ආයතනයක එදිනෙදා ව්යාපාරික කටයුතුවලට අදාළ ව ඇති වන වියදම්, අයභාර වියදම් ලෙස හැදින්වේ. මෙකි වියදම් මගින් ස්ථාවර වත්කම්වල අගයේ වැඩි විමක්සිදු නොවේ. අයභාර වියදම්වලට නිදසුන් කිපයක් පහත දැක්වේ.
- නිෂ්පාදන, පරිපාලන හා විකුණුම් වියදම්
- විකිණිම සදහා ගැනෙන භාණ්ඩවල පිරිවැය
- ස්ථාවර වත්කම් ක්ෂය
- ස්ථාවර වත්කම් නඩත්තු වියදම්
- ණය සදහා පොළි
විලම්බිත අයභාර වියදම්
සමහර අයභාර වියදම්වලින් ලැබෙන ප්රතිලාභ එක් ගිණුම් වර්ෂයකට පමණක් සිමා නොවි ඉදිරි වර්ෂ කීපයට විහිදියා හැකිය. එකි වියදම් දැරූ වර්ෂයේ ආදායමෙන් සම්පුර්ණයෙන් කපා නොහැර, ඉදිරි වර්ෂවල ආදායම්වලින් කපා හැරිමේ පරමාර්ථයෙන් ඒ වියදමෙන් කොටසක් ඉදිරියට ගෙන යනු ලැබේ. මෙසේ ඉදිරියට ගෙන යනු ලබන වියදම්, විලම්බිත අයභාර (deferred revenue) වියදම් ලෙස හැදින්වේ.අලුත් භාණ්ඩයක් හදුන්වා දිමේ හෝ වෙළෙද පොළ ගවේශණය කිරිමේ හෝ අරමුණින් දරන විශාල ප්රමාණයක ප්රචාරණ වියදම්, පර්යේෂණ හා සංවර්ධන වියදම් මේවාට නිදසුන් වේ.