ද්විත්ව තිරු මුදල් පොත
 

බොහෝ ව්‍යාපාර ආයතන ඒවායේ ව්‍යාපාර ගනුදෙනු සදහා ව්‍යවහාර මුදල්වලට අමතරව චෙක්පත් ද භාවිතා කරයි. මෙසේ චෙක්පත් භාවිතා කිරිම සදහා ව්‍යාපාරය වෙනුවෙන් බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරිම අවශ්‍ය වේ. ව්‍යාපාරයට ලැබෙන චෙක්පත් ද කාසි හා නෝට්ටු ද ජංගම ගිණුමක තැන්පත් කළ හැකිය. මෙසේ ව්‍යවහාර මුදලින් ද ඉැකු ජංගම ගිණුම් මගින් ද කෙරෙන ගනුදෙනු සටහන් කිරිම සදහා මුදල් හා බැංකු තිරු සහිත මුදල් හා බැංකු තිරු සහිත මුදල් පොතක් උපයෝගි කර ගත හැකිය. මේ මුදල් ද්විත්ව තිරු පොත හෙවත් දෙකේ මුදල් පොත නමින් හැදින්වේ. වටිනාකම් දැක්විම සදහා තනි තිරු මුදල් පොතේ එක් පැත්තක ඇත්තේ එක තිරුවක් පමණි. එහෙත් ද්විත්ව තිරු මුදල් පොතේ එක් පැත්තක තිරු දෙක බැගින් ඇත. එක් තිරුවක් මුදල් යනුවෙන් ද අනික බැංකු යනුවෙන් ද හැදින්වේ. ව්‍යාපාරයේ මුදලින් කරන ගනුදෙනු මුදල් තිරු දෙකෙන් ද ව්‍යාපාරයේ බැංකු ජංගම ගිණුම මගින් කරන ගනුදෙනු බැංකු තිරු දෙකෙන් ද පෙන්නුම් කෙරේ. ද්විත්ව තිරු මුදල් පොතක ආකෘතිය පහත දැක්වේ.

මුදල් පොත


දිනය

ලදුපත් අංකය

විස්තරය

ස.පි.

මුදල්

බැංකු

දිනය

වවුචර අංකය

විස්තරය

ස.පි.

මුදල්

බැංකු

199x

රු

රු

199x

රු

රු

ජංගම ගිණුමක් විවෘත කර එහි මුදල් තැන්පත් කිරිම හා ව්‍යාපාරයේ කටයුතු සදහා ඒ ජංගම ගිණුමෙන් මුදල් ලබා ගැන්ම ද්විත්ව තිරු මුදල් පොතක සටහන් කෙරෙන අයුරු පහත නිදසුනෙන් පැහැදිලි වේ.

නිදසුන : එස්. ආර්. පෙරේරාගේ ව්‍යාපාරයේ 199x මාර්තු 01 දිනට මුදල් ශේෂය රු 50 000කි. ඔහු එදින ඒ මුදලින් රු 30 000ක් තැන්පත් කරමින් ජංගම ගිණුමක් ආරම්භ කඝේය. චෙක්පතක් මාර්තු 05 දින නිකුත් කර, ව්‍යාපාරයේ කටයුතු සදහා රු 10 000ක මුදලක් ලබා ගත්තේය. මේ ගනුදෙනු මුදල් පොතේ සටහන් කෙරෙන අයුරු පහත දැක්වේ.

මුදල් පොත

ශේෂය ඉ/ගෙ
මුදල්
බැංකු

ප්‍රති
ප්‍රති

බැංකු
මුදල්

ප්‍රති
ප්‍රති


දිනය

ලදුපත් අංකය

විස්තරය

ස.පි.

මුදල්

බැංකු

දිනය

වවුචර අංකය

විස්තරය

ස.පි.

