ව්‍යාපාරයක් භාණ්ඩ ණයට විකිණිමේ දි ඒ පිළිබද ව සටහන් තැබිමට යොදා ගන්නා මුලික පොත, විකුණුම් ජ’නලය වේ. මෙය සකස් කිරිමට ඉවහල් කර ගන්නේ ව්‍යාපාරය ගැනුම්කරුට නිකුත් කරන ඉන්වොයිසියේ පිටපතකි. දිනය, අංකය, ගැනුම්කරුගේ නම සහ ලිපිනය, විකුණන භාණ්ඩ වර්ගය, ඒකක මිල, වෙළෙද වට්ටම්, මුදල් ගෙවිමේ කොන්දේසි යනාදිය ඉන්වොයිසියක ඇතුළත් වේ. විකුණුම් ජ’නලයක ආකෘතියක් පහත දැක්වේ.
විකුණුම් ජ’නලය
පිටු අංකය
දිනය |
ඉන්වොයිසි අංකය |
ගැනුම්කරු |
භාණ්ඩ පිළිබද විස්තර |
මුළු වටිනාකම |
ලෙජර් පිටු අංකය |
|||
විස්තරය |
ප්‍රමාණය |
ඒකක මිල |
වටිනාකම |
|||||
199x |
රු |
රු |
රු |
දෛනික විකුණුම් ජ’නලයේ සටහන් කිරිමෙන් පසු ඒ ඒ ණය ගැතියන්ට අදාළ විකුණුම්වල වටිනාකම් ලෙජරයේ ඇති ඔවුන්ගේ ගිණුම්වලට සාමාන්‍යයෙන් දෛනික ව හර කෙරෙන අතර ව්‍යාපාරය විසින් නිශ්චය කරනු ලබන කාලච්ඡේදයක් (සාමාන්‍යයෙන් මාසයක්) අවසානයේ දි විකුණුම් ජ’නලයේ මුළු වටිනාකම් තිරුවෙහි එකතුව වටිනාකම් ගිණුමට බැර කෙරේ.
නිදසුන :
විමල්ගේ සිල්ලර වෙළෙද ව්‍යාපාරයේ 199x ඔක්තෝබර් මාසයේ ණයට විකුණුම් පහත සදහන් පරිදි විය.
199x ඔක් 05 - ආර්.එස්. පෙරේරාට ඉන්වොයිසි අංක 35 යටතේ විකුණුම්
කිලෝග්රෑම් 1ක් රු 24 බැගින් සිනි කිලෝග්රෑම් 100
කිලෝග්රූම් 50 මිටියක් රු 600 බැගින් හාල් මිටි 10
කිලෝග්රෑම් 1ක් රු 80 බැගින් මිරිස් කිලෝග්රෑම් 25
කිලෝග්රෑම් 1 ක් රු 80 බැගින් තේ කිලෝග්රෑම් 50
දුන් වට්ටම් 5%
ඔක් 15 - කේ සරත්ට ඉන්වොයිසි අංක 36 යටතේ විකුණු භාණ්ඩ
එකක් රු 20 බැගින් විනාකිරි බෝතල් 20
එකක් රු 20 බැගින් සැමන් ටින් 50
එකක් රු 4 බැගින් පපඩම් පැකට් 50
වට්ටම 2%
ඔක් 22 - එන්.එල්.සිරිපාලට ඉන්වොයිසි අංක 37 යටතේ විකුණුම් භාණ්ඩ
පරිප්පු කිලෝග්රෑම් 1ක් රු 45 බැගින් කිලෝග්රෑම් 100
මුං ඇට කිලෝග්රෑම් 1ක් රු 40 බැගින් කිලෝග්රෑම් 50
රතු ලුනු කිලෝග්රෑම් 1ක් රු 28 බැගින් කිලෝග්රෑම් 20
සුදු ලුනු කිලෝග්රෑම් 1ක් රු 40 බැගින් කිලෝග්රුම් 20
දුන් වට්ටම 5%
ඉහත සදහන් තොරතුරු විකුණුම් ජ’නලයෙ සටහන් කරන ආකාරය හා අදාළ ලෙජර් ගිණුම්වලට පිටපත් කරන අයුරු 53 – 54 පිටුවල දැක්වේ.
විකුණුම් ජ’නලය
පිටු අංකය 45
දිනය |
ඉන්වොයිසි අංකය |
ගැනුම්කරු |
භාණ්ඩ පිළිබද විස්තර |
මුළු වටිනාකම |
ලෙජර් පිටු අංකය |
|||
විස්තරය |
ප්‍රමාණය |
ඒකක මිල |
වටිනාකම |
|||||
199x |
රු |
රු 14 400 |
රු 13 680 |
|||||
15 |
36 |
කේ සරත් |
විනාකිරි අඩු කළා |
බෝතල් 20 |
20 |
400 1 600 |
||
22 |
37 |
එන්.එල්.සිරිපාල |
පරිප්පු අඩු කළා |
100kg |
45 |
4 500 7 860 |
||
විකුණුම් ගිණුමට බැර කළා |
22 715 |
10 |
විකුණුම් ගිණුම
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
199x |
රු |
199x |
විවිධ ණය ගැතියෝ |
රු |
ආර්.එස්.පෙරේරා
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
199x |
රු |
199x |
රු |
එන්.එල්.සිරිපාල
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
199x |
රු |
199x |
රු |