නෛතික පරිසරය
 

නෛතික හෙවත් නිතිමය පරිසරය ගිණුම්කරණයට බලපායි. ඒක පුද්ගල ව්‍යාපාර (sole trader) හවුල් ව්‍යාපාර (partnerships) සිමාසහිත සමාගම් (limited companies) යනාදි සංවිධාන, පවත්නා නිතිරිතිවලගට අනුකුල විය යුතුය. හවුල් ව්‍යාපාර ආඥා පනත, (partnership ordinance) සමාගම් පනත (companies Act) පාරිභෝගිකයන් ආරක්ෂා කිරිමේ පනත (consumer protection Act) යනාදිය මෙකි නිතිමය උපකාරක වේ. ශ්‍රී ලංකාවේ 1982 අංක 17 දරන සමාගම් පනතෙන් සමාගමක් විසින් අනිවාර්යයෙන්ම පවත්වා ගත යුතු ගිණුම් පොත් (books of account) පිළිබදව සදහන් කර තිබිම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. එසේම විවිධ නඩු තින්දු ද ගිණුම්කරණය කෙරෙහි බලපෑම් ඇති කරයි. රටක් දේශිය නිතිරිති මෙන් ම විදේශිය රටක නිති රිති වුවද ගිණුම්කරණ ක්‍රියාවලියේ වෙනස්කම් ඇති විමටත් සංවර්ධනයක් ඇති විමටත් තුඩු දෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017