මුදල්

බැංකු

199x
මාර්තු 01

05

රු
50 000

10 000

රු

30 000

199x
මාර්තු 01
05

රු
30 000

රු

10 000

බැංකු ජංගම ගිණුම ආරම්භ කිරිමත් සමග ම මුදල් හා බැංකු තිරු සහිත මුදල් පොතක් පවත්වා ගැනිම අවශ්‍ය වේ. ඒ අනුව මාර්තු 01 දින අතැති මුදල වන රු 50 000 මුදල් පොතේ හර පැත්තේ මුදල් තිරුවේ ආරම්භක ශේෂය ලෙස දක්වා ඇත. බැංකුවේ මුදල් තැන්පත් කිරිම නිසා අතැති මුදල රු 30 000කින් අඩු වන අතර බැංකු මුදල රු 30 000ක් වේ. මේ ගනුදෙනුව මුදල් තිරුව බැර කිරිමෙන් හා බැංකු තිරුව හර කිරිමෙන් සටහන් කර ඇත. මෙහි දි හර, බැර යන ද්විත්ව සටහන් දක්වා ඇත්තේ මුදල් පොත තුළමය. එහෙයින් සහළ පිටුව යන තිරුවේ ‘ප්‍රති සටහන’ දැක්විමට ‘ප්‍රති’ යන්න ලියා ඇත.

ව්‍යාපාරයේ කටයුතු සදහා චෙක්පතක් මුදල් කර රු 10 000ක් ලබා ගැනිම බැංකු තිරුව බැර කිරිමෙන් හා මුදල් තිරුව හර කිරිමෙන් සටහන් කර ඇත. මෙය ද ප්‍රති සටහනකි.

ව්‍යාපාරයට ලැබෙන මුදල් තනි තීරු මුදල් පොතක සටහන් ‍කරන්නාක් මෙන් ම ද්විත්ව තිරු මුදල් පොතේ ද මුදල් තිරුවට හර කෙරේ. ලැබෙන චෙක්පත් ද මුදල් තිරුවට ඒ අයුරින් ම හර කෙරේ. මේ චෙක්පත් බැංකුවේ තැන්පත් කරන තාක් බැංකු ජංගම ගිණුමේ ගනුදෙනු වශයෙන් සැලකිය නොහැකි හෙයින් බැංකු තීරුවට ‘හර’ කරනු ලැබේ. (ව්‍යාපාරයට ලැබෙබන චෙක්පත් එදිනම බැංකුවේ තැන්පත් කිරිම වඩා සුදුසු ක්‍රමය වුවද සාමාන්‍යයෙන් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේ.)

නිදසුන:

01.ජනවාරි 02 - ණය ගැතියෙකු වු පියදාසගෙන් රු 1 000ක් ලැබිම.
02. ජනවාරි 03 - ණය ගැතියකු වු පියල්ගෙන් රු 2 000ක වටිනාකම සහිත චෙක්පත් ලැබිම.

මේ ලැබිම් දෙකම මුදල් තිරුවට ‘හර’ කරනු ලැබේ.

ව්‍යාපාරයේ මුදලින් කරන ලද ගෙවීම් මුදල් තිරුවට ‘බැර’ කරන අතර චෙක්පත්වලින් කරන ලද ගෙවිම් බැංකු තිරුවට බැර කෙරේ.

නිදසුන:

  1. ජනවාරි 04 - රු 600ක විදුලිය බිලක් මුදලින් ගෙවිම
  2. ජනවාරි 05 - රු 5 000ක වැටුප් චෙක්පතකින් ගෙවිම

 

මෙහි රු 600ක විදුලිය බිල ගෙවිම මුදල් තිරුවට බැර කෙරෙන අතර රු 5 000ක වැටුප් ගෙවිම බැංකු තිරුවට බැර කරනු ලැබේ. ඉහත සදහන් ගනුදෙනු ද්විත්ව තිරු මුදල් පොතේ සටහන් කරන අයුරු පහත දැක්වේ.

 

මුදල් පොත

පියදාස
පියල්

විදුලිය
වැටුප්


දිනය

ලදුපත් අංකය

විස්තරය

ස.පි.

මුදල්

බැංකු

දිනය

වවුචර අංකය

විස්තරය

ස.පි.

