පොදු ජනලය
 

පොදු ජනලය

ව්‍යාපාරයක සිදුවන සෑම ගනුදෙනුවක් ම ලෙජරයේ සටහන් කිරිමට පෙර කිසියම් මුලික සටහන් පොතක ඇතුළත් කළ යුතු බව කලින් සදහන් කරන ලදි. ඉහත සදහන් කරන ලද මුදල් පොතෙත් අනෙකුත් ජ’නලවලත් සටහන් කරන ලද ගනුදෙනුවලට අමතරව විවිධ ස්වරුපයේ ගනුදෙනු ද ව්‍යාපාරයක දැකිය හැකිය. ඒ ගනුදෙනු පොදුවේ සටහන් කෙරෙන මුලික සටහන් පොත පොදු ජ’නලය හෙවත් ප්‍රධාන ජ’නලය ලෙස හදුන්වනු ලැබේ. පොදු ජ’නලයක ඇතුළත් කරනු ලබන සටහන් පහත සදහන් අයුරු වර්ග කළ හැකිය.

  1. ආරම්භක සටහන්
  2. ස්ථාවර වත්කම් ණයට ගැනුම් හා ණයට විකුණුම් පිළිබද සටහන්
  3. වැරදි නිවැරදි කිරිම පිළිබද සටහන්
  4. ගැළපුම් සටහන් (adjusting entries)
  5. අනෙකුත්මාරු කිරිම් පිළිබද සටහන්
  6. පියවිම් සටහන්

ගනුදෙනු, පොදු ජ’නලයක සටහන් කිරිම සදහා භාවිතා කෙරෙන මුලික ලේඛනය ජ’නලය වවුචරය යි. මෙය සකස් කිරිම සදහා ඉන්වොයිසි, කළමනාකරණ තීරණ ඇතුළත් ලියවිලි, රැස්විම් වාර්තා,කාල පත්‍ර යනාදි තහවුරු ලේඛන උපයෝගි කර ගැනේ. පොදු ජ’නලයක සරල ආකෘතියක් පහත දැක්වේ.

දිනය

වවුචර අංකය

විස්තරය

ලෙජර් පිටු අංකය

හර

බැර

1

2

හර කළ යුතු ගිණුමේ නම හර
බැර කළ යුතු ගිණුමේ නම
සංලක්ෂ්‍යය
3

4

රු

5

රු

6

ගනුදෙනුව සිදු වු දිනය පළමු වන තිරුවේ සටහන් කෙරේ. තහවුරු ලේඛනවලට අදාළ ජ’නලවවුචර අංකය සටහන් කෙරෙන්නේ දෙවනතිරුවේ ය. තුන්වන තීරුවේ ගනුදෙනු හර කළ යුතු ගිණුමේ නම ප්‍රථමයෙන් ලියනු ලැබේ. එයට අදාළ වටිනාකම පස්වන තීරුවේ සටහන් කෙරේ. බැර සටහන ඇතුළත් කෙරෙන ගිණුමේ නම තුන්වන තීරුවේ හර කළ යුතු ගිණුමේ නමට පහළින් එහෙත් මදක් දකුණින් ඊ ළග පේළියේ ලියනු ලැබේ. අදාළ බැර සටහනේ වටිනාකම හයවන තීරුවේ සටහන් කෙරේ. තුන්වන තිරුවේ බැර සටහනට පහළින් ගනුදෙනුව පිළිබද විස්තරයක් පැහැදිලිව ලුහුඩින් ලිවිය යුතුය. මෙය සංලක්ෂ්‍යය (narration) නමින් හැදින්වේ. ගනුදෙනුවේ හර හා බැර සටහන් ඇතුළත් කරන ගිණුම්වලට අදාළ පිටු අංක හතර වන තීරුවේ සටහන් කෙරේ.

ගනුදෙනුවක් හර හා බැර කරනු ලබන ගිණුම්වල නම් ද ඒවායේ වටිනාකම් ද ගනුදෙනුව පිළිබද කෙටි පැහැදිලි කිරිමක් සහිත ව පොදු ජ’නලයේ ඇතුළත් කෙරෙන ලිඛිත විස්තරය ජ’නල සටහනක් ලෙස හැදින්වේ. එලෙස ගනුදෙනුවක් සටහන් කිරිම (journalise) ලෙස සැලකේ.

  1. ආරම්භක සටහනක්

 

ව්‍යාපාරයක් ආරම්භ කරන අවස්ථාවේ දි හෝ අලුත් ගිණුම් කාලච්ඡේදයක් ආරම්භ කරන අවස්ථාවේ දි හෝ එදිනට පැවති වත්කම්, වගකිම් හා ප්‍රාග්ධනය ජ’නලගත කිරිම ආරම්භක සටහන් ජ’නලගත කිරිම ලෙස හැදින්වේ.

නිදසුන:

ජයතිස්ස වෙළෙද ව්‍යාපාරයේ නව ගිණුම් වර්ෂය ඇරඹෙන 199x.04.01 දිනට තිබු වගකිම් හා ප්‍රාග්ධනය පහත දැක්වේ.

රු
ප්‍රාග්ධනය 125 000
ගොඩනැගිලි 100 000
ලි බඩු උපකරණ 50 000
මෝටර් රථය 50 000
බැංකු ණය 50 000
සිරිදාසගේ ගත් ණය 25 000

මේ වත්කම්, වගකිම් හා ප්‍රාග්ධනය පොදු ජ’නලයේ ඇතුළත් කරන්නේ පහත සදහන් අයුරුය.

පොදු ජ’නලය පිටු අංකය 25


දිනය

වවුචර අංකය

විස්තරය

ලේජර් පිටු අංකය

හර

බැර

199x
.04.01

01

ගොඩනැගිලි ගිණුම හර
ලි බඩු උපකරණ ගිණුම හර
මෝටර් රථ ගිණුම හර
ප්‍රාග්ධන ගිණුම
බැංකු ණය ගිණුම
සිරිදාසගේ ණය ගිණුම
199x.04.01 දිනට ව්‍යාපාරයේ පැවති වත්කම්, වගකිම් හා ප්‍රාග්ධනය සටහන් කිරිම

02
04
05
01
06
03

රු
100 000
50 000
50 000

200 000

රු

125 000
50 000
25 000

200 000

අදාළ ලෙජර් ගිණුම පහත සදහන් පරිදි වේ.

ගොඩනැගිලි ගිණුම
ලෙ.පි.02

ශේෂය

පො.ජ.25


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x.04.01

රු
100 000

199x

රු

ලී බඩු ගිණුම
ලෙ.පි.04

ශේෂය

පො.ජ.25


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x.04.01

රු
50 000

199x

රු

මෝටර් රථ ගිණුම
ලෙ.පි. 05

ශේෂය

පො.ජ.25


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x.04.01

රු
50 000

199x

රු

බැංකු ණය ගිණුම
ලෙ.පි.06

ශේෂය

පො.ජ.25


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x

රු

199x.04.01

රු
50 000

ණය (සිරිදාස) ගිණුම
ලෙ.පි.03

ශේෂය

පො.ජ.25


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x

රු

199x.04.01

රු
25 000

ප්‍රාග්ධන ගිණුම
ලෙ.පි.01

ශේෂය

පො.ජ.25


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x

රු

199x.04.01

රු
125 000

(c) Shilpa Sayura Foundation 2006-2017