ගිණුම් තැබිමේ ක්‍රමයේ කොදු නාරටිය ලෙස ද්විත්ව සටහන් මුලධර්මය හැදින්විය හැකිය. 1494 වර්ෂයේ දි ලුකා පැසියෝලෝ පියතුමා විසින් රචිත ගණිතය පිළිබද ග්‍රන්ථයක ද්විත්ව සටහන් මුලධර්මය මුල් වරට ඉදිරිපත් කර තිබෙනු දැකිය හැකිය. මේ ද්විත්ව සටහන් මුලධර්මය මිනිස් බුද්ධියේ අපුර්ව නිර්මාණයකි.
ගනුදෙනුවක ඇති ද්විත්ව ආර්ථික ප්‍රතිඵලය ද්විත්ව සටහන් මුලධර්මයේ පදනම වෙයි. ඒ අනුව සෑම ගනුදෙනුවකටම ද්විත්ව ස්වරූපයක් ඇති බව අදහස් කෙරේ. මේ ද්විත්ව ස්වරූපය ගිණුම්වල පිටපත් කළ යුතු බව ද්විත්ව සටහන් මුලධර්මයෙන් දැක්වේ. යම් ගනුදෙනුවක් සිදු වු විට එය ව්‍යාපාරයක වත්කම්වලට හෝ හිමිකම්වලට හෝ එසේත් නැත හොත්, වත්කම්, හිමිකම්, යන දෙවර්ගයටම බලපැම් ඇති කරයි. මේ බලපැම් හර (debit), බැර(credit) යන දෙයාකාරයෙන් ගිණුම්වල පිටපත් කෙරේ.
වත්කම්, වගකිම්, ප්‍රාග්ධනය, ආදායම්, වියදම් යන සංරචක කෙරෙහි ගනුදෙනුවලින් සිදුවන බලපැම් හර, බැර වශයෙන් පහත දැක්වේ.
-
වත්කම්
-
වගකිම්
-
ප්‍රාග්ධනය
-
ආදායම්
-
වියදම්