ගිණුම්කරණ ක්‍රියාවලිය
 

ව්‍යාපාර ගනුදෙනුවක් යෙදවුමක් ලෙස සැලකිල්ලට ගැනිමේ දි ඒ ගනුදෙනුවට අදාළ මුලාශ්‍ර ලේඛන පදනම් කර ගන්නා බව මෙයට ඉහත පරිච්ඡේදවලදි සදහන් කර ඇත. ඒ අනුව ගනුදෙනුව සටහන් කිරිමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ ලදුපත්, ඉන්වොයිසි යනාදි ලේඛනවලිනි.

මේ ම්‍රලාශ්‍ර ලේඛනවලින් ලබා ගන්නා ගනුදෙනුවලට අදාළ දත්ත මුලික සටහන් පොත්වල උපයෝගි පොත් (subsidiary book) ජ’නල (journals), ප්‍රථමයෙන් සටහන් කරන්‍ර ‍ලැබේ. මුදල් පොත (cash book), ගැනුම් (purchases) ජ’නලය, ගෙවිය යුතු බිල්පත් ජ’නලය, සුළු මුදල් පොත (petty Chas book), පොදු ජ’නලය, (journal proper) යනාදිය ව්‍යාපාරවල භාවිතා වන මුලික පොත්වලට නිදසුන් වේ. සෑම ගනුදෙනුවක් ම ගිණුම්වලට පිටපත් කිරිමට පෙර මුලික සටහන් පොතක වාර්තාගත කිරිම දැනට පිළිගෙන ඇති ගිණුම්කරණ සම්ප්‍රදායකි.

මුලික පොත්වල වාර්තාගත කරන ලද සටහන් ලේජර් ගිණුම්වලට පිටපත් කෙරේ. යම් කාලපරිච්ඡේදයක් අවසානයේ දි ගිණුම් ශේෂ උපයෝගි කර ගෙන මුල්‍ය ප්‍රකාශ සකස් කරනු ලැබේ. වෙළෙද හා ලාභලාභ ගිණුම් ද ශේෂ පත්‍ර ද ව්‍යාපාරවල සාමාන්‍යයෙන් පිළියෙළ කෙරෙන මුල්‍ය ප්‍රකාශ වේ. මේ ගිණුම්කරණ ක්‍රියාදාමය මතු රුප සටහන්වල දැක්වේ

(c) Shilpa Sayura Foundation 2006-2017