ගිණුම්කරණ ක්‍රියාවලියේ දි සිදුවන සමහර වැරදි, ශේෂ පිරික්සුමේ හර තිරුවේ ඓක්‍යය, බැර තීරුවේ ඓක්‍යය හා සම නොවිමට හේතු වේ. මෙසේ ශේෂ පිරික්සුම සම නොවන අවස්ථාවක අදාළ වැරදි සොයා ඒවා නිවැරදි කරන තෙක්, ඒ වෙනස අවිනිශ්චිත ගිණුම (suspense account) නමින් වු තාවකාලික ගිණුමක සටහන් කර ශේෂ පිරික්සුම සම කෙරේ.
මෙකි වැරදි නිවැරදි කිරිම සාකච්ඡා කිරිමට පෙර අවිනිශ්චිත ගිණුමක් විවෘත කරන ආකාරය නිදසුනක් ඇසුරින් සලකා බලමු. අජිත්ගේ ව්‍යාපාරයේ 199x.03.31 නමින් වු තාවකාලික ගිණුමක සටහන් කර ශේෂ පිරික්සුම පහත දැක්වේ.
අජිත්ගේ ව්‍යාපාරයේ 199x.03.31 දිනට ශේෂ පිරික්සුම
හර |
බැර |
Xx xxx Xx xxx |
|
120 000 |
124 000 |
ඉහත සදහන් ශේෂ පිරික්සුම සම නොවුයෙන් වෙනස තාවකාලිකව, අවිනිශ්චිත ගිණුමක සටහන් කර ශේෂ පිරික්සුම සම කෙරේ. එසේ සම කරන ලද ශේෂ පිරික්සුම පහත දැක්වේ.
අජිත්ගේ ව්‍යාපාරයේ 199x.03.31 දිනට ශේෂ පිරික්සුම
හර |
බැර |
රු Xx xxx 4 000 |
රු Xx xxx |
124 000 |
124 000 |
ශේෂ පිරික්සුමේ හර ඓක්‍යය රු 4 000කින් අඩු විම නිසා රු 4 000ක හර ශේෂයක් සහිත අවිනිශ්චිත ගිණුමක් විවෘත කෙරෙන බව ඉහත නිදසුනෙන් පැහැදිලි වේ. අදාළ වෙනස අවිනිශ්චිත ගිණුමේ ඇතුළත් කෙරෙන ජ’නල සටහන හා අවිනිශ්චිත ගිණුම පහත දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
රු |
රු |
අවිනිශ්චිත ගිණුම
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
රු |
රු |
අදාළ ගනුදෙනුව හර හා බැර වශයෙන් සටහන් කෙරෙන ගිණුම් දෙකක් ජ’නල සටහනක සාමාන්‍යයෙන් ඇතුළත් වන බව ඔබ ඉහත දි අධ්‍යනය කර ඇත. එහෙත් ශේෂ පිරික්සුමේ වෙනස අවිනිශ්චිත ගිණුමට මාරු කෙරෙන ජ’නල සටහනේ ඇතුළත් වන්නේ එක් සටහනක් පමණි. එය හර හෝ බැර හෝ සටහනක් විය හැකි ය.
අවිනිශ්චිත ගිණුමක් විවෘත කිරිමට සිදු වන්නේ ශේෂ පිරික්සුම සම නොවු අවස්ථාවලදි පමණක් නොවේ. යම් ගනුදෙනුවක ස්වභාවය පිළිබද නිශ්චිතඅවබෝධයක් නැති අවස්ථාවකදි වුව ද අවින්ශ්චිත ගිණුමක් විවෘත කිරිමට සිදු වේ. ව්‍යාපාරය වෙත ලැබුණු චෙක්පතක් සම්බන්ධයෙන් එය එවනු ලැබු පුද්ගලයා හෝ එය එවිමේ හේතුව හෝ චෙක්පත ලද අවස්ථාවේ දි ම පැහිදිලි නොවන විට එහි වටිනාකම මුදල් පොතට හර කර අවිනිශ්චිත ගිණුමකට තාවකාලික ව බැර කිරිම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. එකි චෙක්පත එවු පුද්ගලයා හෝ හේතුව හෝ හදුනා ගත් පසු අදාළ වටිනාකම අවිනිශ්චිත ගිණුමට හර කර අදාළ ගිණුමට බැර කෙරේ. මේ අනුව තාවකාලික ව විවෘත කරන ලද අවිනිශ්චිත ගිණුම වැසි යයි. ශේෂ පිරික්සුමේ වෙනස නිසා ඇතිවන අවිනිශ්චිත ගිණුම පියවන ආකාරය මි ළගට සලකා බලමු.