මුදල්

බැංකු

199x
ජන
02
03

රු

1000
2000

රු

199x
ජන
04
05

රු

600

රු

5000

ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද චෙක්පත් ද ව්‍යාපාරයට ලැබි බැංකුවේ තැන්පත් කරන ලද චෙක් පත් ද අගුරු වන අවස්ථා ඇත. චෙක්පතේ ඇති වරදක් නිසා හෝ චෙක්පත දුන් පුද්ගලයාගේ ගිණුමේ මුදල් නැති නිසා හෝ බැංකුව චෙක්පත ප්‍රතික්ෂේප කිරිම, අගුරු විම යනුවෙන් හැදින්වේ. පුද්ගලයකුගෙන් ව්‍යාපාරයට ලැබුණු චෙක්පතක් අගුරු වු විට ගිණුම්ගත කරන ආකාරය මුලින් සලකා බලමු. ව්‍යාපාරයට චෙක්පතක් ලැබුණු විට එය මුදල් පොතේ මුදල් තිරුවට හර කෙරෙන අතර චෙක්පත දුන් පුද්ගලයාගෙ ගිණුමට බැර කෙරේ. එය බැංකුවේ තැන්පත් කරන විට මුදල් තිරුව බැර කර බැංකු තිරුව හර කරනු ලැබේ. යම් කිසි හේතුවක් නිසා චෙක්පත අගුරු වුවහොත් ඒ අගුරුව මුදල් පොතේ සටහන් කළ යුත ය. මුදල් පොතේ බැංකු තිරුව බැර කිරිමෙන් එය සටහන් කෙරේ. එයට අදාළ හර සටහන් අගුරු චෙක්පත් (dishonored chouse) ගිණුමේ හෝ චෙක්පත දුන් පුද්ගලයාගේ ගිණුමේ හෝ ඇතුළත් කරනු ලැබේ. අගුරු චෙක්පත් ගිණුම තාවකාලික ගිණුමක් වන අතර අගුරු චෙක්පත දුන් පුද්ගලයා සොයා ගත් පසු ඔහුගේ ගිණුමේ ‘හර’ පැත්තට මාරු කරනු ලැබේ.

ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද චෙක්පතක් යම් කිසි හේතුවක් නිසා අගුරු වුව හොත් බැංකු තිරුව හර කිරිමෙන් එය සටහන් කරනු ලැබේ. මෙහි බැර සටහන අදාළ ණය හිමි ගිණුමේ හෝ වියදම් ගිණුමේ හෝ ඇතුළත් කෙරේ.

ව්‍යාපාරයකට එහි ගෙවිම් වෙනුවෙන් චෙක්පත් නිකුත් නොකර බැංකුව මගින් කෙළින් ම ගෙවිම සදහා විධි විධාන යෙදිය හැකිය. එකි විධාන නිත්‍ය නියෝග (standing orders) නමින් හැදින්වේ. බැංකුව, ව්‍යාපාරය වෙනුවෙන් රක්ෂණ වාරික (insurance preemie) ගෙවිම නිදසුනක් ලෙස දැක්විය හැකිය. රක්ෂණ වාරික නියමිත දිනවලදි ගෙවිම සදහා ව්‍යාපාරය විසින් බැංකුවට අපදෙස් (නිත්‍ය නියෝග) කලින් දි තිබිය යතුය. ව්‍යාපාරයේ එවන් නිත්‍ය නියෝග මත බැංකුව විසින් ගෙවිම් කරනු ලැබුවද මුදල් පොතේ ඒ ගනුදෙනු ඒ අවස්ථාවේ දී ම සටහන් නොකෙරේ. සාමාන්‍යයෙන් සැම මාසයක් අවසානයේ දි ම ඒ මාසයට අදාළ බැංකු ගිණුම් විස්තරය හෙවත් බැංකු ප්‍රකාශය (bank statement) බැංකුව එවයි. එකි විස්තරයේ ඇතුළත් නිත්‍ය නියෝග මත කරන ලද ගෙවිම් මුදල් පොතේ බැංකු තිරුවට බැර කිරිමෙන් හා අදාළ සෙසු ගිණුම්වලට හර කිරිමෙන් ගිණුම් ගත කෙරේ.

ව්‍යාපාරය වෙනුවෙන් බැංකුවට කෙළින්ම ලැබෙන යම් යම් ලැබිම් පිළිබද විස්තර ඒ ඒ අවස්ථාවේ දී ම ව්‍යාපාරයට දැන ගත නොහැකි විය හැකිය. එකි ලැබිම් පිළිබද තොරතුරු ව්‍යාපාරයට දැන ගත හැකි වන්නේ බැංකු ප්‍රකාශය ලද පසුවය. මුදල් පොතේ තිරුව හර කිරිමෙන් අදාළ අනෙක් ගිණුම් බැර කිරිමෙන් එකි ලැබිම් ගිණුම් ගත කෙරේ. ව්‍යාපාරය සතු ස්ථාවර තැන්පතුවලට අදාළ පොළි බැංකුවට කෙළින් ම ලැබිම මෙවැනි ගනුදදෙනුවකට නිදසුනකි.

