මිනිස් අවශ්‍යතා (human needs) සපුරා ලිම සදහා අවශ්‍ය භාණ්ඩ (goods) ද සේවා (services) ද නිෂ්පාදනය කිරිම කර්මාන්ත මගින් කෙරේ. එලෙස නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ හා සේවා අවශ්‍ය පුද්ගලයන්ට ලබා දිම සදහා අදාල සියලුම කටයුතු කෙරෙන්නේ වාණිජ්‍යය (commerce) මගිනි . වාණිජ්‍යය යන්නට වෙළදාම (trade) ද එයට ඉවහල් වන මුදල් හා බැංකු කටයුතු (money and banking) රක්ෂණ (insurance) ගබඩාකරණ (storage) ප්‍රවහාන (transport) (communication) සන්නිවේදනය යනාදි උපකාරක සේවා (auxiliary services) ද ඇතුළත් වේ.
ඈත අතිතයේදි මිනිසා නිෂ්පාදන කටයුතු කළේ තම පරිභෝජන අවශ්‍යතා (consumption need) සපුරා ගැනිම පිණිස ය. එහෙත් වර්තමානයේදි භාණ්ඩ හා සේවා වැඩි වශයෙන් නිෂ්පාදනය කරන්නේ වෙළද පොළ (market) සදහාය. නිෂ්පාදන එබදු විපර්යාසයක් ඇති විමට එංගලන්තයේ පැවැති කාර්මික විප්ලවය (industrial revolution) බොහෝදුරට හේතු විය.