ව්‍යාපාර ආයතනයක දිනපතා සිදුවන ගනුදෙනු සංඛ්‍යාව සාමාන්‍යයෙන් විශාල වේ. මේ ගනුදෙනු මුලික පොත්වල සටහන් කිරිමේදීත් ගිණුම්වලට පිටපත් කිරිමේදීත් නොයෙක් වැරදි සිදුවිය හැකිය. ගනුදෙනු සටහන් කිරිමේ නියැලි පුද්ගලයන්ගේ නොසැලකිලිමත්භාවය නිසා හෝ ගිණුම් තැබිමේ ක්‍රියාවලිය පිළිබද අවබෝධය මද විම නිසා හෝ අමතක විම නිසා හෝ වංචා කිරිමේ අදහසින් සිතා මතා ගනුදෙනු වෙනස් කිරිම නිසා හෝ මේ වැරැදි සිදු විය හැකිය.
ව්‍යාපාරයේ ගිණුම්වල ඇතිවන ඉහත සදහන් ආකාරයේ වැරදි නිසා ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵල හා ව්‍යාපාරයේ මුල්‍ය තත්ත්වය පිළිබද නිවැරදි තොරතුරු මුල්‍ය වාර්තාවලින් පිළිඹිඹු නොවනු ඇත. එමෙන් ම ණය හිමි ගිණුම්වලත් ණයගැති ගිණුම්වලත් සිදුවන වැරදි නිසා සමහර අවස්ථාවල දි ව්‍යාපාරයකට නොයෙකුත් අපහසුතාවලට මුහුණ පෑමට සිදු විය හැකිය. ණය ගැතියෙකු සිය ණය පියවිම සදහා ගෙවන ලදමුදලක් නියමිත පරිදි ඔහුගේ ගිණුමේ සටහන් නොවි ඒ ණය මුදල යළි ගෙවන ලෙස ද්වා යැවිම නිදසුනක් ලෙස දැක්විය හැකිය.
ගිණුම්කරණයේ දි සිදුවන වැරදි ඒවායේ ස්වභාවය අනුව පහත සදහන් ආකාරයට වර්ග කළ හැකිය.
- අතිරික්තතා දෝෂ
- ඌනතා දෝෂ (අත් හැරිමේ දෝෂ)
- හිලව් දෝෂ
- මුලධර්ම දෝෂ
- ස්විකරණ දෝෂ (දෙවරක් සටහන් කිරිමේ දෝෂ)
1. අතිරික්තතා දෝෂ
ගනුදෙනුවක් මුලික සටහන් පොත්වල හෝ ලෙජර් ගිණුම්වල හෝ සටහන් කිරිමේ දි එහි නියමිතවටිනාකමට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් හෝ සටහන් විම නිසා සිදුවන වැරදි අතිරික්තතා දෝෂ (errors of omission) නමින් හැදින්වේ.
රු 5 650ක ණයට විකුණුම් රු 6 550ක් ලෙස විකුණුම් ජ’නලයේ සටහන් විම නිදසුනක් ලෙස දැක්විය හැකිය. මෙහි දි රු 5 650හේ ණයට විකුණුම්,ණය ගැතියාගේ ගිණුමට හා විකුණුම් ගිණුමට පිටපත් වි ඇත්තේ රු 6 550ක් ලෙසය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ණය ගැති, විකුණුම් යන ගිණුම් දෙකෙහි ම රු 900 බැගින් වැඩියෙන් සටහන් වි ඇත. එලෙස ම ගිණුම් දෙකෙහි ම වටිනාකම එකම ප්‍රමාණයකින් අඩුවේ සටහන් වන අවස්ථා ද තිබිය හැතිය. මේ ආකාරයට ගනුදෙනුවකට අදාළ ගිණුම් දෙකෙහි ම එකම ප්‍රමාණයකින් වැඩියෙන් හෝ අඩුවෙන් හෝ වැරදි ලෙස සටහන් විම නිසා ශේෂ පිරික්සුමේ හර හා බැර තීරු දෙකේ ඓක්‍යය අතර වෙනසක් ඇති නොවේ.
