තාක්ෂණවේදී කළමණාකරණය
 කිසියම් සංවිධානයක උපාය මාර්ගික සහ මෙහෙයුම් අරමුණු ඉටු කරගැනීම පිණිස විද්‍යාව, තාක්ෂණය හා කළමනාකරණය යන විෂයන් උපයෝගි කරගෙන තාක්ෂණික හැකියාවන් සැලසුම් කර ක්‍රිියාත්මක කිරීම තාක්ෂණවේදී කළමනාකරණය ලෙස නිර්වචනය කළ හැකිය.

තාක්ෂණවේදී කළමනාකරණ ක්‍රියාවලිය සංවිධානාත්මක ය. එයින් පාරිභෝගික අවස්ථා හඳුනා ගනිමින් ඊට උචිත ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස්කම්වලට භාජනය වේ. ඒ තුළ නවෝත්පාදන සිදු කෙරෙයි. තාක්ෂණවේදී කළමනාකරණයේ අරමුණ, මානව යහපත උදෙසා නිෂ්පාදන සහ සේවාවන් බිහි කිරීමයි.003.jpg
      තාක්ෂණවේදී කළමනාකරණ ක්‍රියාවලිය
මෙහි විවිධ අංග පවතී. සුළු පරිමාණ සංවිධාන තුළ එම අංග කැපී නො පෙණුන ද මහා පරිමාණ සංවිධාන තුළ එම අංග කැපී පෙනෙයි. ඉහත දැක්වෙන්නේ තාක්ෂණවේදී කළමනාකරණ ක්‍රියාවලියයි.
(c) Shilpa Sayura Foundation 2006-2017