පාලන මාධ්‍යක් වශයෙන්
 

ව්‍යාපාරයක විවිධ සම්පත් මෙහෙයවිම හා පාලනය කසදහා කළමනාකරණය අවශ්‍ය වේ. ඒ සදහා ඉවහල් වන ආදායම්, වියදම්, වත්කම් (assets) වගකිම් (liabilities) යන මේවා පිළිබද තොරතුරු ගිණුම්කරණය මගින් සැපයෙයි. ඒ තොරතුරු ව්‍යාපාරයේ අනාගත ආදායම්, වියදම්, වත්කම්, වගකිම්, යන මේවා අතර සංතුලනයක (balance) ඇති කිරිමට උපකාරි වේ. ගිණුම්කරණය මගින් එලෙස සැපයෙන තොරතුරු උපයෝගි කර ගනිමින් සම්පත් නාස්තිය වළක්වා නිශ්පාදන ක්‍රියාවලිය ප්‍රශස්ත ලෙස කර ගෙන යාමට ද කළමනාකාරිත්වයට ඉඩ සැලසේ.

(c) Shilpa Sayura Foundation 2006-2017