පුද්ගලයනට චෙක්පත් මුදල් කර දිම, මුදල් පොතේ සටහන් තැබි මේ දී සලකා බැලිය යුතු තවත් කරුණක් වේ. මිතුරකු චෙක්පතක් ව්‍යාපාරයට දි මුදල් ලබා ගැනිම එයට නිදසුනකි. සමහර ව්‍යාපාර එවැනි ගනුදෙනු ගිණුම්ගත නොකරන අතර ඒවා පිළිබද සිහිවටන වාර්තාවක් පමණක් තබා ගනි. එවැනි චෙක්පත් සමහර අවස්ථාවලදි අගරු වීමට ද ඉඩ ඇති හෙයින් එවන් ගණුදෙනු ගිණුම්ගත කිරිම වඩා යෝග්‍ය වේ.

නිදසුනක් ලෙස ව්‍යාපාර හිමියෙකුගේ මිතුරෙකු වු ඒ.එස්. පෙරේරාගේ රු 5 000ක චෙක්පතක් ව්‍යාපාරයෙන් මුදල් කර දුන්නේ යැයි සිතමු. මෙය ගිණුම්ග. කෙරේ නම් එලෙස කෙරෙන්නේ චෙක්පත් ලැබිම මුදල් පොතේ මුදල් තිරුවට හර කිරිමෙන් හා ඒ.එස්තපෙරේරා නමින් ගිණුමක් ආරම්භ කර ඒ ගිණුම බැර කිරිමෙනි. මුදල් ගෙවිම මුදල් පොතේ මුදල් තිරුවට බැර තර ඒ.එස්. පෙරේරාගේ ගිණුම හර කිරිමෙන් සටහන් කෙරේ. එසේ මුදල් කර දුන් චෙක්පතක් බැංකුවේ තැන්පත් කෙරෙන විට ද අනුගමනය කෙරෙන්නේ ව්‍යාපාරයේ ගණුදෙනුකරුවකුගෙන් ලැබුණු චෙක්පතක් බැංකුවේ තැන්පත් කිරිම සටහන් කරන ආකාරයට මය. යම් හෙයකින් ඒ චෙක්පත අගුරු වුවහොත් අගුරුව සටහන් කළ යුත්තේ මෙයට ඉහත අවස්ථාවක පෙන්වා දුන් ක්‍රමයට ම ය.

සමහර ව්‍යාපාර කොමිස් මුදලක් අයකර ගෙන පුද්ගලයන්ට චෙක්පත් මුදල් කර දෙනු දැකිය හැකිය. පියදාසගේ රු 500ක චෙක්පත වෙනුවෙන් රු 20 ක කොමිස් මුදලක් අය කර ගෙන රු 480 ක් මුදලින් ගෙවිම නිදසුනක් ලෙස දැක්විය හැකිය. චෙක්පත ලැබිම මුදල් පොතේ මුදල් තිරුවට හර කිරිමෙන් හ පියදාසගේ ගිණුමට බැර කිරිමෙන් සටහන් කෙරේ. මුදල් ගෙවිම සටහන් කෙරෙන්නේ මුදල් පොතේ මුදල් තිරුව රු 480 ක් බැර කිරිමෙන් හා පියදාසගේ ගිණුම හර කිරිමෙනි. ලැබු කොමිස් මුදල රු 20 පියදාසගේ ගිණුමට හර කර, ලැබු කොමිස් ගිණුමට බැර කෙරේ. මෙසේ මුදල් කර දුන් චෙක්පතක් බැංකුවේ තැන්පත් කිරිමෙන් පසු අගුරු වුවහොත් ඒ අගුරුව සටහන් කරන්නේ ද කලින් පෙන්වා දුන් ආකාරයටමය.

