09. මයුරා වන්නම
 


කතරගම දෙවියන් ගේ වාහනය වන රණ මයුරා අනුව සැකසුණු මොනරෙකුගේ ගති පැවතුම් අලලා සැකසුණු වන්නමකි.
තාල රූපය : දෙසුළු මැදුම් තුන්තිත
 බෙර පදය : දොංතකු දොංතකු දොංජිං තත්තක ජිං තරිකිට
 
 
තානම :
 
තනෙන තන තන තනෙන
 තන තන තනෙන තන තනෙ නා
 තිනෙන තින තින තිනෙන තින තින
 තිනෙන තින තිනෙ නා
 
 ගීතය :
 
සතර සිවවර බලැති දිඩතර සුරිදු නෙයි කදිරා
 කතර ගමපුර සුරිදු වාහන කරති රන මොනරා
 පතර තෙද ගම්බිර සතට සෙත වේල අවිය දරා
 නොහැර ඉසිවර යෙදුව මෙ අයුර වර්ණකර මයුරා
 
 කස්‌තිරම :
 
තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං /// ගත
 කුංතක ජිංකුඳ ගජ්ජිං ගත තරිකිට කුංදත්
 තහර් ජිත් ගත් තත් තකට
 ජිංගත කුකුඳත් තා
 
 සීරුමාරුව :
 
තකට දොද්දොං තා
 තක්‌කඩ තකට දොදොංතා
 
 අඩවුව :
 
ගත් ජිංගත කුංතක ජිංකුඳ ගත් ජිංගත
 තරිකිට කුංදත් තහර් ජිත්
 ගත් ජිංගත කුංතක ජිංකුඳ
 ගත් ජිංගත තරිකිට කුකුඳත් තහර්ජිත්
 ප්‍රස්‌ථාරය :
(c) Shilpa Sayura Foundation 2006-2017