ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු ප්‍රථමයෙන් ජ’නලවල ඇතුළත් කර එයට පසු ද්විත්ව සටහන් රිතිය උපයෝගි කර ගනිමින් ලෙජර් ගිණුම්වල සටහන් කරන බව ඔබ මෙයට ඉහත දි ඉගෙන ගෙන ඇත.
සෑම ගනුදෙනුවක් ම එක සමාන හර හා බැර වටිනාකමකින් ලෙජර් ගිණුම්වල ඇතුළත් කෙරෙන නිසා ලෙජරයේ සියලුම හර සටහන්වල එකතුව සියලුම බැර සටහන්වල එකතුවට අනිවාර්යයෙන් ම සමාන විය යුතුය. ව්‍යාපාරයක් නිශ්චය කර ගත් කාලච්ඡේදයක් අවසානයේ දි මේ එකතුවල සමානතාව පරික්ෂා කරන්නේ සියලුම ලෙජර් ගිණුම් තුලනය කර, ඒවායේ හර ශේෂවල එකතුව හා බැර ශේෂවල එකතුව එකිනෙක සැසදිමෙනි. ඒ සදහා පිළියෙළ කෙරෙන තිරු දෙකක් සහිත ලේඛනය, ශේෂ පිරික්සුම නමින් හැදින්වේ. ශේෂ පිරික්සුම ද්විත්ව සටහන් ක්‍රමයේ කොටසක් ලෙස නොසැලකේ. ශේෂ පිරික්සුමක ආකෘතියක් පහත දැක්වේ.
.....................ගේ ව්‍යාපාරයේ 199x.xx.xx දිනට ශේෂ පිරික්සුම
ගිණුමේ නම |
ස.පි. |
හර |
බැර |
|
|
රු X xxx |
රු X xxx |
ලෙජරයේ ඇති ගිණුම් ඒවා පවත්නා අනුපිළිවෙළින් ශේෂ පිරික්සුමේ ඇතුළත් කර ගිණුම්වල පවතින්නේ හර ශේෂ නම් හර තිරුවේ ද බැර ශේෂ නම් බැර තීරුවේ ද එකි වටිනාකම් සටහන් කරනු ලැබේ. සියලුම ගිණුම්වල ශේෂ ඇතුළත් කිරිමෙන් අනතුරුව එක් එක් තිරුව වෙන් වෙන් වශයෙන් එකතු කෙරේ. එවිට ඒ තිරු දෙකේ ඓක්‍යය සමාන විය යුතුය. එසේ නොවන්නේ නම් ගිණුම්කරණ ක්‍රියාවලියේ යම් වරදක් සිදු වි ඇතැයි නිගමනය කළ හැකිය. එසේ ම ශේෂ පිරික්සුමේ පැති දෙකෙහි ඓක්‍යය සමාන වු පමණින් ම ගිණුම්කරණ ක්‍රියා දාමයේ නිරවද්‍යතාවය සනාථනොවේ. හුදෙක් සමාන වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ පොත් තැබීමේ අංකය නිරවද්‍යතාවයි.
ව්‍යාපාර ගනුදෙනු මුලික සටහන් පොත්වල ඇතුළත් කිරිම, ලෙජර් ගිණුම්වල පිටපත් කිරිම ගිණුම් තුලනය කිරිම හා ශේෂ පිරික්සුම පිළියෙළ කිරිම යන මේවා කෙරෙන අයුරු පහත සදහන් නිදසුනින් පැහැදිලි වේ.
199x.01.01 දිනට චුලගේ සිල්ලර වෙළෙද ව්‍යාපාරයේ වත්කම්, වගකිම් හා ප්‍රාග්ධනය පහත සදහන් පරිදි විය.
රු
අත ඉතිරි මුදල් 8 000
බැංකුවේ මුදල් 5 000
ගොඩනැගිලි 2 0 000
බඩු තොගය 4 000
ණය ගැතියෝ
නිශ්ශංක 2 000
සිඩ්නි 1 000
දුමින්ද 3 000
ණය හිමියෝ:
උපුල් 5 000
ලාල් 2 000
රුවන් 1 000
බැංකු ණය 10 000
ප්‍රාග්ධනය 25 000
ජනවාරි මාසය තුළ සිදු වු ගනුදෙනු පහත දැක්වේ.
