විවිධ ආර්ථික හා දේශපාලන සාධක ගිණුම්කරණයට බලපායි. ආර්ථිකයක සිදුවන භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් (price levels) වෙනස් විම, භූමිය (land), ශ්‍රමය (labor), ප්‍රාග්ධනය (capital) යනාදි නිෂ්පාදන සාධකවල (factors of production) වෙළෙද0 පොළ (market) තත්ත්වයේ වෙනස්කම්, විනිමය අනුපාතිකයේ (rate of exchange) වෙනස්කම්, රාජ්‍ය මුල්‍ය (public finance) ප්‍රතිපත්ති වෙනස්කම් යනාදිය ව්‍යාපාර කටයුතු කෙරෙහිත් ඒවා මගින් ගිණුම්කරණ ක්‍රියාවලිය කෙරෙහිත් බලපැ හැකිය. සම්පත් අයිතිය පිළිබදව රාජ්‍ය ප්‍රතිපත්තිවල ඇති වන වෙනස්කම්ද ගිණුම්කරණ ක්‍රියාවලිය හැසිරවිමට ඉවහල් වේ. රාජ්‍ය සංස්ථාවක් (public corporation) සිමාසහිත පොදු සමාගමක් බවට පත් කිරිම හා ඒ අනුව ගිණුම්කරණ ක්‍රියාවලියේ ඇති වන වෙනස්කම් නිදසුනක් ලෙස දැක්විය හැකිය. එසේ රටක දේශිය වශයෙන් ඇතිවන ආර්ථික හා දේශපාලන වෙනස්කම් මෙන්ම විදේශිය වශයෙන් සිදුවන එවැනි වෙනස්කම් ද දේශිය ව්‍යාපාර ආයතනවල (firms) ගිණුම්කරණ ක්‍රියාවලියට බලපායි. බ්‍රිතාන්‍යයන් තම යටත් විජිතවලට හදුන්වා දුන් ඔවුන්ගේ ගිණුම්කරණ ක්‍රමය ශ්‍රී ලංකාවේ දැනුදු භාවිතා විම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. සමාජ හා සංස්කෘතික පරිසරය ජන සංඛ්‍යාවේත් ජන සංඛ්‍යා ව්‍යුහයේත් ඇති වන වෙනස්කම් ද ජිවන රටාවේ ඇති වන වෙනස් කම්ද සමාජ පරිසරයට බලපායි. සමාජ පරිසරයේ වෙනස් විමට අනුකුලව නිෂ්පාද රටාව (pattern of production) වෙනස් කිරිමට ආයතනය පෙළෙඹේ. ලාභ හා පොළි සංකල්ප (interest concepts) පිළිබදව ආගමික ඉගැන්විම් මත ගොඩ නැගෙන ආකල්ප (attitudes) ව්‍යාපාරවල ක්‍රියාකාරිත්වයත් ලාභ ප්‍රකාශ කිරිමත් කෙරෙහි බලපෑම නිදසුනක් ලෙස දැක්විය හැකිය. එසේම සංස්කෘතියේ දියුණුවත් සමග විකාශ වු ඉලක්කම් හා ගණිත ක්‍රමය ගිණුම්කරණයට ප්‍රබල උපකාරකයක් වී ඇත.