ශිල්පිය හා වාත්තිය පරිසරය
 

ගිණුම්කරණ ක්‍රියාවලියේදි ව්‍යාපාර සම්පත් ප්‍රමාණාත්මක (quantitative) සහ මුල්‍යමය (financial) වශයෙන් මැනිමත් අගය තක්සේරු කිරිමත් සිදු වේ. සම්පත් ප්‍රමාණාත්මකව ගණනය කිරිම සදහා විවිධ ශිල්පිය ක්‍රම යොදා ගැනේ. ඛනිජ තෙල් තොග, විවල අඩංගු බොල් හා වැලි, ලුණු ලේවාවල තොග යන මේවායේ ප්‍රමාණ ගනන් ගැනිම සදහා විවිධ කාර්මික හා විද්‍යාත්මක ශිල්පිය ක්‍රම භාවිතා කිරිම නිදසුන් වශයෙන් දැක්විය හැකිය. ප්‍රමාණාත්මකව මනිනු ලබන සම්පත් ගිණුම්කරණ ක්‍රියාවලියේ දි මුල?්‍යමය මාධ්‍යයෙන් ඉදිරිපත් කෙරේ.

ව්‍යාපාරවල සම්පත් භාවිතය සමහර අවස්ථාවලදි නිශ්චිතව මැනිය නොහැකිය. යන්ත්‍ර පාවිච්චියේදි ගෙවි යාම එයට නිදසුනකි. එවැනි නිශ්චිත ලෙස මැනිය නොහැකි දෑ ගිණුම්කරණය සදහා යොදා ගැනිමේ දිි ඇස්තමේන්තු (estimate) කිරිමක් සිදු වේ. ඒ සදහා විවිධ ශිල්පිය ක්‍රම භාවිතා කෙරේ. විවිධ වාත්තිය ගණකාධිකාරි ආයතනවල නිර්දේශ ද ගිණුම්කරණ ක්‍රියාවලියට බලපායි. ශ්‍රී ලජකාවේ වරලත් ගණකාධිකාරි ආයතනය විසින් ප්‍රකාශයට පත් කෙරෙන විවිධ ප්‍රමාත (standards) අනුව ගිණුම්කරණ ක්‍රියාවලිය හැඩගැස්විම නිදසුනක් ලෙස දැක්විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017