් ගෙවන ලද රු 15 000හේ ඉදිරි වර්ෂය සදහා වු රු 3 000ක් ඇතුළත් විම නිදසුනක් ලෙස දැක්විය හැකිය. ඉදිරියට ගෙවන ලද රක්ෂණ ගාස්තු ගැළපීමට අදාළ ජ’නල සටහන ද ලෙජර් ගිණුම් ද පහත දැක්වේ.

පොදු ජ’නලය


දිනය

වවුචර අංකය

විස්තරය

ලෙ.පි.

හර

බැර

1994.12.31

ඉදිරියට ගෙවු රක්ෂණ ගාස්තු ගිණුම හර
රක්ෂණ ගාස්තු ගිණුම
ඉදිරි වර්ෂය සදහා ගෙවු රක්ෂණ ගාස්තු

රු
3 000

රු

3 000

රක්ෂණ ගාස්තු ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

1994.01.01

මුදල්

රු
15 000

1994.12.31

ඉදිරියට ගෙවු රක්ෂණ ගාස්තු

රු

3 000

ඉදිරියට ගෙවු රක්ෂණ ගාස්තු ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

1994.12.31

රක්ෂණ ගාස්තු

රු
3 000

රු

අදාළ ගිණුම තැළ ම සටහන් කිරිමේ ක්‍රමය අනුව නිදසුන ගිණුම්ගත කරන ආකාරය පහත දැක්වේ

රක්ෂණ ගාස්තු ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

1994.01.01

1995.01.01

මුදල්

ශේෂය (කලින් ගෙවු රක්ෂණ)

රු
15 000

3 000

1994.12.31

ශෙෂය (කලින් ගෙවු රක්ෂණ)

රු
3 000

ගිණුම් වර්ෂය තුළ දි ලැබි ආදායමක් ලෙස ගිණුම්ගත කර ඇති අයභාරයෙන් කොටසක් ඊ ළග ගිණුම් කාලච්ඡේදයට අදාළනම් එය කලින් ලද ආදායමක (income received in advance) ලෙස සැලකේ. මෙය ගිණුම්ගත කිරිමේ දි වගකිමක් ලෙස කලින් ලද ආදායම් ගිණුමකට තාවකාලිකව මාරු කිරිම හෝ ගිණුමේ බැර ශේෂයක් ලෙස ඉදිරියට ගෙන යාම හෝ කළ හැකිය. ජයලත්ගේ ව්‍යාපාරය සිය ව්‍යාපාර ගොඩනැගිල්ලෙන් කොටසක් රු 1 000 හේ මාසික කුලියට 1994.06.30 දින බද්දට දි වසරක කුලි එදින ම ලබා ගත්තේ ය. මේ ව්‍යාපාරයේ ගිණුම් වර්ෂය දෙසැම්බර් 31 දිනෙන් අවසන් වේ. කලින් ලැබු කඩ කුලි ආදායම ගිණුම්ගතකරන ආකාරය පහත දැක්වේ.

පොදු ජ’නලය


දිනය

වවුචර අංකය

විස්තරය

ලෙ.පි.

හර

බැර

1994.12.31

කඩ කුලි ආදායම් ගිණුම හර
කලින් ලද කඩ කුලි ගිණුම
ඊ ළග ගිණුම් වර්ෂයේ මුල් හය මාසය වෙනුවෙන් කඩ කුලි, කලින් ලද කඩ කුලි ගිණුමට මාරු කිරිම

රු
6 000

රු

6 000

කඩ කුලි ආදායම් ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

1994.12.31

කලින් ලද කඩ කුලි

රු
6 000

1994.06.30

මුදල්

රු
12 000

කලින් ලද කඩ කලි ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

රු

1194.12.31

කඩ කුලි ආදායම

රු
6 000

ඉහත සදහන් නිදසුන කඩ කුලි ආදායම් ගිණුමේ ම ගළපන ආකාරය පහත දැක්වේ.

කඩ කුලි ආදායම් ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

1994.12.31

ශේෂය (කලින් ලදකඩ කුලි)

රු
6 000

1994.06.30

1995.01.01

මුදල්

ශේෂය (කලින් ලද කඩ කුලි)

රු
12 000

6 000

(c) Shilpa Sayura Foundation 2006-2017