මුදල් පොත
 

මුදල් පොත

ව්‍යාපාරයක එදිනෙදා සිදුවන ගනුදෙනු අතර මුදල් ලැබිම් ද මුදල් ගෙවිම් ද හා සම්බන්ධ ගනුදෙනු විශාල සංඛ්‍යාවක් පවති. මේ සියලු ම මුදල් ලැබිම් හා ගෙවිම් ලේජරයේ මුදල් ගිණුමක ඇතුළත් කළ හොත් ලේජරය ඒ හේතුවෙන් ප්‍රමාණයෙන් විශාල වනු ඇත. එහෙයින් මුදල් ලැබිම් හා මුදල් ගෙවිම් ඇතුළත් කරන මුදල් ගිණුම ලේජරයෙන් බාහිරව වෙනම පොතක් ලෙස පවත්වා ගෙන යනු ලැබේ. මෙය මුදල් පොත නමින් හැදින්වේ. මුදල් පොත මුලික සටහන් පොතක් මෙන් ම ගිණුමක් ද වේ.

මුදල් ව්‍යාපාරයේ වත්කමක් වන හෙයින් වත්කම් ගිණුම්වලට බලපාන ද්විත්ව සටහන් මුලධර්ම මුදල් පොත් ගනුදෙනු සටහන් තැබිමේ දි අනුගමනය කෙරේ. මුදල් පොත සාමාන්‍යයෙන් ගිණුමක ස්වරූපයක් ගනි. මුදල් ලැබිම් වත්කම් වැඩිවිමක් වන හෙයින් හර පැත්තේ සටහන් කෙරෙන අතර මුදල් ගෙවිම් වත්කම් අඩු විමක් වන හෙයින් බැර පැත්තේ සටහන් කරනු ලැබේ. මුදල් පොතේ ගනුදෙනු සටහන් කිරිම සදහා උපයෝගි කර ගන්නේ ලදුපත්, ගෙවිම් වවුචර ආදි මුලාශ්‍ර ලේඛන වේ. මුදල් ස්වරුපය අනුව ව්‍යාපාර පවත්වා ගෙන යන මුදල් පොත් පහත දැක්වෙන අයුරු වර්ග තුනකට සාමාන්‍යයෙන් බෙදා දැක්විය හැකිය.

  1. තනි තිරු මුදල් පොත
  2. ද්විත්ව තිරු මුදල් පොත
  3. ත්‍රිත්ව තිරු මුදල් පොත
(c) Shilpa Sayura Foundation 2006-2017