ආපසු එවුම් ජංනලය
 

ව්‍යාපාරය භාණ්ඩ ණයට විකුණු ගනුදෙනුකරුවන් විසින් විවිධ හේතු නිසා ව්‍යාපාරය වෙත භාණ්ඩ ආපසු එවනු ලබන අවස්ථා ඇත. මෙසේ ආපසු එවන භාණ්ඩ ආපසු එවුම් හෙවත් හැර වු විකුණුම් (sales returns) ලෙස හැදින්වේ. ආපසු එවුම් සටහන් කරන මුලික පොත ආපසු එවුම් ජ’නලය වේ. භාණ්ඩ ආපසු එවිමට හේතු, ආපසු යැවුම් ජ’නලය යටතේ දක්වා ඇති හේතුවලට සමානය. විකුණු භාණ්ඩ ආපසු එවු විට ව්‍යාපාර‍ය ගැනුම්කරු වෙත නිකුත් කරන ලියවිල්ල බැර පත නම් වේ. ආපසු එවුම් ජ’නලය සටහන් කිරිමේ දි භාවිතා කෙරෙන මුලික ලියවිල්ල වන්නේ මේ බැර පතයි. මෙසේ භාණ්ඩ ආපසු එවිම නිසා ණය ගැතියාගෙන් ලැබිය යුතු මුදල අඩු වේ. ආපසු එවුම්වල වටිනාකම, ණය ගැතියාගේ ගිණුමට බැර කළ බව ඔහු වෙත දැනුම් දිම සදහා බැර පත භාවිතා කෙරේ. දිනය, බැරපත් අංකය, භාණ්ඩ පිළිබද විස්තරය හාවටිනාකම, ආපසු එවිමට හේතු යනාදිය බැර පතක ප්‍රධාන වශයෙන් ඇතුළත් වන කරුණු වේ. ආපසු එවුම් ජ’නලයක ආකෘතියක් පහත දැක්වේ.

ආපසු එවුම් ජ’නලය
පිටු අංකය


දිනය

බැරපත් අංකය

ගැනුම්කරු

භාණ්ඩ පිළිබද විස්තර

මුළු වටිනාකම

ලෙජර් පිටු අංකය

විස්තරය

ප්‍රමාණය

ඒකක මිල

වටිනාකම

199x

රු

රු

රු

ආපසු එවුම් ජ’නලයේ සටහන් ඇතුළත් කළ පසු ඒ ඒ ආපසු එවුම්වල වටිනාකම අදාළ ණය ගැතියන්ගේ ගිණුම්වලට සාමාන්‍යයෙන් දෛනිකව බැර කෙරේ. නිශ්චිත කාලච්ඡේදයකට (සාමාන්‍යයෙන් මාසයකට) අදාළ එකතුව ආපසු එවුම් (හැර වු විකුණුම්) ගිණුමට හර කෙරේ.

නිදසු:
ආර්.එස්. චරිත්ගේ ව්‍යාපාරයේ 199x දෙසැම්බර් මාසය තුළ ආපසු එවුම් පිළිබද විස්තර පහත දැක්වේ.

199x
දෙසැ 10 - මයුර සමාගමෙන් ආපසු ලද භාණ්ඩ බැර පත් අංක 36

එකක් රු 20 බැගින් සැමන් ටින් 20
පැකට් එකක් රු 10 බැගින් පපඩම් පැකට් 30
බෝතලයක් රු 20 බැගින් විනාකිරි බෝතල් 20
විකිණිමේ දි අඩු කළ වට්ටම 10%

ඇණවුම් කළ වර්ගවලට වෙනස් වර්ග එවා ිබිම.

දෙසැ 20 - දිපිකා ව්‍යාපාරිකයෝ ආපසු එවු භාණ්ඩ බැර පත් අංක 37

කිලෝග්රූම් 1ක් රු 80 බැගින් කරවල කිලෝග්රූම් 50
කිලෝග්රූම් 1ක් රු 40 බැගින් මුංඇට කිලෝග්රූම් 50
කිලෝග්රූම් 1ක් රු 50 බැගින් කඩල කිලෝග්රූම් 75
කිලෝග්රූම් 1ක් රු 45 බැගින් පරිප්පු කිලෝග්රූම් 100
විකිණිමේ දි අඩු කළ වට්ටම 10%

පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ සපයා තිබිම.

