07. වෛරෝඩි වන්නම
 
ඊශ්වර දෙවියන් හා පෘතුවිය (කෙහෙතු) අතර සංවාදයක්‌ මෙම වන්නමෙහි කතා වස්‌තුව වේ.
 
තාල රූපය : මැදුම් තනිතිත
 බෙර පදය : ජිංගත ගොගො ජිංගත ගොගො
 
 තානම :

 තනෙන තනෙන තනෙන තනා
 තානාතෙයි තානාතෙයි තානාතෙයි තනා
 තනෙන තනා - තානානෙයි තනා
 තානත්තෙයි තනතම්දන තම්ද - නා තම්ද නා නා
 
 ගීතය :

 අගය වඩන කවි වරුණා - රඟය දැනෙයි කළ රචනා
 මට උරණා නොව මෙදිනා - මහතුගෙ අවසර - රැගෙන සමා වා
 ඉසුරු දෙවිදු වඩින දිනා - කෙහෙතු විමන දැක නෙතිනා
 එම විමනා දෙවි වඩිනා - කෙහෙතු ද දැකකොයි - වඩිති කමා වා
 විමන සමග කෙහෙතු දැනා - ඉසුරු දෙවිදු තුති දෙමිනා
 මෙම වරුණා කළ යෙහෙනා - පාතාල වෛරොඩි - වන්නම මේ වා
 ඔබින මෙසබ තුළ පැමිණා - කවිය නැතිව බොරු වරුණා
 කළ දුදනා නැත ඔබිනා - උගතුගේ බල වැඩි - මොකද පමා වා
 
කස්‌තිරම :
 
ජිකුතක තරිකිට කුන්දත්
 ගජින් ත ගත්ජිත් කුන්දත්
 තකුතක තරිකිට කුන්දත් තා
 
සීරුමාරුව :
 
තකට දොදොම් තා කඩතක තරිකිට
 තකට දොදොම් තා
 
 අඩවුව :
 තා තරිකිට තකු ජෙනකිට///
 රතකු ජිජිත් ///
 තා දොංගඩ කටතක
 රතකු ජිජිත් තා
 ප්‍රස්‌ථාරය :
 
(c) Shilpa Sayura Foundation 2006-2017