ගිණුම්කරණ අවශ්‍යතාව හා අරමුණු
 

ගිණුම්කරණය ව්‍යාපාර හා සමාජ අවශ්‍යතාවලට අනුරූප වන සේ හැඩගැසි ඇත. ඒ අනුව පහත සදහන් අවශ්‍යතා හා අරමුණු ඉටු කර ගැනිම සදහා ගිණුම්කරණය යොදා ගැනේ.

ආර්ථික සම්පත් මනා ලෙස හැසිරවිම හා පාලනය කිරිම
සම්පත් භාවිතය පිළිබද තිරණ ගැනිම
ආර්ථික ක්‍රියාවලි ප්‍රතිඵල ඇගයිම
නිතිමය අවශ්‍යතා සපුරාලිම
ව්‍යාපාරයක මුදල්, යන්ත්‍රසුත්‍ර යනාදි සම්පත් නිසි අයුරින් උපයෝගි කර ගැනිම පිණිස ඒවාට අදාළ තොරතුරු රැස්කර සටහන් තබා ගැනිම අවශ්‍ය වේ. සම්පත් පාලනය සදහා එකි තොරතුරු ඉවහල් කර ගත හැකිය. එමගින්, සම්පත් පාලනයේ නිරත කළමනාකරුවනට ව්‍යාපාර තිරණ (business decisions) ගැනිම සාර්ථික ලෙස කළ හැකිය. ඒ හැර ව්‍යාපාරය පිළිබද උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශවයනට ද තිරණ ගැනිම සදහා ඒ තොරතුරු උපයෝගි කර ගත හැකිය. ව්‍යාපාරයක යම් කාලච්ඡේදයක් තුළ සිදු වු ආර්ථික ක්‍රියාවල ප්‍රතිඵල නිශ්චය කිරිමත් ඒ ව?්‍යාපාරයේ යම් දිනක මුල්‍ය තත්ත්වය පෙන්නුම් කිරිමත්, ගිණුම්කරණයෙන් අපේක්ෂා කෙරේ. නිතිමය අවශ්‍යතා ඉටු කිරිමෙස් අරමුණින් බොහෝ ව්‍යාපාර, ගිණුම් පොත් පවත්වා ගනි. දේශිය ආදායම් පනතෙත් (inland revenue Act) සමාගම් පනතේ අවශ්‍යතා සපුරා ලිම සදහා ව්‍යාපාර ගිණුම් පොත් පවත්වා ගෙන යාම නිදසුනක් වශයෙන් ඉදිරිපත් කළ හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017