ජනවාරි රු
01. නිශ්ශංකගෙන් මුදල් ලැබිම 1 900
නිශ්ශංකට දුන් වටිටම 100
අත්පිට විකුණුම් 5 000
සරත් පෙරේරාට ණයට විකුණුම් 1 000
සුළු මුදල් භාරකරුට දුන් මුදල 1 000
02. අත්පිට විකුණුම් 500
03. උපුල්ට චෙක්පතකින් කළ ගෙවිම් 2 000
04. කරුණාසේනගේ ව්‍යාපාරයෙන් 4 000ක බඩු තොගයක් ණයට ගැනිම
කඩ කුලි 1 500ක් චෙක්පතකින් ගෙවිම
05. සුමනදාසගෙන් රු 2 000ක බඩු ණයට ගැනිම
06. පහත සදහන් පුද්ගලයන්ට භාණ්ඩ ණයට විකිණිම.
රු
විල්සන් 500
කමල් සිල්වා 800
ප්‍රියන්ත පෙරේරා 1 000
08. 5% ක මුදල් වට්ටමක් ලබා ගනිමින් ලාල්ගේ ගිණුම පියවිම සදහා චෙක්පතකින්
යැවිම.
රු
අත්පිට විකුණුම් 1 000
රක්ෂණ ගාස්තු ගෙවිම් 800
09. චුල පෞද්ගලික ප්‍රයෝජනය සදහා ව්‍යාපාරයෙන් රු 1 000ක් මුදලින් ලබා ගැනිම.
10. රුවන්ගෙන් රු 5 000ක බඩු ණයට ගැනිම.
12. සිඩ්නිගෙන් රු 1 000ක චෙක්පතක් ලැබිම.
14. වැටුප් රු 2 000ක් ගෙවිම.
15. ව්‍යාපාරයේ පාවිච්චිය සදහා ප්‍රනාන්දු සහ සමාගමෙන් රු 5 000ක ලි බඩු ණයට
ගැනිම.
18. රු 500ක විදුලිය බිල මුදලින් ගෙවිම් 2%ක වට්ටමක් අඩු කර ගෙන දුමින්ද එවා
තිබුණු රු 2 940ක චෙක්පබත ලැබිම.
19. ලැබි ඇති චෙක්පත් බැංකුවේ තැන්පත් කළා.
20. ණයට විකුණුම්: රු
කමල් සිල්වා 1 000
සරත් පෙරේරා 2 000
22. ණයට ගැනුම්: රු
කරුණාසේන 8 000
මයුරි ස්ටෝර්ස් 2 000
23. අත්පිට විකුණුම් 5 000
ඇණවුම් කළ වර්ගයේ භාණ්ඩ සපයා නොතිබුණු නිසා ආපසු එවුම්.
රු
සරත් පෙරේරා 100
කමල් සිල්වා 200
24. රු 2 000ක චෙක්පතක් මුදල් කර ගැනිම.
රු
25. අත්පිට ගැනුම් 3 000
ලොරි කුලි ගෙවිම 500
26. වැඩිපුර සපයා තිබු භාණ්ඩ ආපසු යැවුම්:
රු
මයුරි ස්ටෝර්ස් 500
කරුණාසේන 1 000
28. 5% ක වට්ටමක් අඩු ර ගෙන, සිය ගිණුම පියවීම සදහා කමල් සිල්වා එවා තිබු
තිබු චෙක්පත ලැබිම.
සරත් පෙරේරාගෙන් රු 2 900ක චෙක්පත් ලැබිම
චෙක්පත් චෙකම බැංකුවේ තැන්පත් කළා
කරුණාසේනගෙන් ජනවාරි 04 දින ණයට ගත් භාණ්ඩ වෙනුවෙන් ගෙවිය යුතු මුදල සම්පුර්ණයෙන් පියවිම සදහා රු 3 920ක මුදලින් ගෙවිම.
29. උපුල්ගේ ණය සම්පුර්ණයෙන් පියවිම සදහා රු 2 900ක චෙක්පත් යැීම
රු
30. අත්පිට විකුණුම් 1 000
අත්පිට ගැනුම් 5 000
31. සුළු මුදල් භාරකරුගෙන් ලද වියදම් වවුචර:
ජනවාරි
රු
08. ගමන් වියදම් - වවුචර අංක 01 100
10. තැපැල් ගාස්තු - වවුචර අංක 02 50
12. කුලි වවුචර අංක 03 100
ජන
21. විදුලි පණිවිඩ - වවුචර අංක 04 50
23. සේවකයකු වු පියදාසට වැටුප්
අත්තිකාරම් - වවුචර අංක 05 200
24. ඉන්ධන - වවුචර අංක 06 200
25. ලිපි ද්‍රව්‍ය - වවුචර අංක 07 100
28. ඉන්ධන - වවුචර අංක 08 50
29. සමරතුංග සේවක ණය
වවුචර අංක 09 100
ඉහත සදහන් ගනුදෙනු අදාළ මුලික පොත්වල සටහන් කර, ලෙජරයට පිටපත් කර 199 x ජන 31 දිනට ශේෂ පිරික්සුම සකස් කරන්න.