ශේෂ පිරික්සුමේ වෙනසක් ඇති කරන වැරදි නිශ්චිත ආකාරයකට වර්ග කිරිම අපහසු බැවින් වර්ග කිරිමකින් තොර ව ඒවායින් සමහරක් නිදසුන් මගින් පැහැදිලි කර, නිවැරදි කරන ආකාරය පහත දැක්වේ.
01. ගනුදෙනුවක ස්විත්ව සටහනින් එක සටහනක් පමණක් ගිණුම් පොත්වල නිවැරදි ව සටහන් කර තිබිය දි අනික් සටහන සම්පුර්ණයෙන් ම මග හැරි තිබිම.
ණය හිමියකු වු පියදාසට ගෙවන ලද රු 2 500, මුදල් පොතේ නිවැරදි ව බැර කර ඇතත් එය පියදාසගේ ගිණුමට හර කර නොතිබිම නිදසුනක් ලෙස දැක්විය හැකිය. මේ වරද නිසා ශේෂ පිරික්සුමේ හර ඓක්‍යය රු 2 500කින් අඩු වි තිබෙන අතර ඒ හේතුවෙන් අවිනිශ්චිත ගිණුමේ රු 2 500ක හර ශේෂයක් ඇති වේ. මේ වරද නිවැරදි කිරිමට අදාළ ජ’නල සටහන ද වරද නිවැරදි කිරිමෙන් පසු ලෙජර් ගිණුම් ද පහත දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
රු |
රු 2 500 |
පියදාස
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
රු |
199x.01.01 |
රු |
අවිනිශ්චිත ගිණුම
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
රු |
රු |
02. ගනුදෙනුවක ද්විත්ව සටහනින් එක් සටහනක් අදාළ ගිණුමේ නිවැරදි ව ඇතුළත් කර තිබිය දි අනෙක් ගිණුමේ වැරදි, සංඛ්‍යාවක් දක්වා තිබිම.
ණය ගැතියෙකු වු දුමින්දගෙන් ලද රු 5 100 මුදල් පොතේ නිවැරදිව සටහන් කර ඇති අතර දුමින්දගේ ගිණුමේ රු 1 500ක් ලෙස බැර කර තිබිම නිදසුනක් ලෙස දැක්විය හැකිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අවිනිශ්චිත ගිණුමේ රු 3 600ක බැර ශේෂයක් ඇති වේ. මේ වරද නිවැරදිකිරිම සදහා දුමින්දගේ ගිණුම රු 3 600කින් බැර කිරිමත් අවිනිශ්චිතගිණුම රු 3 600කින් හර කිරිමත් කළ යුතුය. අදාළ ජ’නලසටහන පහත දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
රු |
රු 3 600 |
03. ගනුදෙනුවක ද්විත්ව සටහන් අදාළ ගිණුම් දෙකේ එකම පැත්තේ සටහන් කර තිබිම
අසංක සමාගම වෙත ආපසු යවන ලද රු 1 000ක භාණ්ඩ ආපසු යැවුම් ජ’නලයෙන් ආපසු යැවුම් ගිණුමේ බැරට නිවැරදි ලෙස පිටපත් කර ඇති අතර එය අසංක සමාගමේ ගිණුමට ද බැර කර තිබිම නිදසුනක් ලෙස දැක්විය හැකිය.
