ගිණුම්කරණ පරිසරය
 

ව්‍යාපාරයකත් එහි බාහිර පාර්ශවවලත් අවශ්‍යතා ඒ ව්‍යාපාරය සතු මානව සම්පත්වලටත් (human resources) අමු ද්‍රව?් (raw materials), මුදල්, යන්ත්‍රසුත්‍ර (machinery), ශිල්පිය ක්‍රම (techniques) යනාදි භෞතික (physical) සම්පත්වලටත් සාපේක්ෂ (relative) වශයෙන් බලන කල එකි සම්පත්වල “හිගකමක්” ඇති බව පෙනේ. ඒ නිසා ව්‍යාපාරයක අවශ්‍යතා හා අරමුණු ඉටු කර ගැනිම සදහා සිමිත සම්පත් මෙහෙයවිමේ දි නිවැරදි කළමණාකරණයක් (management) අවශ්‍ය වේ.

සිමිත සම්පත් හසුරුවමින් භාණ්ඩ හෝ සේවා හෝ නිෂ්පාදනයේ යෙදි සිටින සංවිධානයක්, ආර්ථික ඒකකයක් (economic unit) ලෙස හැදින්වේ. ආර්ථික ඒකකයට අදාළ මුල්‍ය තොරතුරු සැපයිම ගිණුම්කරණය මගින් කෙරේ. සම්පත් මෙහෙයුම් කළමනාකරණයේදි ගිණුම්කරණ පරිසරයේ (environment) ඇති වන විවිධ වෙනස්කම්වලට ගිණුම්කරණ ක්‍රියාවලිය හසු වන හෙයින් ගිණුම්කරණ පරිසරය හදුනා ගැනිම අවශ?්‍ය වේ. අධ්‍යනය කිරිමේ පහසුව තකා ගිණුම්කරණ පරිසරය පහත සදහන් පරිදි ප්‍රධාන කොටස් කට බෙදිය හැකිය.

නෛතික පරිසරය (legal environment)
ශිල්පිය හා වෘත්තිය පරිසරය (technical and professional environment)
ආර්ථික හා දේශපාලන පරිසරය (economic and political environment)
සමාජ හා සංස්කාතික පරිසරය (social and cultural environment)
තාක්ෂණවේදි පරිසරය (technological environment)

(c) Shilpa Sayura Foundation 2006-2017