ගිණුම්කරණ කාර්ය

 

ආර්ථික ක්‍රියා නිරීක්ෂණය කිරිම, හදුනා ගැනිම හා මැනිම

ක්‍රියාවලින් සමහරක් මුදලින් මැනිය හැකිය. සෙසු ඒවා මැනිය නොහැකිය. මුදලින් මැනිය හැකි ක්‍රියා, ආර්ථික කටයුතු (economic activities) ලෙස හැදින්වේ. ආර්ථික කටයුතුවල නිරත වන සංවිධානයක් (organization) සැලකෙන්නේ ව්‍යාපාරයක් ලෙසය. මෙහිදි ව්‍යාපාරවල මුදලින් මැනිය හැකි ක්‍රියා නිරීක්ෂණය කර හදුනා ගැනේ. සේවකයකුට වැටුප් ගෙවිම මුදලින් මැනිය හැකි ක්‍රියාවකි. එහෙත් ඔහු එක් අංශයකින් වෙනත් අංශයකට මාරු කිරිම, මුදලින් මැනිය නොහැකි ක්‍රියාවකි.

සටහන් කිරිම, වර්ග කිරිම හා සාරාංශ කිරිම

ආර්ථික ක්‍රියා නියමිත මුලාශ්‍ර ලේඛනවලත් (source documents) පොත්වලත් සම්මත රිතිවලට අනුව ද ක්‍රමානුකූලව ද සටහන් කළ යුතුය. එසේ සටහන් කිරිමේදි ආර්ථික ක්‍රියා වර්ග කිරිම මුලික පොත් (books of original entry) හා ලෙජර් ගිණුම් ledger accounts) මගින් සිදු වේ. මුදලින් කෙරෙන ගනුදෙනු ද ණයට ගැනුම් (credit purchases) ද ණයට විකුණුම් (credit sales) ද යනාදි වශයෙන් මුලික පොත්වලත් වැටුප්, බදු, කුලි, රක්ෂණ යනාදි වශයෙන් ලේජර් ගිණුම්වලත් ආර්ථික ක්‍රියා වර්ග කෙරේ. විවිධ ශිර්ෂ යටතේ එලෙස වර්ග කළ මුල්‍ය දත්ත (data) සම්පිණ්ඩනය කිරිම, සාරාංශ කිරිම යනුවෙයන් හැදින්වේ.

මුල්‍ය ප්‍රකාශ හා වාර්තා ඉදිරිපත් කිරිම සහ විවරණය කිරිම

සාරාංශ කළ දත්ත ඇසුරින් ව්‍යපාරයක ක්‍රියාකාරිත්වය හා ප්‍රතිඵල ද එහි තත්ත්වයද දැක්විම සදහා මුල්‍ය ප්‍රකාශ පිළියෙළ කෙරේ. නිෂ්පාදන, වෙළෙද හා ලාභලාභ ගිණුම් (manufacturing, trading and profit and loss accounts) යනාදි ආදායම් ප්‍රකාශ (statements of income) ද අරමුදල් ප්‍රවාහ ප්‍රකාශ (statements of flow of funds) ද මගින් ව්‍යාපාරයක යම් කාලච්ඡේදයකට අදාළ ක්‍රියාකාරිත්වයත් ප්‍රතිඵලත් දැක්වේ. ශේෂ පත්‍රය (balance sheet) මගින් පෙන්නුම් කෙරෙන්නේ නිශ්චිත දිනකට ව්‍යාපාරයේ මුල්‍ය තත්ත්වය (financial position) යි. ව්‍යාපාර හිමිකරුවනටත් කළමනාකරුවන්ටත් ණය සැපයුම්කරුවන්ටත් ව්‍යාපාරය පිළිබද ව උනන්දුවක් දක්වන සෙසු පාර්ශවයනටත් මුල්‍ය ප්‍රකාශවල දැක්වෙන තොරතුරු වඩාත් විශ්ලේෂණාත්මකව දැක්විම, විවරණය කිරිම යනුවෙන් හැදින්වේ. ව්‍යාපාරය පිළිබද විවිධ තිරණ ගැනිම සදහා එකි විවරණ ඉවහල් වේ. පොත් තැබිම, ගිණුම්කරණය හා ගණකාධිකරණය ගිණුම්කරණ කාර්යයට ඇතුළත් ආර්ථික ක්‍රියා නිරික්ෂණය කිරිම, වෙන් කර හදුනා ගැනිම, මුල්‍ය ඒකකවලින් මැනිම, සටහන් කිරිම, වර්ග කිරිම, සහ සාරාංශ කිරිම, පොත් තැබිම (book keeper) ලෙස හැදින්වේ. ආර්ථික ක්‍රියා නිරීක්ෂණය කිරිම, වෙන් කර හදුනා ගැනිම හා මුල්‍ය ඒකකවලින් මැනිම සාමාන්‍යයෙන් සිදු වන්නේ ගිණුම් අංශයෙන් බැහැර අංශයකය. සටහන් කිරිම, වර්ග කිරිම, හා සාරාංශ කිරිම ව්‍යාපාරයේ ගිණුම් අංශයෙන් සිදු වන අතර ඒ කාර්යවල නිරත පුද්ගලයා පොත් තබන්නා (book keeper) ලෙස හැදින්විය හැකිය. පොත් තැබිම, ගිණුම්කරණ ක්‍රියාවලියේ ප්‍රාථමික අවස්ථාව ලෙස සැලකිය හැකිය. ව්‍යාපාරයේ ආර්ථික ක්‍රියා, මුල්‍ය ප්‍රකාශ හා වාර්තා ලෙස ඉදිරිපත් කිරිමත් ඒ ප්‍රකාශ හා වාර්තා විවරණය කිරිමත් ගිණුම්කරණයට විශේෂයෙන් ඇතුළත් වේ. ඒ කාර්යයයෙහි නිරත පුද්ගලයා ගණකාධිකාරි (accountant) ලෙස හැදින්විය හැකිය. එසේම පොත් තැබිමේ කාර්යය සැලසුම් කර ක්‍රියාත්මක කරවිමද ගණකාධිකාරි සතු වගකිමක් වේ. ගිණුම්කරණ න්‍යාය හා පරිචය, (theory and practice) ගණකාධිකරණය (accountancy) යනුවෙන් හැදින්වේ. එසේ වුවද ගිණුම්කරණ න්‍යාය හා පරිචය, ගිණුම්කරණය, ගණකාධිකරණය යන දෙකටම අදාළ වේ. එහෙත් ගණකාධිකරණයේදි දාර්ශනික අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. ඒ අනුව ගිණුම්කරණයට වඩා පුළුලි කේෂ්ත්‍රයක් ගණකාධිකරණයට ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017