ද්විත්ව තීරු මුදල් පොතක සටහන් කළ පසු නියමිත කාලපරිච්ඡේදයක් අවසානයේ දි එය තුලනය කර, ශේෂය ඉදිරියට ගෙන යනු ලැබේ. මෙහි දි මුදල් පොතේ මුදල් තිරුවල හර, බැර යන පැති තුලනය කර, අතැති මුදල් ශේෂය ඉදිරියට ගෙන යා යුතුය. මුදල් පොතේ මුදල් ශේෂය සෑම විටම හර ශේෂයක් වේ. ව්‍යාපාර ආයතනයේ මුදල් නැතිව මුදල් නැතිව මුදලින් ගෙවිම් කළ නොහැකි වීම එයට හේතුවයි. එසේ වුවද බැංකු ශේෂය හර හෝ බැර හෝ විය හැකිය. හර ශේෂයෙන් දැක්වෙන්නේ බැංකුවේ ඇති ව්‍යාපාරය සතු ඉතිරි මුදල් ප්‍රමාණයයි. බැර ශේෂයෙන් පෙන්නුම් කෙරෙන්නේ ව්‍යාපාරය නමින් බැංකුවේ ඇති මුදල් ශේෂයට වඩා චෙක්පත් සදහා බැංකුව ගෙවිම් කර ඇති බවය. බැංකු තිරුවේ ඇති මෙවැනි බැර ශේෂයක් හැදින්වෙන්නේ බැංකු අයිරාවක් ලෙසය. බැංකු අයිරාවක් යනුවෙන් අදහස් කෙරෙන්නේ බැංකුව විසින් ව්‍යාපාරයට තාවකාලිකව සලසා ඇති ණය පහසුකමකි. බැංකුවක ජංගම ගිණුම් හිමියෙකුට එලෙස අයිරා පහසුකම්, එනම් ව්‍යාපාරයේ නමින් බැංකුවේ ඇති මුදල් ප්‍රමණය ඉක්මවා චෙක්පත් නිකුත් කිරිමේ අයිතිය, ලබා ගත හැක්කේ බැංකුවේ අනුමැතිය ඇතිවය.

ඉහත විස්තර කළ පිළිවෙළට ද්විත්ව තිරු මුදල් පොතක ගනුදෙනු සටහන් කෙරෙන ආකාරය පහත සදහන් නිදසුන ඇසුරින් සලකා බලමු.

නිදසුන:

චින්තක රු 100 000ක් යොදා 199x ජනවාරි මස 01 දින සිල්ලර වෙළෙද ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඔහුගේ ව්‍යාපාරයේ ඒ මාසය තුළ සිදු වු ගනුදෙනු පහත දැක්වේ.

199x ජන

01 - රු 50 000ක් බැංකුවේ තැන්පත් කර ජංගම ගිණුමක් ආරම්භ කිරිම
02 - රු 10 000ක භාණ්ඩ මිලට ගැනිම
03 - ව්‍යාපාරයේ පාවිච්චිය සදහා රු 15 000ක උපකරණ ගෙන, චෙක්පතකින් ගෙවිම
04 - අත්පිට විකුණුම් රු 5 000
07 - පියදාසට ණයට විකුණුම් රු 8 000
10 - සිරිසෝමගේ රු 500ක චෙක්පත වෙනුවෙන් රු 10ක කොමිස් මුදලක් අඩු කර
ගෙන, ඔහුට රු 490ක් දිම
12 - පියදාසගෙන් රු 8 00ක චෙක්පතක් ලැබිම: ඒ චෙක්පත ද සිරිසෝමගේ චෙක්පත ද බැංකුවේ තැන්පත් කිරිම
14 - රු 5 000ක භාණ්ඩ මිලට ගෙන ඒ සදහා රු 2 500ක් මුදලින් ගෙවා, ඉතිරිය සදහා චෙක්පතක් නිකුත් කිරිම
15 - රු 50 000ක මුදලක් ජයසේනගෙන් ණයට ලබා ගෙන එයින් රු 30 000ක් බැංකුවේ තැන්පත් කිරිම
17 - ව්‍යාපාරයේ ප්‍රයෝජනය සදහා රු 15 000ක ලි බඩු ගෙන, ඒ වෙනුවෙන් චෙක්පතක් නිකුත් කිරිම
18 - භාණ්ඩ රු 5 000කට ජයදාසට විකුණා, ඒ වෙනුවෙන් චෙක්පතක් නිකුත් කිරිම
19 - රු 8 000ක අත්පිට මුදලට භාණ්ඩ විකිණිම
21 - ජයදාසගෙන් ලද චෙක්පත ද 19 වන දින අත්පිට විකිණිමෙන් ලද මුදල ද බැංකුවේ තැන්පත් කිරිම
22 - අත්පිට විකුණුම් රු 1 000
23 - රු 6 000ක භාණ්ඩ මිලට ගෙන ඒ සදහා චෙක්පතක් නිකුත් කිරිම
24 - ජයදාසගේ චෙක්පත අගුරු වු බව බැංකුව දැනුම් දිම
25 - රණසිංහට භාණ්ඩ ණයට විකිණිම රු 1 000
26 - රු 800ක විදුලිය බිල මුදලින් ගෙවිම
27 - රු 5 000ක වැටුප් චෙක්පතකින් ගෙවිම
28 - ජයදාස සිය ණය පියවිම සදහා රු 5 000ක් ව්‍යාපාරයේ බැංකු ජංගම ගිණුමේ තැන්පත් කර එයට අදාළ ලදුපත ව්‍යාපාරය වෙත එවිම
29 - චින්තක රු 2 000ක මුදලක් පුද්ගල වියදම් සදහා ව්‍යාපාරයෙන් ගැනිම
30 - රණසිංහගෙන් රු 1 000ක චෙක්පතක් ලැබිම සහ ඒ චෙක්පත බැංකුවේ තැන්පත් කිරිම අත්පිට විකුණුම් රු 2 500
31 - රු 25 000ක් ව්‍යාපාරයේ රදවා ගෙන, ඉතිරි මුදල බැංකුවේ තැන්පත් කිරිම