දෙසැ 25 - ජයන්තා සමාගම ආපසු එවු භාණ්ඩ බැර පත් අංක 38

එකක් රු 1ක බැගින් වු ගිනිපෙට්ටි 100
එකක් රු 10 බැගින් වු කහ කුඩු පැකට් 50
එකක් රු 8 බැගින් වු මිරිස් කුඩු පැකට් 50
එකක් රු 5 බැගින් වු පපඩම් පැකට් 50

ඇණවුම් කළ ප්‍රමාණයට වැඩියෙන් සපයා තිබිම.

ඉහත සදහන් තොරතුරු ආපසු එවුම් ජ’නලයේ සටහන් කරන අයුරු හා අදාළ ලෙජර් ගිණුම්වලට පිටපත් කරන ආකාරය පහත දක්වා ඇත.

ආපසු එවුම් ජ’නලය
පිටු අංකය 40

36

මයුර සමාගම

සැමන්
පපඩම්
විනාකිරි

අඩු කළා
10%වට්ටම

ටින් 20
පැ 30
බෝ 20

06

12 825

07

1 650

08


දිනය

බැරපත් අංකය

ගැනුම්කරු

භාණ්ඩ පිළිබද විස්තර

මුළු වටිනාකම

ලෙජර් පිටු අංකය

විස්තරය

ප්‍රමාණය

ඒකක මිල

වටිනාකම

199x
දෙසැ 10

රු
20
10
20

රු
400
300
400

1 100
110

රු

990

20

37

දිපිකා ව්‍යාපාරිකයෝ

කරවල
මුං ඇට
කඩල
පරිප්පු

අඩු කළා
10%වට්ටම

50kg
50kg
75kg
100kg

80
40
50
45

4 000
2 000
3 750
4 500

14 250
1 425

25

38

ජයන්තා සමාගම

ගිනි පෙට්ටි
කහ කුඩු
මිරිස් කුඩු
පපඩම්

100
පැ.50
පැ.100
පැ.50

01
10
08
05

100
500
800
250

ආපසු එවුම්
ගිණුම්ට හර කළා

15 465

22

ආපසු එවුම් ගිණුම
ලෙ.පි. 22

විවිධ ණය ගැතියෝ


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
දෙසැ 31

ආ.එ.ජ.40

රු
15 465

199x

රු

මයුර සමාගම
ලෙ.පි.05

විකුණුම්

xx

ආ.එ.ජ.40


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
Xx xx

රු
X xxx

199x
දෙසැ 10

ආපසු එවුම්

රු
990

දිපිකා ව්‍යාපාරිකයෝ
ලෙ.පි. 07

විකුණුම්

Xx

ආපසු එවුම්

ආ.එ.ජ.40


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
Xx xx

රු
Xx xxx

199x
දෙසැ 20

රු
12 825

ජයන්තා සමාගම
ලෙ.පි.08

විකුණුම්

Xx

ආපසු එවුම්

ආ.එ.ජ.40


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
Xx xx


X xxx

199x
දෙසැ 25

රු
1 650

ඉහත සාකච්ඡා කෙරුණු ජ’නලවලට අමතරව වෙනත් දෛනික ජ’නල ද සමහර ව්‍යාපාර, ඒවායේ ව්‍යාපාරික කටයුතුවල ස්වභාවය අනුව පවත්වා ගෙන යනු දැකිය හැකිය. විනිමය බිල්පත්වලින් ගනුදෙනු කරන සමහර ව්‍යාපාර ලැබිය යුතු විනිමය බිල්පත් ජ’නලයක් ද ගෙවිය යුතු බිල්පත් ජ’නලයක් ද පවත්වා ගෙන යෑම නිදසුනක් ලෙස දැක්විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017