ගිණුම්කරණ ක්‍රියාවලිය පිළිබද ව මුලික අවබෝධයක් පළමු වන පරිච්ඡේදයෙන් ඔබ ලබන්නට ඇත. එහි දි තොරතුරු සටහන් කිරිම, වර්ග කිරිම, වාර්තා ඉදිරිපත් කිරිමහ, විවරණය කිරිම යන ආදිය ගිණුම්කරණ ක්‍රියාවලියට ඇතුළත් වන බව පෙන්වා දෙන ලදි.
සම්පිණ්ඩිත වාර්තා හා මුල්‍ය ප්‍රකාශ ලබා ගැනිම සදහා ගිණුම්කරණය නැමැති යන්ත්‍රයට ඇතුළත් කෙරෙන යෙදවුම් (inputs) ව්‍යාපාරයේ ගණුදෙනුවලට අදාළ අමු දත්ත වේ. ගිණුම්කරණය යන්ත්‍රයක් ලෙසත් ශේෂ පිරික්සුම් (trial balance) , නිශ්පාදන ගිණුම, වෙළෙද හා ලාභලාභ ගිණූම, ශේෂ ප්‍රතය යනාදි සම්පිණ්ඩිත වාර්තා හා මුල්‍ය ප්‍රකාශ එහි නිමැවුම් (outputs) ලෙසත් ව්‍යාපාරයක ගනුදෙනුවලට අදාළ අමු දත්ත (raw data) එහි යෙදවුම් ලෙසත් හැදින්විය හැකිය.