මේ ගනුදෙනු ව්‍යාපාර ආයතනයේ මුදල් පොතේ සහ අදාළ ලෙජර් ගිණුම්වල සටහන් වන්නේ 39 – 41 යන පිටුවල දැක්වෙන පරිදිය.

මුදල් පොත

ප්‍රාග්ධනය
මුදල්
විකුණුම්
සිරිසෝම
පියදාස
මුදල්
ණය -
ජයසේන
මුදල්
විකුණුම්
විකුණුම්
මුදල්
විකුණුම්
ජයදාස
රණසිංහ
මුදල්
විකුණමු
මුදල්

ශේෂය ඉ/ගෙ

බැංකු
ගැනුම්
උපකරණ
සිරිසෝම
බැංකු
ගැනුම්
බැංකු
ලි බඩු
බැංකු
ගැනුම්
අගරු වු
චෙක්
විදුලිය
වැටුප්
ගැනිලි
බැංකු
බැංකු

ශේෂය ප/ගෙ


දිනය

ලදුපත් අංකය

විස්තරය

ස.පි.

මුදල්

බැංකු

දිනය

වවුචර අංකය

විස්තරය

ස.පි.

මුදල්

බැංකු

199x
ජන01

05
10
12

15

18
19
21
22
28
30

31
පෙ01

ප්‍රති

ප්‍රති

ප්‍රති

ප්‍රති

ප්‍රති

ප්‍රති

රු
100 000

5 000
500
8 000
8 500

50 000
30 000
5 000
8 000
13 000
1 000
5 000
1 000
1 000
2 500
37 710

181 000
25 000

රු

50 000


145 210
96 710

199x
ජන01
ජන02
ජන04
ජන10
ජන12
ජන14
ජන15
ජන17
ජන21
ජන23
ජන24

ජන26
ජන27
ජන29
ජන30
ජන31

ප්‍රති

ප්‍රති

ප්‍රති

ප්‍රති

ප්‍රති
ප්‍රති

50 000

රු

ප්‍රාග්ධන ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x

රු

199X
ජන 01

මුදල්

රු
100 000

සිරිසෝම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
ජන 10

මුදල්
ලැබු කොමිස්

රු
490
10

199x
ජන 10

මුදල්

රු
500

විකුණුම් ගිණුම

මුදල්
පියදාස
මුදල්
මුදල්
මුදල්
රණසිංහ
මුදල්


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x

රු

199x
ජන 05
07
18
19
22
25
30

රු
5 000
8 000
5 000
8 000
1 000
1 000
2 5000

ගැනුම් ගිණුම


දිනය

විස්තරය

<