අසංක සමාගමේ ගිණුමට හර විය යුතු ඒ රු 1 000 ගිණුමට බැර විම නිසා අසංක සමාගමේ ගිණුමේ බැර ශේෂය රු 2 000කින් වැඩි වි ඇත. මේ වරද නිසා ශේෂ පිරික්සුමේ හර තිරුවේ එකතුව බැර තිරුවේ එකතුවට වඩා රු 2 000කින් අඩු වන අතර ඒ වෙනස අවිනිශ්චිත ගිණුමට ඇතුළත් කෙරේ. මේ වරද නිවැරදි කිරිම සදහා අසංක සමාගමේ ගිණුමට වැරදි ලෙස බැර කර ඇති රු 1 000 ඉවත් කිරිම ද ඒ ගිණුමට හර විය යුතු රු 1 000 ඇතුළත් කිරිම ද කළ යුතු වේ. මේ කාර්ය දෙක ම එක ම ජ’නල සටහනක් මගින් කළ හැකි වේ. ඒ අනුව මේ වරද ිවැරදි කිරිම සදහා අසංක සමාගමේ ගිණුම රු 2 000කින් හර කිරිමත් අවිනිශ්චිත ගිණුම රු 2 000කින් බැර කිරිමත් අවශ්‍ය වේ. අදාළ ජ’නල සටහන පහත දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
රු |
රු 2 000 |
04. එකතු කිරිමේ වැරදි
මුලික සටහන් පොත්වල හෝ ලෙජර් ගිණුම්වල හෝ අයිතම එකතු කිරිමේ දි වැරදිම් සිදු විය හැකිය. මේ වැරදි ශේෂ පිරික්සුමේ වෙනසකට, සමහර අවස්ථාවලදි හේතු වේ. විකුණුම් ජ’නලයේ එකතුව රු 2 000ක් වැඩියෙන් එකතු කර තිබිම නිදසුනක් ලෙස දැක්විය හැකිය. ණයට විකුණුම් සිදු වු විට ඒවා විකුණුම් ජ’නලයේ ඇතුළත්කර සාමාන්‍යයෙන් ඒ අවස්ථාවේ දි ම ණය ගැතියාගේ ගිණුමට හර කරනු ලැබේ. යම් නිශ්චිත කාල සීමාවක් අවසානයේ දි ඒ ජ’නලයේ එකතුව විකුණුම් ගිණුමට බැර කෙරේ. ඒ අනුව විකුණුම් ජ’නලයේ එකතුවෙහි වරදක් ඇති වුවහොත් එය බලපාන්නේ විකුණුම් ගිණුම රු 2 000කින් හර කිරිම ද අවිනිශ්චිත ගිණුම රු 2 000කින් බැර කිරිම ද කළයුතු වේ. අදාළ ජ’නල සටහන පහතදැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
රු |
රු 2 000 |
ලේජර් ගිණුමක් තැලනය කිරිමේ දි එකතුව වැරදි ලෙස සටහන් කිරිමේ අවස්ථාවක් මී ළගට සලකා බලමු. වාහන ගිණුමේ හර පැත්තේ එකතුව රු 10 000ක් අඩුවෙන් දක්වා තිබිම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. මේ වැරද නිවැරදි කිරිම සදහා මෝටර් වාහන ගිණුම රු 10 000කින් හර කිරිම ද අවිනිශ්චිත ගිණුම රු 10 000කින් බැර කිරිම ද අවශ්‍ය වේ. අදාළ ජ’නල සටහන පහත දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
රු |
රු 10 000 |
05. ගිණුම්වල ශේෂ උපුටා ගෙන, ශේෂ පිරික්සුම පිළියෙළ කිරිමේ දි සිදු වන වැරදි
හර ශේෂයක් බැර ශේෂයක් ලෙස ඇතුළත් කර තිබිම, ශේෂයක් උපුටා ගෙන නොතිබිම නියමිත වටිනාකම වෙනුවට වැරදි වටිනාකම ඇතුළත් කර තිබිම මේ වැරදිවලට නිදසුන් වේ. වැරදි නිසා ශේෂ පිරිකුසුමේ ඇති වු වෙනස අවිනිශ්චිත ගිණුමට ඇතුළත් කර ඇති හෙයින් එය අවිනිශ්චිතගිණුමෙන් ඉවත් කිරිම අවශ්‍ය වේ. වේතන ගිණුමේ ශේෂය වු රු 4 700 ශේෂ පිරික්සුමේ රු 7 400ක් ලෙස ඇතුළත් කිරිමේ වරද නිවැරදි කරන ආකාරය සලකා බලමු.
