රාජ්‍ය ව්‍යවසායන්වල අයිතිය සහ කළමනාකරණය පෞද්ගලික අංශයට පවරා දිම පෞද්ගලිකරණය යනුවෙන් හැදින්වේ.
පෞද්ගලිකරණයේ ප්‍රධාන අරමුණු
- කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩි කිරිම.
- මුල්‍යමය ශක්‍යතාව සහ ලාභදායකත්වය ඉහළ නැංවිම.
- ආයෝජන වැඩි ප්‍රමාණයක් සිදු කිරිම තුළින් සැපයුම් පුළුල් කිරිම සහ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඇති කිරිම.
- නව ආයෝජන සමග ධාරිතා මට්ටම සහ රැකියා අවස්ථා පුළුල් කිරිම.
- අයවැය මත බදු බර අවම කිරිම.
පෞද්ගලිකරණ ක්‍රම
පෞද්ගලිකරණ ක්‍රම එක් එක් රටවල මෙන්ම, පෞද්ගලිකරණයට භාජන කෙරෙන ව්‍යවසායන්ගේ ස්වභාවය අනුවද, වෙනස් වේ. රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලිකරණය කිරිමේදි බහුලව යොදා ගැනෙන පෞද්ගලිකරණ ක්‍රම පහත දැක්වේ.
- රාජ්‍ය ව්‍යවසායන් සදහා පෞද්ගලික අංශයට තරගකරුවෙකු ලෙස සහභාගි විමට ඉඩදිම.
- රාජ්‍ය ව්‍යවසායන්හි කොටස්, කොටස් වෙළෙද පොළේ අලෙවි කිරිම.
- ව්‍යවසායේ අයිතිය රජය වෙත තබාගෙන එහි කළමනාකාරිත්වය පමණක් පෞද්ගලික අංශයට භාරදීම.
- සිමාසහිත පොදු සමාගම්, වශයෙන් රාජ්‍ය සමාගම් පිහිටුවිම.
- රාජ්‍ය ව්‍යවසායන්හි කාර්යයන් කොන්ත්‍රාත් ක්‍රමයට පෞද්ගලික අංශයට පැවරිම.
- අයිතිය සහ කළමනාකරණය යන දෙකම පෞද්ගලික අංශයට පැවරිම නැතහොත් රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලික අංශයට විකුණා දැමිම.
පෞද්ගලිකරණයේ ප්‍රධාන වාසි
- රාජ්‍ය ව්‍යවසාය මගින් රජයේ අයවැය මත ඇතිකරනු ලබන පීඩනය අඩුවිම.
- පෞද්ගලික අංශයේ සහභාගිත්වය නිසා ව්‍යවසායන් වැඩි ප්‍රමාණයක කාර්යක්ෂමතාව, ඵලදායිතාව හා කළමනාකර්‍ණය වැඩි දියුණු විම හා ඒ මගින් ඒවායේ ලාභදායිත්වය ඉහළ යාම. නව්‍යතා ඇති විම.
- තරගකාරිත්වය ඇති විමෙන් වඩා උසස් සේවයක් සැපයිමේ හැකියාව.
- සේවක සහභාගිත්වය වැඩිවිම.
- වෘත්තිය සමිති බලපෑම් අඩුවිම.
- පිළිගත් විදේශිය සමාගම් විසින් ද රාජ්‍ය ව්‍යවසායන් මිලදි ගනු ලබන නිසා විදේශිය ආයෝජකයන්ගේ විශ්වාසය වර්ධනය විමට උපකාරි විම.
පෞදිගලිකරණයේ ප්‍රධාන අවාසි
- පොදු වත්කම් (ඇතැම් විට අත්‍යවශ්‍ය රාජ්‍ය අංශ) පෞද්ගලික අංශය සතුවිම්.
- සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය අඩුවිම.
- පෞද්ගලික ඒකාධිකාරි තත්ත්වයක් බිහිවිම.
- ලාභය මුලිකව කටයුතු කරන නිසා සමාජ වගකිම/ ශුභසාධනය කෙරෙහි අවධානය යොමු නොවිම.