ගනුදෙනුවක අගය එකගිණුමක නිවැරදි ලෙසත් අනෙක් ගිණුමේ වැරදි ලෙසත් සටහ් වන අවස්ථා ද දැකිය හැකිය. මුදලින් ගෙවු රු 540ක විදුලිය බිල මුදල් පොතේ නිවැරදි ලෙස සටහන් කර තිබුණ ද එය විදුලිය ගාස්තු නිවැරදිව සටහන් කර තිබිය දි අනෙක් ගිණුමේ වැරදි ලෙස සටහන් විමේ හේතුවෙන් ඇති වන අතිරික්තතා දෝෂ නිසා ශේෂ පිරික්සුම තුලනය නොවේ.
2. ඌනතා දෝෂ (අත් හැරිම් දෝෂ)
ගනුදෙනුවක් සම්පුර්ණයෙන් ම හෝ ගනුදෙනුවක ද්විත්ව සටහන්වලින් එක් සටහනක්පමණක් හෝ ගිණුම් පොත්වලින් මග හැරි යාමෙන් සිදුවන වැරදි ඌනතා දෝෂ (errors of omission) යනුවෙන් හැදින්වේ. රු 800ක ණයට විකුණුම් පොත්වලින් සම්පුර්ණයෙන් ම මග හැරි යාම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. මෙහි දි මෙම විකුණුම් ජ’නලයේ සටහන් නොවිම නිසා විකුණුම් හා ණය ගැතියන්ගේ ගිණුම්වලට පිටපත් විමක් සිදු නොවේ. ඒ හේතුවෙන් ණය ගැතියන් ද විකුණුම් ද දැක්වෙන්නේ නියමිත වටිනාකමට වඩා රු 800 බැගින් අඩුවෙනි. මෙසේ ගනුදෙනුවක් පොත්වලින් සම්පුර්ණයෙන් මග හැරි යාම ශේෂ පිරික්සුමේ තුලනයට බලපෑමක් ඇති නොකරයි.
ගනුදෙනුවකට අදාළ ද්විත්ව සටහන්වලින් එක් සටහනක්පමණක් ගිණුම්වලින් මග හැරි යාම මීළගට සලකා බලමු. ව්‍යාපාර අයිතිකරු පුද්ගලික ප්‍රයෝජනය සදහා ව්‍යාපාරයෙන් ලබාගත් රු 500, මුදල් පොතේ නිවැරදිව සටහන් වුව ද එය ගැනිලි ගිණුමෙහි සටහන් නොවිම නිදසුනක් ලෙස දැක්විය හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගැනිලි ගිණුම රු 500ක් අඩුවෙන් දැක්වෙන අතර එය ශේෂ පිරික්සුම තුලනය නොවිමට හේතු වේ.
3. හිලව් දෝෂ
ශේෂ පිරික්සුමෙන් හෙළිදරව් විය යුතු යම් දෝෂයක් වෙනත් ගිණුම්වල කර ඇති ඒ සමාන ප්‍රමාණයන්ගෙන් යුත් අන් දෝෂයක් හෝ දෝෂ හෝ නිසා ශේෂ පිරික්සුමෙන් ඇතැම් විට අනාවරණය නොවේ. ඒවා හැදින්වෙන්නේ හිලව් දෝෂ නමිනි. (compensating errors) වශයෙනි. විකුණුම් ගිණුමේ එකතුව රු 100ක් අඩුවෙන් දක්වා තිබිමත් සේවකයන්ට ගෙවු රු 2 100ක වැටුප්, මුදල් පොතේ නිවැරදිව සටහන් කර තිබු නමුදු වැටුප් ගිණුමට රු 2 000ක් ලෙස හර කර තිබිමත් නිදසුනක් ලෙස දැක්විය හැකිය. මෙහි දි සිදු වි ඇත්තේ විකුණුම් ගිණුමේ බැර ශේෂය රු 100කින් අඩු විමත් වැටුප් ගිණුමේ හර ශේෂය රු 100කින් අඩු විමත්ය. මෙම ශේෂ පිරික්සුම තුලනය කෙරෙහි බලපෑමක් ඇති නොකරයි. එලෙසම, වැඩි විමකට සමාන විමෙන් ද හිලව් දෝෂ ඇති විය හැකිය. ඒ හැර එක් ගිණුමක එක් පැත්තක සිදු වු අඩු වීමකට හෝ වැඩි විමකට හෝ සමාන වටිනාකමකින් තවත් ගිණුමක හෝ ගිණුම් කීපයක හෝ ඒ පැත්තේ වැඩි විම හෝ අඩු විම නිසා ද හිලව් දෝෂ ඇති වේ.
