මුලික ගිණුම්කරණ සමිකරණය ගොඩනැගෙන ආකාරය දෙවන පරිච්ඡේදයේ දි පෙන්වා දෙන ලදි. මෙහිදි ගිණුම්කරණය සමිකරණයේ සංරචකවලට ගනුදෙනු බලපාන ආකාරයත් ඒ අනුව ගනුදෙනුවක ද්විත්ව ස්වරූපය හර හා බැර ලෙස ගිණුම්ගත කෙරෙන ආකාරයත් නිදසුන් මගින් සලකා බැලේ.
1 වන ගනුදෙනුව
199x ජනවාරි 01 - සුනිල් රු. 40 000ක් යොදා “සුනිල් සහ පුත්‍රයෝ” නමින් ව්‍යාපාරයක් ආරම්භ කළේය.
මේ ගනුදෙනුව නිසා ව්‍යාපාරයේ ප්‍රාග්ධනය රු.40 000ක් වු අතර මුදල් නැමැති වත්කම් රු.40 000ක් විය.
ප්‍රාග්ධනය + වගකිම් = වත්කම්
ප්‍රාග්ධනය = මුදල්
40 000 = 40 000
ජනවාරි 02 - ව්‍යාපාරයේ ඉදිරි කටයුතු සදහා අතිරේක මුදල් අවශ්‍ය වු බැවින් පියල්ගෙන් රු.10 000ක ණයක් අවුරුදු 5කින් ගෙවීමේ පොරොන්දුව මත ලබා ගන්නා ලදි.
ඒ අනුව සුනිල් සහ පුත්‍රයෝ ව්‍යාපාරයේ රු10 000ක ණය නැමැති වගකිමක් ඇති වන අතර මුදල් නැමැති වත්කම රු 10 000කින් වැඩි වේ.
ප්‍රාග්ධනය + වගකිම් = වත්කම්
ප්‍රාග්ධනය + ණය = මුදල්
40 000 + 0 = 40 000
+ 10 000 = 10 000
3 වන ගනුදෙනුව
ජනවාරි 05 - ලොරියක් රු 10 000කට මිලදි ගන්නා ලදි.
ප්‍රාග්ධනය + වගකිම් = වත්කම්
ප්‍රාග්ධනය + ණය = මුදල් + මෝටර් වාහන
40 000 + 10 000 = 50 000 - 10 000 + 10 000
40 000 + 10 000 = 40 000 + 10 000
4 වන ගනුදෙනුව
ජනවාරි 07 - ව්‍යාපාරයේ ප්‍රයෝජනය සදහා රු 5 000ක ලි බඩු මසක් ත්‍රළ ගෙවිමේ පොරොන්දුව මත කුරේ සහ සමාගමෙන් ණයට ගන්නා ලදි.
ප්‍රාග්ධනය + වගකිම් = වත්කම්
ප්‍රාග්ධනය + ණය + ණය හිමියෝ = මුදල් + මොටර් රථ + ලි බඩු
40 000 + 10 000 = 40 000 + 10 000
+ 5 000 =
+ 5 000
40 000 + 10 000 + 5 000 = 40 000 + 10 000 + 5 000
5 වන ගනුදෙනුව
ජනවාරි 10 - කුරේ සහ සමාගමට ගෙවිය යුතු රු 5 000 මුදලින් පියවන ලදි.
මේ ගනුදෙනුව නිසා ණය හිමියෝ නැමැති වගකිම රු 5 000කින් අඩු වන අතර මුදල් නැමැති වත්කම් රු 5 000කින් අඩු වේ.
ප්‍රාග්ධනය + වගකිම් = වත්කම්
ප්‍රාග්ධනය + ණය + ණය හිමියෝ = මුදල් + මෝටර් වාහන + ලි බඩු
40 000 + 10 000 + 5 000 = 40 000 + 10 000 + 5 000
- 5 000 = - 5 000
40 000+ 10 000 + 0 = 35 000 + 10 000 + 5 000
6 වන ගනුදෙනුව
ජනවාරි 20 - සුනිල් සිය පෞද්ගලික අවශ්‍යතාවක් සදහා ව්‍යාපාරයෙන් රු 7 000ක් ගත්තේය.
මේ ගනුදෙනුව නිසා ප්‍රාග්ධනය රු 7 000කින් අඩු වන අතර ව්‍යාපාරයේ මුදල් නැමැති වත්කම් රු 7 000කින් අඩු වේ.
ප්‍රාග්ධනය + වගකිම් = වත්කම්
ප්‍රාග්ධනය + ණය = මුදල් + මෝටර් වාහන + ලි බඩු
40 000 + 10 000 = 35 000 + 10 000 + 5 000
- 7 000 - 7 000
33 000 + 10 000 = 28 000 + 10 000 + 5 000
අයිතිකරු සිය පෞද්ගලික ප්‍රයෝජනය සදහා ව්‍යාපාරයෙන් මුදල් හෝ වෙනත් වත්කම් හෝ ලබා ගැනිම ගැනිලි (drawings) ලෙස හැදින්වේ. මේ ගැනිලි හේතුවෙන් ප්‍රාග්ධනයේ අඩු විමක් සිදු වේ. ඒ අනුව ඉහත දැක්වු නිදසුනේ ගැනිලි හර කර ඇත්තේ ප්‍රාග්ධන ගිණුමටය. එතෙකුදු වුවත් ගැනිලි සටහන් කිරිමේ දි ගැනිලි ගිණුමට තාවකාලිකව හර කර අවසානයේ දි ප්‍රාග්ධනයට ගැළපිම සාමාන්‍යයෙන් අනුගමනය කෙරෙන ක්‍රියා මාර්ගයයි.
ව්‍යාපාරයක් උපයන ආදායම් (අයභාර) නිසා ප්‍රාග්ධනය වැඩි වන අතර දරන වියදම් නිසා ප්‍රාග්ධනය අඩු වේ. ප්‍රාග්ධනයේ වැඩි විමක් ප්‍රාග්ධන ගිණුමට බැර වන අතර අඩු විම්ක් එු් ගිණුමට හර වේ. එසේ වුව ද ව්‍යාපාරයක කාලච්ඡේදයකට අදාළ මෙහෙයුම් ප්‍රතිඵල ගණනය කිරිම සදහා ආදායම් ද වියදම් ද වෙන් වෙන් වශයෙන් හදුනා ගැනිම අවශ්‍ය වන හෙයින් ඒවා කෙළින් ම ප්‍රාග්ධන ගිණුමේ ඇතුළත් නොකර, අදාළ ආදායම් ලිණුම්වලත් වියදම් ගිණුම්වලත් සටහන් කෙරේ. ඒ අනුව ආදායමක් අදාළ ආදායම් ගිණුමට බැර කෙරෙන අතර වියදමක් අදාළ වියදම් ගිණුමට හර කෙරේ. ආදායම් හා වියදම් ඇතුළත් කර විකාශ කළ ගිණුම්කරණ සමිකරණ පහත දැක්වේ.
ප්‍රාග්ධනය + (ආදායම් - වියදම්) + වගකිම් = වත්කම්