ගිණුම්කරණ කටයුතු ඉටු කිරිම සදහා කාය ශ්‍රමික (manual) ක්‍රමය අතිතයේ සිටම උපයෝගි කර ගැනුනු අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව යනාදි සංවර්ධනය වෙමින් පවත්නා (developing) රටවල සුළු හා මධ්‍ය පරිමාණ (small and medium scale) ව?්යාපාරවල ඒ ක්‍රමය බහුල වශයෙන් දැනුදු භාවිතා වනු දැකිය හැකිය. එසේ වුවද සංවර්ධිත (developed) රටවල ඒ ක්‍රමය භාවිත වන්නේ සුළු වශයෙනි. ගිණුම්කරණ කටයුතු වඩාත් පහසු කිරිම සදහා ගිණුම්කරණ යන්ත්‍ර, ගණන යන්ත්‍ර (calculating machines) යනාදිය පසු කලෙක සිට භාවිතයට ගැනිණි. නුතන ව්‍යාපාර ක්ෂේත්රයේ පරිගණක (computer) භාවිතය ගිණුම්කරණය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. ඒ අනුව සුළු පරිමාණයේ ව්‍යාපාරයකට වුවද පරිගණක උපයෝගි කර ගනිමින් අඩු වියදමකින් හා වැඩි කාර්යක්ෂමතාවකින් යුත් ගිණුම්කරණ ක්‍රමයක් පවත්වා ගෙන යෑමේ හැකියාව ලැබි ඇත.