ගිණුම් හා ගිණුම් වර්ගිකරණය
 

කාලච්ඡේදයකට‍ අදාළ මුල්‍ය ප්‍රකාශ සම්පාදනය පහසු කිරිමත් ගනුදෙනු කිරිමේ නිරවද්‍යතාව අඛණ්ඩ ව පරික්ෂා කිරිමත් පිණිස එක් එක් වත්කමක, වගකිමක, ප්‍රාග්ධනයක, ආදායමක, හෝ වියදමක හෝ දත්ත ඒකරාශි කිරිම සදහා භාවිතා කෙරෙන සම්මත ආකාතිය ගිණුමක් ලෙස හැදින්වේ. ගිණුමකින් එයට අදාළ ඓතිහාසික තොරතුරු සාමාන්‍යයෙන් පෙන්නුම් කෙරේ.

ව්‍යපාර ඒවායේ ගනුදෙනු සටහන් කිරිම සදහා ගිණුම් භාවිත කරයි. එලෙස භාවිතා කෙරෙන ගිණුම් මුලික වශයෙන් පහත සදහන් පරිදි වර්ග කළ හැකිය.

වත්කම් ගිණුම් වගකිම් ගිණුම් ප්‍රාග්ධන ගිණුම් ආදායම් ගිණුම් වියදම් ගිණුම්
1. වත්කම් ගිණුම්
ව්‍යාපාරයක් සතු සම්පත් වත්කම් ලෙස හැදින්වේ. වත්කම්, ස්පෘශ්‍ය (tangible) හෝ අස්පෘග්‍ය (intangible) හෝ විය හැකිය. භෞතික පැවැත්මක් ඇති ඉඩම්, ගොඩනැගිල්, තොග යනාදිය ස්පෘග්‍ය වත්කම් ලෙස ද භෞතික පැවැත්මක් නැති එහෙත් නිත්‍යානුකූල හිමිකම් හා අයිතිවාසිකම් පෑ හැකි ණය ගැතියෝ (debtors), වෙළෙද ලකුණු ස්වාධිකාර, කිර්තිනාමය (good will) යනාදිය අස්පෘග්‍ය වත්කම් ලෙස ද හැදින්වේ. ස්පෘග්‍ය හා අස්පෘග්‍ය වත්කම්වලට අදාළ ගනුදෙනු සටහන් කෙරෙන ගිණුම්, වත්කම් ගිණුම් වේ.

2. වගකිම් ගිණුම්
ව්‍යාපාරයක් විසින් ගෙවිය යුතු ණය බැදිම් හෝ වගකිම් ලෙස හැදින්වේ. මේවාට අදාළ ගනුදෙනු සටහන් කෙරෙන ගිණුම් වගකිම් ගිණුම් වේ.

3. ප්‍රාග්ධන ගිණුම්
අයිතිකරු ව්‍යාපාරයේ ආයෝජනය කර ඇති සම්පත්වල අයිතිය නිරූපණය කෙරෙන ගිණුම් ප්‍රාග්ධන ගිණුම් වේ. ආයෝජනය කර ඇති සම්පත් යනුවෙන් අදහස් කෙරෙන්නේ අයිතිකරු විසින් විවිධ අවස්ථාවල දි ප්‍රාග්ධනය ලෙස යොදවන ලද වත්කම් මෙන් ම ව්‍යාපාරය තුළ රදවා ඇති ලාභ ද වේ.

4. ආදායම් ගිණුම්
ගනුදෙනුකරුවනට යම් කාලච්ඡෙධ්දයක් තුළ දි භාණ්ඩ හෝ සේවා සැපයිම වෙනුවෙන් ව්‍යාපාරයට මුදල් හෝ ඒ සමාන වත්කම් හෝ ගලා ඒම නිසා ඇති වන අයභාර වටිනාකම් ආදායම් ලෙස සැලකේ. එත් එත් වර්ගයේ ආදායම් වෙන් වෙන් වශයෙන් රැස් කර ලබා ගන්නා ආදායම් ගිණුම් වේ.

5. වියදම් ගිණුම්
ආදායම් ඉපයීම සදහා ව්‍යාපාරයක් කාලච්ඡේදයකට අදාළ ව දරන විවිධ පිරිවැය, වියදම් ලෙස හැදින්විය හැකිය. එක් එක් වර්ගයේ වියදම් වෙන් වෙන් වශයෙන් රැස් කර තබා ගන්නා ගිණුම්, වියදම් ගිණුම් වේ.

ඉහත දැක්වු ගිණුම් සදහා නිදසුන් කිපයක් පහත දැක්වේ.

වත්කම් ගිණුම - මොටර් රථ ගිණුම, ලි බඩු ගිණුම, මුදල් ගිණුම
වගකිම් ගිණුම - ණයහිමි ගිණුම, බැංකු ණය ගිණුම, ගෙවිය යුතු බිල් ගිණුම
ප්‍රාග්ධන ගිණුම් - අයිතිකරුගේ ප්‍රාග්ධන ගිණුම, හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම, සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම
ආදායම් ගිණුම - විකුණුම් ගිණුම, ලැබු ගෙවල් කුලි ගිණුම, ස්ථාවර තැන්පතු ගිණුම
වියදම් ගිණුම - වැටුප් ගිණුම, විදුලිය ගාස්තු ගිණුම, ක්ෂය ගිණුම

මේ පොතේ ගිණුම් වර්ග කෙරෙන්නේ ඉහත සදහන් පරිදි වත්කම්, වගකිම්, ප්‍රාග්ධනය, ආදායම්, වියදම් යන ආකාරයටය. එතෙකුදු වුවත් මෙයට වෙනස් ආකාරයකින්ද ගිණුම් වර්ග කරනු දැකිය හැකිය. ඒ අනුව ගිණුම් මුලික වශයෙන් පුද්ගල ගිණුම් (personal accounts), අපුද්ගල ගිණුම් (impersonal accounts), යනුවෙන් දෙවර්ගයකට බෙදේ. අපුද්ගල ගිණුම්, දේපොළ ගිණුම් (real accounts), නාම මාත්‍ර ගිණුම් (nominal accounts) වශයෙන් අනුකොටස් දෙකකට බෙදේ.

ගිණුමක ආකෘතිය සාමාන්‍යයෙන් ඉංග්‍රිසි T අකුරේ හැඩය ගනි. ගිණුමක වම් පස හර පැත්ත ලෙසත් දකුණු පස, බැර පැත්ත ලෙසත් නම් කෙරේ. ගිණුමක හර පැත්තේ සටහන් කිරිම හර කිරිම ලෙසත්, බැර පැත්තේ සටහන් කිරිම බැර කිරිම ලෙසත් හැදින්වේ.

යම්කිසි ගනුදෙනුවක් නිසා වත්කම් හෝ වියදමහ් හෝ ඇති අගය වැඩි විම ඒ ගිණුම හර කිරිමෙන් ද අගය අඩු විම ඒ ගිණුම බැර කිරිමෙන් ද සටහන් කෙරේ. එමෙන් ම ප්‍රාග්ධන හෝ වගකිම් හෝ ආදායම් හෝ ගිණුමක ඇති අගය වැඩි විම ඒ ගිණුම බැර කිරිමෙන් ද අඩු විම ඒ ගිණුම හර කිරිමෙන් ද සටහන් කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017