ව්‍යාපාරයක කටයුතු කිරිමට අවශ්‍ය සම්පත් (වත්කම්) ද ඒ සම්පත් ලබා දුන් පාර්ශව (හිමිකම්) ද අතර සම්බන්ධතාව පහත දැක්වෙන මුලික ගිණුම්කරණ සමිකරණයෙන් (accounting equation) පෙන්නුම් කෙරේ.
හිමිකම් = වත්කම්
ව්‍යාපාරයක වත්කම් සපයා ඇති පාර්ශව, පහත සදහන් අයුරු ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.
ව්‍යාපාරයේ අයිතිකරුවෝ
ව්‍යාපාරයේ ණය හිමියෝ
ව්‍යාපාරයට වත්කම් සැපයිමේ හේතුවෙන් අයිතිකරුට ලැබෙන හිමිකම ප්රාග්ධනය ලෙස හැදින්වේ. ව්‍යාපාරයට බාහිර පාර්ශව විසින් සපයා නැති විටෙක ව්‍යාපාරයේ වත්කම් ද ව්‍යාපාරයේ අයිතිකරුවන් ද අතර පවත්නා සම්බන්ධතාව ගිණුම්කරැණ සමිකරණය මගින් පහත සදහන් අයුරු දැක්විය හැකිය.
ප්රාග්ධනය = වත්කම්
(මේ සමිකරණය හිමිකරු ප්රාග්ධනය = වත්කම් ලෙස ද දැක්වේ.)
අයිතිකරුවන්, ණය හිමියන් යන දෙපාර්ශවය ම ව්‍යාපාරයට වත්කම් සපයා ඇත්නම් මේ සමිකරණය පහත දැක්වෙන ස්වරූපය ගනි.
ප්රාග්ධනය + වගකිම් = වත්කම්
පහත සදහන් නිදසුන් උපයෝගි කර ගනිමින් ගිණුම්කරණ සමිකරණය පැහැදිලි කළ හැකිය.
1. 199x ජනවාරි 01 - රු.150 000ක් යොදා නිමල් වාහන අලුත්වැඩියා කිරිමේ ව්‍යාපාරයක් ඇරඹිය.
මේ අනුව ව්‍යාපාරයේ මුදල් නැමැති වත්කම රු.150 000ක් වන අතර නිමල්ට ව්‍යාපාරයේ ඇති හිමිකම හෙවත් ප්රාග්ධනය රු.150 000ක් වේ.
ප්රාග්ධනය + වගකිම් = වත්කම්
150 000 + 0 = 150 000
2. 199x ජනවාරි 02 - නිමල් රු.100 000ක ණයක් (loan) ව්‍යාපාරයේ ප්‍රයෝජනය සදහා බැංකුවකින් ලබා ගත්තේය.
ප්රාග්ධනය + වගකිම් = වත්කම්
ප්රාග්ධනය + බැංකු ණය = මුදල්
150 000 + 100 000 = 250 000
මේ සමිකරණයේ සංරචක (components) දෙකක් දන්නා විට අනෙක ගණනය කළ හැකිය. ඒ අනුව වත්කම් හා වගකිම් දි ඇති විට, සමිකරණය ඇසුරින් ප්රාග්ධනය පහත සදහන් අයුරු සෙවිය හැකිය.
ප්රාග්ධනය + වගකිම් = වත්කම්
? + 100 000 = 250 000
150 000 + 100 000 = 250 000
ප්රාග්ධනය = වත්කම් - වගකිම්
150 000 = 250 000 – 100 000
වත්කම් හා ප්රාග්ධනය දි ඇති විට ද සමිකරය උපයෝගි කර ගනිමින් වගකිම් පහත දැක්වෙන අයුරු ගණනය කළ හැකිය.
ප්රාග්ධනය + වගකිම් = වත්කම්
ප්රාග්ධනය + ? = වත්කම්
වගකිම් = වත්කම් - ප්රාග්ධනය
100 000 = 250 000 – 100 000
වත්කම් හා ප්රාග්ධනය දි ඇති විට ද සමිකරණය උපයෝගි කර ගනිමින් වගකිම් පහත දැක්වෙන අයුරු ගණනය කළ හැකිය.
ප්රාග්ධනය + වගකිම් = වත්කම්
ප්රාග්ධනය + ? = වත්කම්
වගකිම් = වත්කම් - ප්රාග්ධනය
100 000 = 250 000 – 150 000
3. 199x ජනවාරි 05 - රු.200 000ක් ගෙවා යන්ත්‍රයක් මිලට ගත්තේය.
ප්රාග්ධනය + වගකිම් = වත්කම්
ප්රාග්ධනය + බැංකු ණය = යන්ත්‍ර සුත්‍ර + මුදල්
150 000 + 100 000 = 250 000 + 50 000
4. 199x ජනවාරි 15 - පෙබරවාරි මස 01 වන දින සිට ගරාජයක් කුලියට ගැනිම සදහා පෙබරවාරි මස කුලිය වු රු.3 000 ගෙවිය.
ප්රාග්ධනය + වගකිම් = වත්කම්
ප්රාග්ධනය + බැංකු ණය = යන්ත්‍ර සුත්‍ර + මුදල්
150 000 + 100 000 = 200 000 + 47 000
5. 199x පෙබරවාරි 01 - රු.7 500ක් වටිනා කාර්යාල උපකරණ (office equipment) ගෙන රු.5 000ක් මුදලින් ගෙවා ඉතුරු මුදල මාර්තු මාසයේ දි ගෙවිමට පොරොන්දු විය.
ප්රාග්ධනය + වගකිම් = වත්කම්
ප්රාග්ධනය + බැංකුණය + ණය හිමියෝ = යන්ත්‍ර සුත්‍ර + කාර්යාල උපකරණ + කලින් ගෙවිම් + මුදල්
6. 199x පෙබරවාරි 02 - වාහන අලුත්වැඩියා කිරිමෙන් රු.15 000ක ආදායමක් ලැබිය.
ප්රාග්ධනය + වගකිම් = වත්කම්
ප්රාග්ධනය + බැංකු ණය + ණය හිමියෝ = යන්ත්‍ර සුත්‍ර + කාර්යාල අපකරණ + කලින් ගෙවීම් + මුදල්
165 000 + 100 000 + 2 500 = 200 000 + 7 500 + 3 000 + 57 000
7. 199x පෙබරවාරි 02 - අලුත්වැඩියා කිරිමේ වියදම් වශයෙන් රු.7 000 ගෙවිය.
ප්රාග්ධනය + වගකිම් = වත්කම්
ප්රාග්ධනය + බැංකු ණය + ණය හිමියෝ = යන්ත්‍ර සුත්‍ර + කාර්යාල උපකරණ + කලින් ෙගවිම් + මුදල්
158 000 + 100 000 + 2 500 = 200 000 + 7 500 + 3 000 + 50 000
8. 199x පෙබරවාරි 03 - නිමල් සිය පෞද්ගලික අවශ්‍යතාවක් සදහා රු.500ක් ව්‍යාපාරයෙන් ගත්තේය.
ප්රාග්ධනය + වගකිම් = වත්කම්
ප්රාග්ධනය + බැංකුණය + ණය හිමියෝ = යන්ත්‍ර සුත්‍ර + කාර්යාල උපකරණ + කලින් ගෙවිම් + මුදල්
157 000 + 100 000 + 2 500 = 200 000 + 7 500 + 3 000 + 49 500