විඥාපන ප්‍රභවයක් වශයෙන්
 

ව්‍යාපාරවලින් ගිණුම්කරණ තොරතුරු සැපයිම සමාජිය අවශ්‍යතාවක් වන හෙයින් ගිණුම්කරණ තොරතුරුවල ගුණාත්මක (qualitative) භාවය ඉතා වැදගත් වේ. එකි තොරතුරුවල දක්නට ඇති ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

  • අදාළත්වය (relevancy)
  • ප්‍රතිපෝෂණය (feed back) අගය
  • කලට වේලාවට සැපයිමේ හැකියාව
  • විශ්වස්‍යතාව (reliability)
  • සත්‍යාපනතාව (verifiability)
  • මධ්‍යස්ථතාව (neutrality)
  • නිරවද්‍යතාව (accuracy)
  • සංසන්ද්‍යතාව හා සංගතතාව (comparability and consistency)
  • මේවා අදාළත්වය හා විශ්වස්‍යතාව කෙරෙහි අන්‍යෝන්‍ය ලෙස බලපායි.

පිරිවැය (cost), ප්‍රතිලාභ (benefits), වැදගත්කම යන මේවා මගින් තෙොරතුරුවල ප්‍රයෝජනවත්භාවය සිමා වීම. ගිණුම්කරණ තොරතුරු උපයෝගි කර ගන්නා පාර්ශවයනට ප්‍රයෝජනවත් වුත් සත්‍ය හා සාධාරණවුත් තොරතුරු කලට වේලාවට සැපයිම ඉහත සදහන් කරුණුවලින් අදහස් කෙරේ. එහෙයින් ගිණුම්කරණය විඥාපන ප්‍රභවයක් ලෙස වැදගත් වේ.

මුල්‍ය ගිණුම්කරණ තොරතුරු, පිරිවැය ගිණුම්කරණ තොරතුරු, කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු යනුවෙන් ගිණුම්කරණ විඥාපන වර්ග කළ හැකිය. පිරිවැය ගිණුම්කරණ තොරතුරු සහ කළමනාකරණ ගිණුම්කරඑණ තොරතුරු කළමනාකාරිත්ව (managerial) ගිණුම්කරණය යටතේ බොහෝ විට සාකච්ඡා කෙරේ. කළමනාකාරිත්ව ගිණුම්කරණය හා මුල්‍යව ගිණුම්කරණය මගින් සැපයෙන තොරතුරු ව්‍යවසායක අභ්‍යන්තර පාර්ශවය වන කළමනාකාරිත්වය, සිය තිරණ ගැනිම සදහා උපයෝගි කර ගනි. ව්‍යාපාරයක බාහිර පාරිශවයනට බොහෝ විට ලැබෙන්නේ මුල්‍ය ගිණුම්කරණය මගින් සැපයෙන තොරතුරු පමණි.

කළමනාකාරිත්ව ගිණුම්කරණ තොරතුරු ව්‍යාපාරයක විවිධ කළමනාකරණ තිරණ ගැනිම සදහා ඉවහල් වේ. නිෂ්පාදනයට අදාළ තොරතුරු ව්‍යවසායක නිෂ්පාදන පිරිවැය සැලසුම්කිරිම සදහා කළමනාකාරිත්වයට ප්‍රයෝජනවත් වනු ඇත. ඇස්තමේන්තු පිරිවැයත් තථ්‍ය (real) පිරිවැයත් අතර වෙනසට හේතු වු සාධක සොයා ගැනිම ව්‍යාපාරයක කාර්යක්ෂමතාව නංවාලීමට උපකාරි වේ. ඒ අනුව බලන කල කළමනාකරණ ක්‍රියාවලියට අදාළ වුත් අනාගත සැලසුම්වලට ප්‍රයෝජනවත් වුත් ගිණුම්කරණ තොරතුරු කළමනාකාරිත්ව ගිණුම්කරණයෙන් සැපයෙන බව පෙනේ. ඒ තොරතුරු උපයෝගි කර ගනිමින් කළමනාකාරිත්වය විවිධ තිරණ ගනි. එකි තීරණ පහත සදහන් අයුරු වර්ග කළ හැකිය.

