ව්‍යාපාරයක එදිනෙදා මුදලින් කෙරෙන ගනුදෙනු සියල්ල සටහන් කෙරෙන්නේ මුදල් බොතේහි බව ඔබ ඉහත දි අධ්‍යනය කර ඇත. ව්‍යාපාරයක සිදිවන මුදල් ගනුදෙනු ඉතා අඩු වටිනාකමක සිට විශාල වටිනාකමක් දක්වා වෙනස් වේ. එලෙස ම ව්‍යාපාරයේ ස්වභාවය අනුව එක් ව්‍යාපාරයක මුදල් ගනුදෙනු සංඛ්‍යාව බෙහෙවින් අධික විය හැකි අතර තව ව්‍යාපාරයක එය ඉතා අඩු විය හැකිය. ඒ නිසා විශාල ප්‍රමාණයක මුදල් ගනුදෙනු ඇති ව්‍යාපාරයක නිතර නිතර සිදුවන, අඩු වටානාකමින් යුත් මුදල් ගනුදෙනු ප්‍රධාන මුදල් පොතෙහි ම සටහන් කළ හොත් එය අනවශ්‍ය පරිදි සංකිර්ණ වන අතර මුදල් පාලනය ද අපහසු වේ. එහෙයින් අඩු වටිනාකමකින් යුත් නිතර නිතර සිදුවන මුදලින් කරන ගෙවිම් සටහන් කිරිම සදහා වෙනම ම මුදල් පොතක් පවත්වා ගනු දැකිය හැකිය. එය සුළු මුදල් පොත නමින් හැදින්වේ. සුළු මුදල් පොතක් පවත්වා ගෙන යාමේ දි එය භාරව කටයුතු කිරිම සදහා ව්‍යාපාරය වෙන ම පුද්ගලයෙකු පත් කර ගනි. ඔහු සුළු මුදල් භාරකරු (petty cashier) නමින් හැදින්වේ. තැපැල් ගාස්තු, කුලිකරුවන්ට ගෙවීම්, ගමන් ගාස්තු, සුළු සංග්‍රාහ වියදම් යනාදිය සුළු මුදල් භාරකරු කරන ගෙවිම්වලට නිදසුන්ය.