ව්‍යාපාරයක් සතු සම්පත් වත්කම් ලෙස හැදින්වේ. ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර සුත්‍ර, භාණ්ඩ තොග (stocks of goods), මුදල් නිදසුන් වශයෙන් දැක්විය හැකිය.
ව්‍යාපාරයක් විසින් ගෙවිය යුතු ණයක් හෝ බැදිමක් හෝ වගකිමක් ලෙස හැදින්විය හැකිය. ණය හිමියෝ (creditors) උපචිත වියදම් (accrued expenses) ගෙවිය යුතු බිල (bills payable) නිදසුන් වේ.
ව්‍යාපාරයක වත්කම්වලට අයිතිකරුවන්ගේ හිමිකම හැදින්වෙන්නේ ප්‍රාග්ධනය හෙවත් හිමිකරු ප්‍රාග්ධනය (equity capital) ලෙසය. මුළු වත්කම්වල වටිනාකමෙන් මුළු වගකිම්වල වටිනාකම අඩු කළ විට ලැබෙන්නේ හිමිකරු ප්‍රාග්ධනයයි.
