පෙර කලෙක ඉබ්බෙකුගේ ක්රීයාවක් නිසා සිංහ රාජයෙකු අසුවූ පුවතක් ගැන උපහාසාත්මකව කියැවෙන වන්නමකි.
තාල රූපය : සුලු තනිතිත හෝ මහතනිතිත
බෙර පදය : දොමිකිත කිත දොමි
තානම :
තනත් තනෙන තම් දනත් තනෙන තම් දනත් තනෙන තම්
දනත් තනා තන //
ගීතය :
පෙරත් කලෙක සිහ රජෙක් වැටුණි මහ
ළිදක් තුළට ඉබි ලඩෙක් කරපු වැඩ
ඇරත් මෙහෙම යස වැඩක් වුණේ නැත
චිරත් කලෙක පැවතුමක් යසයි හැඩ
දුරත් බැලුම නොව ළගත් බලන අය
හටත් එලෙස වෙය කැටත් තබමි දඩ
වටත් අයට දැනෙනටත් කියමි මම
රටක් වටින සිහරජ වන්නමෙ හැඩ
කස්තිරම :
රුංතක ජිංතක තරිකිට කුංදත් ///
තාග් ගජිංතක තරිකිට කුංදත්
රුංතක ජිංජිං තකුතක ජිංජිං
රුංතක ජිංතක තරිකිට කුඳකුඳ
තාග් ගජිංතක තරිකිට කුකුඳත්
රුංතක ජිංතක තරිකිට කුංදත් තා
සීරුමාරුව :
තකුතක ජිජිකුඳ ගජිත ගජිත කුඳ
ගජිගත දොද්දොං තා
දොද්දොං තා දොද්දොං
තා කුජිත්ත ගත දොමිකිට
තරිකිට කුංදත් තා
අඩවුව :
තාං දොමිති ගත දොමිකිට
කඩතක තරිකිට
කිතක දොමිතිගත කිත්තක්
කුඳකුඳ තා ///
කුජිත්ත ගත දොමිකිට
තරිකිට කුංදත් තා
ප්රස්ථාරය :