මුල්‍ය තිරණ :- ව්‍යාපාරය පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය ප්‍රාග්ධනය, එය ලබා ගන්නා ආකාරය, හිමිකරුවන් සහ ණය හිමියන් ප්‍රාග්ධනයට දායක වන අයුරු, ප්‍රාග්ධනය යොදා ගැනෙන පිළිවෙළ යනාදියට අදාළ තිරණ මේ වර්ගයට ගැනේ.
සම්පත් වෙන් කිරිමේ තිරණ :- මානව සම්පත් හා භෞතික සම්පත් ව්‍යාපාරය තුළ යොදා ගැනිමට අදාළ තිරණ මේ යටතට ගැනේ.
නිශ්පාදන තිරණ :- ව්‍යාපාරය නිශ්පාදනය කරන භාණ්ඩ හා සේවා වර්ග, නිශ්පාදනය කරන ආකාරය, ප්‍රමාණය හා අවස්ථාව යනාදියට අදාළ තිරණ මෙහිදි සාකච්ඡා කෙරේ. අලෙවිකරණ (marketing) තීරණ :- අදාළ වෙවළෙද පොළ හදුනා ගැනිම, විකුණුම් ක්‍රම (selling methods) සැලසුම් කිරිම, මිල නියම කිරිම, ප්‍රචාරණ අයවැය සකස් කිරිම යනාදියට අදාළ තිරණ මේ වර්ගයට අයත් වේ.
නිශ්පාදන, වෙළෙද හා ලාභලාභ ගිණුම්, ශේෂ පත්‍ර, අරමුදල් ප්‍රවාහ ප්‍රකාශ යනාදි මුල්‍ය ප්‍රකාශවලින් සැපයෙන කරුණු මුල්‍ය ගිණුම්කරණ තොරතුරු ලෙස සැලකේ. මුල්‍ය ගිණුම්කරණය මගින් සැපයෙන තොරතුරු සමස්තයක් වශයෙන් ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵල හා මුල්‍ය තත්ත්වය පෙන්නුම් කරයි. මේ මුල්‍ය ගිණුම්කරණ තොරතුරු ව්‍යාපාරයක අභ්‍යන්තර පාර්ශ්විය වන කළමනාකාරිත්වයට අමතරව බාහිර පාර්ශ්වයද ප්‍රයෝජනයට ගනි. එකි බාහිර පාර්ශ්වයනට ද සලකා බැලිමට සිදු විය හැකි ප්‍රශ්න සමහරක් පහත දැක්වේ.

අයිතිකරුවෝ සහ භවිතව්‍ය (prospective) අයිතිකරුවෝ ව්‍යාපාරයේ මුළු ආයෝජනයට සරිලන සතුටුදායක ආදායමක් තිබේද? ආයෝජනය වැඩි කළ යුතුද? අඩු කළ යුතුද? ඒ මට්්‍ටමේ ම තබා ගත යුතුද? ව්‍යාපාරයක ආයෝජනය කළ යුතුද?

ණය හිමියෝ සහ ණය සැපයුම්කරුවෝ
ව්‍යාපාරයට සපයා ඇති ණය ආපසු ලබා ගත හැකිද? ව්‍යාපාරයට ණය සැපයිම සුදුසුද?

සේවකයෝ සහ වෘත්තිය සංගම්
සේවක වැටුප් වැඩි කිරිමට ව්‍යාපාරයට හැකියාවක් තිබේද? ස්ථිර රැකියා සැපයීමට ව්‍යාපාරයට මුල්‍ය ශක්තියක් තිබේද? පාරිතෝෂික (bonuses) ගෙවිය හැකිද?
ගනුදෙනුකරුවෝ
ව්‍යාපාරය ගනුදෙනුකරුවනට ප්‍රයෝජනවත් නිශ්පාදිත සාධාරණ මිලකට (fair price) ඉදිරිපත් කරයිද? ප්‍රතිඥාභාර (warranties) ඉටු කිරිම සදහා අඛණ්ඩ පැවැත්මක් ව්‍යාපාරයට තිබේද?
රාජ්‍ය ආයතන
ව්‍යාපාරයෙේ ආදායමට අදාළ ලෙස නියමිත බදු ලෙවන්නේද? සමාගම් රෙජිස්ට්‍රාර් දේපාර්තමේන්තුව, මහ බැංකුව, රේගුව, කර්මාන්ත අමාත්‍යාංශය, ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දේපාර්තමේන්තුව යනාදි ආයතනවලට අවශ්‍ය වාර්තා සපයන්නේද?
මහජනයා
පරිසර ගැටළු අවම කර ගනිමින් මහජනයාට ප්‍රයෝජනවත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කෙරේද? මහජනයාට රැකියා සැපයේද?

(c) Shilpa Sayura Foundation 2006-2017