ගණකාධිකාරින් ද ගණකාධිකරණ මහාචාර්යවරුන්ද වෘත්තිය ගණකාධිකාරි ආයතනද විසින් ගිණුම්කරණය (accounting) විවිධාකාර ලෙස නිර්වචනය කර ඇත. ඒ නිර්වචනවලින් දෙකක් පහත දැක්වේ.
ඇමෙරිකාන ගිණුම්කරණ සංගමය, ගිණුම්කරණය නිර්වචනය කර ඇත්තේ මෙසේය.
තොරතුරු ප්‍රයෝජනයට ගනු ලබන පාර්ශවයනට විනිශ්චයක් කිරිමටත් තිරණ ගැනිමටත් හැකි වන අයුරු ආර්ථික තොරතුරු (economic information) හදුනා ගැනිමේ (identification) මැනිමේ (measurement) සහ සන්නිවේදනය කිරිමේ (communication) ක්‍රියාවලිය, ගිණුම්කරණයයි.
ඇමෙරිකාවේ සහතික ලත් පොදු ගණකාධිකාරි ආයතනය දි ඇති නිර්වචනය පහත සදහන් පරිදි වේ.
යටත් පිරිසෙයින් අර්ධ වශයෙන්වත් මුල්‍ය ස්වරූපයක් ගන්නා ගනුදෙනු (trisections) ද සිද්ධි (events) ද සුවිශේෂ ආකාරයට මුදල් මාධ්‍යය උපයෝගි කර ගනිමින් සටහන් කිරිමේ (recording) , වර්ග කිරිමේ (classification), සාරාංශ කිරිමේ (summarization) සහ ඒ ක්රියාදාමයේ ප්‍රතිඵල විවරණය කිරිමේ (interpretation) කලාව, ගිණුම්කණයයි.
ගිණුම්කරණ ක්‍රියාවලිය ව්‍යාපාරවල මෙන්ම ඒවායින් බාහිර පුද්ගල හා ආයතනවල අවශ්‍යතාවලට ද අනුව වර්ධනය වි ඇති බව මේ නිර්වචනවලින් පැහැදිලි වේ. එහෙයින් ගිණුම්කරණය ව්‍යාපාරික භාෂාවක් ලෙස ද හැදින්වේ. ඒ අනුව ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵල (operating results) හා මුල්‍ය තත්ත්වය සන්නිවේදනය කිරිමේ මාධ්‍යක් ලෙස යොදා ගැනෙන්නේ ගිණුම්කරණයයි. ගිණුම්කරණයට අදාළ විවිධ කාර්ය සැලකිල්ලට ගැනිමෙන් ගිණුම්කරණය පිළිබද අවබෝධයක් ලබා ගත හැකිය.