ගැළපුම් සටහන්
 

යම් කාලච්ඡේදයකට අදාළ සෑම ගනුදෙනුවක් ම ගිණුම් පොත්වල සටහන් කිරිම අත්‍යවශ්‍ය වේ. එහෙත් ගිණුම් කාලච්ඡේදය අවසාන වන විට ඒ කාලච්ඡේදයට අදාළ ඇතුම් ගනුදෙනු ගිණුම් පොත්වල බොහෝ විට ඇතුළත් නොවි තිබිය හැකිය. එකි ගනුදෙනු ගිණුම් පොත්වල ඇතුළත් කිරිම සදහා උපයෝගි කරගනු ලබන සටහන ගැළපුම් සටහන් නම් වේ. මේ ගැළපුම් කෙරෙන්නේ පොදු ජ’නලයේ ඇතුළත් කෙරෙන ජ’නල සටහන් මගිනි. ගිණුම් කාලච්ඡේදයක් අවසානයේ දි සිදු කෙරෙන මේ ගැලපිළි පහත දැක්වෙන අයුරින් වර්ග කළ හැකිය.

  1. උපචිත වියදම් සහ උපචිත ආදායම්
  2. පෙර (ඉදිරියට කළ) ගෙවුම් හා කලින් ලද ආදායම්
  3. බොල් ණය සහ අඩමාන ණය
  4. ස්ථාවර වත්කම් ක්ෂය
  5. තොග ගැළපිළි
  6. වෙනත් ගැළපිළි

1. උපචිත වියදම් හා උපචිත ආදායම්

ගිණුම් කාලච්ඡේදයට අදාළ වුව ද ඒ කාලච්ඡේදය අවසාන වනවිටත් ගෙවා නැති වියදම්, උපචිත වියදම් ලස ද ගිණුම් කාලච්ඡේදයට අදාළ නමුදු ඒ කාලච්ඡේදය අවසාන වන විටත් ලැබි නැති ආදායම්, උපචිත ආදායම් (accrued income) ලෙස ද හැදින්වේ. නිද: ටිරෝන් ලක්ෂමන්ගේ ව්‍යාපාරයේ මාසික කඩ කුලි වියදම රු 1 500කි. 1994.12.31 දිනෙන් අවසන් වර්ෂයේ නොවැම්බර්, දෙසැම්බර් මාසවල කඩකුලි වර්ෂ අවසාන වන විටත් ගෙවා නොතිබිණි. මේ මාස දෙකසදහා ගෙවිය යුතු කඩකුලි 1994.12.31 අවසන් ගිණුම් වර්ෂයට අයත්නිසා කාලච්ඡේදයට අදාළ ගිණුම්වල ඇතුළත් කළ යුතුය. මේ උපචිත කඩ කුලි ගිණුම්ගත කිරිම සදහා අවශ්‍ය ජ’නල සටහන ද අදාළ ලෙජර් ගිණුම් ද පහත දැක්වේ.

                                      පොදු ජ’නලය


දිනය

වවුචර අංකය

විස්තරය

ලෙ.පි.

හර

බැර

 

1994.12.31

 

කඩ කුලි ගිණුම්     හර
  ගෙවිය යුතු කඩ කුලි ගිණුම
නොවැම්බර්, දෙසැම්බර් යන මාස සදහා ගෙවිය යුතු කඩ කුලි

 

රු
3 000

රු

3 000

                                      කඩ කුලි ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

 

1994.01.01
1994.12.31

 

මුදල්
ගෙවිය යුතු කඩ කුලි

රු

රු
15 000
  3 000

 

 

 

රු

                                      ගෙවිය යුතු කඩ කුලි ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

 

 

 

 

1994.12.31

කඩ කුලි

 

රු
3 000

ගෙවිය යුතු ප්‍රමාණය බැර ශේෂයක් ලෙස අදාළ වියදම් ගිණුම තුළම පහළට ගන යමින් සටහන් කිරිම, මෙය ගිණුම්ගත කිරිමේ තවත් ක්‍රමයකි. ඉහත නිදසුන මේ ක්‍රමය අනුව ගිණුම්ගත කරන ආකාරය පහතදැක්වේ.

                                      කඩ කුලි ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

 

1994.01.01
1994.12.31

 

මුදල්
ශේෂය (උපචිත කඩ කුලි)

 

රු
15 000
  3 000
18 000

 

 

1995.01.01

 

 

ශේෂය (උපචිත කඩකුලි)

 

රු

 

18 000
  3 000

චන්න පෙරේරාගේ ව්‍යාපාරය වර්ෂයට 15% බැගින් මාස්පතා පොළි ලැබිමේ පදනම යටතේ ස්ථාවර තැන්පතුවල රු 100 000ක් ආයෝජනය කර ඇත. 1994.12.31 දිනෙන් අවසන් ගිණුම් වර්ෂයේ අවසාන මාසය සදහා වු පොළිය ඒ මස 31 දින වන විටත් ලැබි නොතිබිණි. මේ ලැබිය යුතු ආදායම සටහන් කිරිමට අදාළ ජ’නල සටහන ද ලෙජර් ගිණුම් ද පහත දැක්වේ.

                                                පොදු ජ’නලය


දිනය

වවුචර අංකය

විස්තරය

ලෙ.පි.

හර

බැර

 

1994.12.31

 

 

ලැබිය යුතු පොළි ගිණුම    හර
පොළි ආදායම් ගිණුම
1994 දෙසැම්බර් මාසය සදහා ලැබිය යුතු පොළිය

 

රු
1 250

රු

1 250

                                                පොළිආදායම් ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

 

 

 

රු

 

1994.12.01
1994.12.31

 

මුදල්
ලැබිය යුතුපොළි

 

රු
13 750
  1 250

                                                ලැබිය යුතු පොළි ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

 

1994.12.31

පොළි ආදායම්

 

රු
1 250

 

 

 

රු

(c) Shilpa Sayura Foundation 2006-2017