4. මුලධර්ම දෝෂ
මුලධර්ම දෝෂ (errors of principle) යනුවෙන් හැදින්වෙන්නේ ගිණුම්කරණ මුලධර්මවලට පටහැනිව ගනුදෙනුවක් ගිණුම් ගත කිරිමයි. ප්‍රාග්ධන වියදමක් අයභාර වියදමක් ලෙස සටහන් කිරිම මුලධර්ම දෝෂයකි. කාර්යාලියය ප්‍රයෝජනය සදහා රු 20 000කට මිලට ගන්නා ලද රෝනියෝ යන්ත්‍රයේ වටිනාකම කාර්යාල උපකරණ ගිණුමේ සටහන් කිරිම වෙනුවට කාර්යාල වියදම් ගිණුමේ සටහන් කර තිබිම නිදසුනක් ලෙස දැක්විය හැකිය.
5. ද්විකරණ දෝෂ
එකම ගනුදෙනුව මුලික පොත්වල හෝ ලෙජර් ගිණුම්වල හෝ දෙවරක් සටහන් විම ද්විකරණ දෝෂ (duplication errors) වශයෙන් හැදින්වේ. රු 5 000ක ණයට ගැනුම් වෙනුවෙන් ලද ඉන්වොයිසියක් ගැනුම් ජ’නලයේ දෙවරක් සටහන් කිරිම නිදසුනක් ලෙස දැක්විය හැකිය. මෙහි ප්‍රතිඵලය වන්නේ අදාළ ණය හිමියාගේ ගිණුම ද ගැණුම් ද රු 5 000 බැගින් වැඩියෙන් සටහන් විමයි. මෙකි දෝෂ, ශේෂ පිරික්සුමේ තුලනයට බලපෑමක් ඇති නොකරයි.
ඉහත දැක්වු පරිදි දෝෂවල ස්වභාවය අනුව හදුනාගත් වර්ග කිරිමට අමතර ව දෝෂ සිදුවන අවස්ථාව අනුව තවත් වර්ග කිරිමක් ද දැක්විය හැකිය.
ඒ වර්ග කිරිම පහත දැක්වේ.
- මුලික පොත්වල ගනුදෙනු සටහන් කිරිමේ දි සිදුවන දෝෂ
- ගනුදෙනු ලෙජරයට පිටපත් කිරිමේ දි සිදුවන දෝෂ
- ලෙජර් ගිණුම් තුලනය කිරිමේ දි හා ශේෂ පිරික්සුම් උපුටා ගැනිමේ දි සිදුවන දෝෂ
ගිණුම් තැබිමේ ක්‍රියාවලියේ දි මේ ආකාරයට කිසියම් දෝෂයක් සිදු වි ඇත් නම් එය නිවැරදි කිරිම සදහා අවශ්‍ය පියවර ගත යුතුය. ගිණුම් තැබිමේ දි සිදු වු යම් වරදක් නිවැරදි කිරිම සදහා ගිණුම්වල ඇති ඒ වැරදි සටහන් මකා දමා හෝ කපා හැර හෝ ඒවා වෙනුවට නිවැරදි සංඛ්‍යා ඇතුළත් කිරිම, පොත්වලින් ඒ පිටු ඉවත් කිරිම ආදිය කිසි විටෙකත් නොකළ යුතුය. මේ වැරදි නිවැරදි කළ යුත්තේ පොදු ජ’නලය මගිනි. ද්විත්ව සටහන් ක්‍රමය පදනම් කරගෙන ජ’නල සටහනක් පොදු ජ’නලයේ ඇතුළත් කර, අදාළ ගිණුම්වලට පිටපත් කිරිමෙන් මෙය වැරදි නිවැරදි කළ යුතු වේ.
ගිණුම්කරණ ක්‍රියාවලිය තුළ සිදුවිය හැකි වැරදි පිළිබද සාකච්ඡා කිරිමේ දි සමහර වැරදි ශේෂ පිරික්සුමේ තුලනය කෙරෙහි බලපාන බවත් සමහර වැරදි බල නොපාන බවත් කලින් සදහන් කරන ලදි. ගිණුම්කරණයේ දි සිදු විය හැකි වැරදි, ශේෂ පිරික්සුමේ සම විම කෙරෙහි බල නොපාන වැරදි ද බලපාන වැරදි ද ලෙස වෙන් කර හදුනා ගැනිම වැරදි නිවැරදි කිරිමේ කාර්ය සදහා උපකාරි වේ.