මේ වරද නිසා රු 2 700ක් අවිනිශ්චිත ගිණුමේ බැරට ඇතුළත් වී ඇත. අවිනිශ්චිතගිණුම රු 2 700කින් හර කර, එය අවිනිශ්චිත ගිණුමෙන් ඉවත් කළ යුතුවේ. මේ සදහා අවශ්‍ය ජ’නල සටහන පහත දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
රු |
රු |
මෙබදු නිවැරදි කිරිමක් බලපාන්නේ අවිනිශ්චිත ගිණුමට පමණක් හෙයින් මෙකි නිවැරදි කිරිමේ ජ’නල සටහනක දක්නට ඇත්තේ අවිනිශ්චිත ගිණුමට හර කිරිමක් හෝ බැර කිරිමක් හෝ පමණි.
ශේෂ පිරික්සුමේ ඇති වු වෙනස අවිනිශ්චිත ගිණුමට ඇතුළත් නොකර, අදාළ ගිණුම්වල සටහන් ඇතුළත් කිරිමෙන් පමණක් වුව ද වැරදි නිවැරදි කළ හැකි වේ. මීට ඉහත අංක 4 යටතේ වු නිදසුනෙන් දක්වා ඇති විකුණුම් ජ’නලයේ එකතුව රු 2 000ක් වැඩියෙන් සටහන් වි තිබිම අවිනිශ්චිත ගිණුමකින් තොර ව නිවැරදි කරන ආකාරය පහත සදහන් ජ’නල සටහනින් දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
රු |
රු |
අවිනිශ්චිත ගිණුමට අදාළ වැරදි නිවැරදි කිරිමෙන් පසු ඒ ගිණුමෙහි ශේෂය අහෝසි වේ. වැරදි සියල්ල නිවැරදි කිරිමෙන් පසු නව ශේෂ පිරික්සුමක් පිළියෙළ කෙරේ.
ශේෂ පිරික්සුමේ වෙනසකට තුඩු දෙන වැරදි නිවැරදි කරන ආකාරය අපි ඉහත දි සාකච්ඡා කළෙමු. ශේෂ පිරික්සුමේ හර තිරුවේ එකතුව බැර තිරුවේ එකතුවට සමාන නොවන අවස්ථාවකදි ඒ වෙනසට හේතු පරික්ෂා කර බැලිම සදහා සාමාන්‍යයෙන් අනුගමනය කළ හැකි ක්‍රියා මාර්ග කිහිපයක් පහත දැක්වේ.
- ශේෂ පිරික්සුමේ හර තිරුවේත් බැර තිරුවෙත් ඓක්‍යය අතර පවත්නා වෙනස රු 10, රු 100, රු 1000, රු 10 000 යනාදි වටිනාකමක් වුව හොත් ඒ වෙනසට ඇතුම් විට හේතු විය හැක්කේ එකතු කිර්මේ දි සිදු වු දෝෂයකි. මෙහි දි ප්‍රථමයෙන් ම ශේෂ පිරික්සුමේ තිරු දෙකෙහි ඓක්‍යය නැවත පරික්ෂා කර අවශ්‍ය නම් ලෙජර් ගිණුම්වල හා මුලික පොත්වල එකතු නැවත පරික්ෂා කළ යුතු වේ.
- හර පැත්තේත් බැර පැත්තෙත් එකතු අතර වෙනස 9න් බෙදෙන සංඛ්‍යාවක් වුවහොත් එයින් පැහැදිලි වන්නේ යම් සංඛ්‍යාවක ඉලක්කම් මාරු වි සටහන් වි ඇති බව හෝ සංඛ්‍යාවක තිබු බින්දු ගිලිහි ඇති බව හෝ වේ.
