මේ වැරදි, ශේෂ පිරික්සුමේ තුලනය කෙරෙහි බලපැමක් ඇති නොකරයි. ඒ නිසා ශේෂ පිරික්සුම පරික්ෂා කිරිමෙන් පමණක් මේ ආකාරයේ වැරැද්දක් සිදු වි ඇති බව සොයාගත නොහැකිය. පියදාස සහ සමාගමට ආපසු යවන ලද රු 500ක භාණ්ඩ පිළිබදව කිසිවක් ගිණුම් පොත්වල සදහන් නොවිම නිදසුනක් ලෙස දැක්විය හැකිය. මේ වරද නිවැරදි කිරිම සදහා පියදාස සහ සමාගමේ ගිණුම රු 500කින් හර කර, ආපසුයැවුම් ගිණුම රු 500කින් බැර කළ යුතුය.මෙය කරනු ලබන්නේ ජ’නල සටහනක් පොදු ජ’නලයේ ඇතුළත් කර අදාළ ලෙජර් ගිණුම් දෙකට පිටපත් කිරිමෙනි. අදාළ ජ’නල සටහන පහත දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
199x |
රු |
රු 500 |
02. ගනුදෙනුවක නියමිත වටිනාකම නියමිත ප්‍රමාණයෙන් වෙනස්ව ගිණුම්වල සටහන් ව තිබිම.
මෙහි දි ගනුදෙනුවට අදාළ වටිනාකම අඩුවෙන් හෝ වැඩියෙන් හෝ අදාළ ගිණුම් දෙකෙහි ම සටහන් විම නිසා ශේෂ පිරික්සුමේ තුලනය කෙරෙහි බලපෑමක් ඇති නොවේ. ජයවිරගෙන් ණයට ගත් රු 500ක භාණ්ඩ රු 500ක් ලෙස ගැනුම් ජ’නලයේ සටහන් වීම නිදසුනක් ලෙස දැක්විය හැකිය. මේ නිසා ගැනුම් ගිණුමත් ජයවිරගේ ගිණුමත් රු 4 500 බැගින් අඩුවෙන් සටහන් වි ඇත. මෙය නිවැරදි කිරිම සදහා කළ යුත්තේ ගැනුම් ගිණුම රු 4 500කින් හර කර, ජයවිරගෙ ගිණුම රු 4 500කින් බැර කිරිමයි. අදාළ ජ’නල සටහන පහත දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
රු |
රු 4 500 |
03. හිලව් දෝෂ
සමහර අවස්ථාවලදි එක් ලෙජර් ගිණුමක වටිනාකම වැරදි ලෙස සටහන් කර තිබිය දි එයට සමාන ප්‍රමාණයකින් වෙනත් ලෙජර් ගිණුමක හෝ ගිණුම් කිහිපයක හෝ සිදුවන වරදක් නිසා වැරදි ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවිය හැකිය. ණයට විකුණුම් රු 1 000, විකුණුම් ගිණුමට පිටපත් කිරිමේ දි රු 100ක් ලෙස බැර කර තිබිය දි මුදලින් රෙගවන ලද රු 1 000ක වේතන රු 100ක් ලෙස වේතන ගිණුමට හර කර තිබ්ම නිදසුනක් ලෙස දැක්විය හැකිය. මේ වරද නිවැරදි කිර්ම සදහා වේතන ගිණුමට රු 900ක් හර කළයුතු අතර විකුණුම් ගිණුමට රු 900ක් බැර කළ යුතුය.
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
රු |
රු 900 |
04. මුලධර්ම දෝෂ
ගිණුම්කරණ මුලධර්මවලට පටහැනි ව ගනුදෙනු ගිණුම්ගත කිරිමෙන් මේ දෝෂ ඇති වේ. ව්‍යාපාර ගොඩනැගිල්ලට අලුතෙන් එකතු කර ලද කාමරය ඉදිකිරිම සදහා දැරූ 10 000ක වියදම ගොඩනැගිලි අලුත්වැඩියා කිරිමට හර කර තිබිම නිදසුනක් ලෙස දැක්විය හැකිය. මෙහි දි කර ඇත්තේ ප්‍රාග්ධන වියදමක් අයභාර වියදමක් ලෙස සලකා ගිණුම්ගත කිරිමයි. මේ වරද නිවැරදි කිරිම සදහා ගොඩනැගිලි ගිණුම රු 10 000කින් හර කිරිමත් ගොඩනැගිලි අලුත් වැඩියා ගිණුම රු 10 000කින් බැර කිරිමත් කළ යුතුය. අදාළ ජ’නල සටහන පහත දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
රු |
රු 10 000 |
05. ද්විකරණ දෝෂ
එක ම ගනුදෙනුව ගිණුම් පොත්වල දෙවරක් සටහන් විමෙන් මේ දෝෂ ඇති වේ. පෙරේරා සහ සමාගම වෙත ආපසු යවන ලද රු 750ක භාණ්ඩ ආපසු යැවුම් ජ’නලයේ දෙවරක් සටහන් විම නිසා පෙරේරා සහ සමාගමේ ගිණුමෙහි හා ආපසු යැවුම් ගිණුමෙහි එකි ගනුදෙනුව දෙවරක් සටහන් විම නිදසුනක් ලෙස දැක්විය හැකිය. මෙය ගිණුමෙහි හා ආපසු යැවුම් ගිණුමෙහි එකි ගනුදෙනුව දෙවරක් සටහන් විම නිදසුනක් ලෙස දැක්විය හැකිය. මෙය නිවැරදි කිරිම සදහා කළ යුත්තේ එක් සටහනක් ඉවත් කිරිමයි. ඒ සදහා ආපසු යැවුම් ගිණුම රු 750ක්නි හර කිරිමත් පෙරේරා සහ සමාගමේ ගිණුම රු 750කින් බැර කිරිමත් කළ යුතු වේ. අදාළ ජ’නල සටහන පහත දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
රු |
රු 750 |
06. පිටපත් කිරිමේ දි ඇති වන දෝෂ
ගනුදෙනු ගිණුම්වලට පිටපත් කිරිමේ දි නියමිත ගිණුම වෙනුවට පිටපත් කිරිම නිසා මේ වැරදි ඇති වේ. තම ණය පියවිම සදහා ප්‍රියන්ත පෙරේරාගෙන් ලැබුණු රු 1 000ක චෙක්පත ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ගිණුමට බැර වි තිබිම නිදසුන් වශයෙන් දැක්විය හැකිය. මෙය නිවැරදි කිරිම සදහා ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ගිණුම රු 1 000කින් හර කිරිමත් ප්‍රියන්ත පෙරේරාගේ ගිණුම රු 1 000කින් බැර කිරිමත් කළ යුතු වේ. අදාළ ජ’නල සටහන පහත දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
රු |
රු 1 000 |