දිගු කාලින ප්‍රතිලාභ ලබා ගැනිමේ අපේක්ෂාවේ ව්‍යාපාරයක් දරන වියදම් ප්‍රාග්ධන වියදම් වේ. අන් විදියකින් කියතහොත් ස්ථාවර වත්කම් අත්කර ගැනිම සදහා හෝ ඒ වත්කම්වල අගය වැඩි වන අයුරින් හෝ දරන වියදම් මේ ගණයට අයත් වේ. මේ වියදම්වලට නිදසුන් කිහිපයක් පහත දැක්වේ.
- ව්‍යාපාරයේ දිගුකාලින පරිහරණය සදහා මිලට ගැනෙන මෝටර් වාහන,යන්ත්‍රෝපකරණ, ගොඩනැගිලි යනාදිය වෙනුවෙන් දරන පිරිවැය.
- ව්‍යාපාරයේ ස්ථාවර වත්කමක ඵලදායි ජිව කාලය හෝ ධාරිතාව හෝ කාර්යක්ෂමතාව හෝ වැඩි කිරිම සදහා දරන වියදම්.
නිදසුන් : ව්‍යාපාරයක් පාවිච්චි කරන මෝටර් වාහනයක එන්ජිම ඉවත් කර නව එන්ජිමක්සවි කිරිමට යන වියදම.
- ස්ථාවර වත්කමක් මිලට ගැනිමේ තැරැව් ගාස්තු, ගෙන ඒමේ කුලි, ඉංජිනේරු හා උපදේශක ගාස්තු හා ස්ථාපනය කිරිමේ වියදම්.
- ව්‍යාපාර කටයුතු පවත්වා ගැනිමේ අයිතිය ලබා ගැනිම හා සම්බන්ධ කිර්තිනාමය, ස්වාධිකාරය, වෙළෙද ලකුණු යනාදිය අයත් කර ගැනිමට අදාළ වියදම්.