- ශේෂ පිරික්සුමේ වෙනස ඉරට්ටේ සංඛ්‍යාවක් වුවහොත් එය බොහෝ විට ගිණුමක ශේෂයක් පැති මාරු කර ශේෂ පිරික්සුමේ ඇතුළත් කිරිම නිසා වුවක් විය හැකිය. මෙබදු වරදක් ශේෂ පිරික්සුමෙහි පමණක් නොව ගිණුමක වුව ද සිදු විය හැකිය. මෙවැනි වෙනසක් දෙකෙන් බෙදා ලැබෙන පිළිතුරට සමාන සංඛ්‍යාවක් ශේෂ පිරික්සුමේ එකතුව වැඩි පැත්තේ වැරදිමකින් සටහන් කර තිබේ දැයි පිරික්සිය යුතුය.
- ශේෂ පිරික්සුමේ වෙනසට හේතුව ඉහත දැක් වු ක්‍රමවලින් හෙළිදරව් කර ගතනොහැකි නම් ගිණුම්වල ශේෂ සියල්ලම ශේෂ පිරික්සුමෙහි නිසි ලෙස ඇතුළත් කර තිබේ දැයි පර්ක්ෂා කළ යුතු ය.
- මෙකි ක්‍රියා මාර්ගවලින් වුව ද ශේෂ පිරික්සුමේ වෙනසට හේතු සොයා ගතනොහැකිනම් පොත් තැබිමේ ක්‍රියාවලිය පරික්සා කර බැලිම අවශ්‍ය වේ.
වැරදි නිවැරදි කිරිමට අදාළ ගැටළු කිහිපයක්විසදන අයුරු මි ළගට සලකා බලමු.
නිදසුන:
සේනක ප්‍රියලාල්ගේ ව්‍යාපාරයේ 199x.12.31 දිනට සකස් කරන ලද ශේෂ පිරික්සුම සම නොවීය. බැර තිරුවලට වඩා හර තීරුව රු 160කින් වැඩි විය. ඒ වෙනස අවිනිශ්චිත ගිණුමෙහි සටහන් කරන ලදි. පහත සදහන් වැරදි පසුව සොයා ගන්නා ලදි.
- ආපසු එවුම් ජ’නලය එකතු කිරිමේ දි රු 500ක් වැඩි වි ඇත.
- රු 2000ක බැංකු අයිරාව ශේෂ පිරික්සුමේ ඇතුළත් කර ඇත්තේ වැරදි පැත්තේ ය.
- සිරිදාසගෙන් ණයට ගන්නා ලද රු 5 000ක භාණ්ඩවලට අදාළ ගැනුම් ඉන්වොයිසය ගැනුම් ජ’නලයේ ඇතුළත් වී නැත.
- ලද ගෙවල් කුලි රු 1 500 මුදල් පොතේ නිවැරදිව දැක්වුණු අතර ලැබු ගෙවල්කුලි ගිණුමේ වැරදි පැත්තේ සටහන් කර තිබේ.
- පි.ජේ.පෙරේරාට ණයට විකුණන ලද රු 2 000ක භාණ්ඩ ජේ.පී.පෙරේරාගේ ගිණුමට වැරදිමකින් හර කර ඇත.
- ණය ගැතියකු වු දිනේෂ්ගෙන් ලද රු 4 050, මුදල් පොතේ සටහන් වි තිබුණ ද දිනේෂ්ගේ ගිණුමට පිටපත් කර තිබුණේ රු 5 040ක් ලෙසිනි.
- විදුලිය වියදම් ගිණුමේ ශේෂය රු 350, ශේෂ පිරික්සුමට ඇතුළත් වි ඇත.
ඉහත සදහන් වැරදි නිවැරදි කිරිමට අදාළජ’නල සටහන ද අවිනිශ්චිත ගිණුම ද පහත දැක්වේ.
පොදු ජ’නලය
අවිනිශ්චිත ගිණුම
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
1 2 3 4 5 6 7 |
රු 4 000 5 000 3 000 2 000 990 |
රු 500 5 000 3 000 2 000 990 350 |
|||
අවිනිශ්චිත ගිණුම හර |
|||||
ගැනුම් ගිණුම හර |
|||||
අවිනිශ්චිත ගිණුම හර |
|||||
පී.ජේ.පෙරේරා හර |