නිෂ්පාදන සහ වෙළෙද කටයුතුවලට රජය සෘජුවම සම්බන්ධ විම රාජ්‍ය ව්‍යවසාය යන්නෙන් අදහස් වේ. මේ අනුව රාජ්‍ය ව්‍යවසායෙහි කාර්යය වන්නේ, වෙළෙද පොළට විකිණිම සදහා භාණ්ඩ හා සේවා සම්පාදනය කිරිමය.
රාජ්‍ය ව්‍යාපාර බිහිවිය හැකි ප්‍රධාන අවස්ථා
- වෙළෙද පොළ ආර්ථිකයේ අහිතකර ප්‍රතිඵල තුළින් පැන නගින සමාජිය ගැටලු නිසා.
- යම් ව්‍යවසායක් සදහා විශාල ස්ථාවර පිරිවැය ප්‍රමාණයක් දැරිමට සිදුවන අවස්ථාවකදි.
- පොදු භාණ්ඩ නිෂ්පාදනය කිරිමේ අවශ්‍යතාවන් මතුවන අවස්ථාවකදි.
- වැඩි සේවා නියුක්ති ප්‍රමාණයක් ඇති කිරිම සදහා.
- බලයට පත්වන ආණ්ඩුවල දේශපාලන දර්ශනය නිසා.
රාජ්‍ය ව්‍යවසායයන් මුහුණ පා ඇති ගැටලු
- අතිරික්ත කාර්ය මණඩල.
- පරිපාලන අකාර්යක්ෂම බව.
- වෙළෙද පොළ තත්ත්වයෙන් පිළිබිඹු නොකෙරෙන පාලිත මිල ගණන්.
- මිලදි ගැනිමේ අකාර්යක්ෂම භාවය.
- රාජ්‍ය මැදිහත් විම වැඩිවිම.
- නාස්තිය හා දුෂණය.
- තාක්ෂණික හා මානව ප්රාග්ධනය ප්‍රමාණවත් පරිදි දියුණු නොවිම.
- දේශපාලන මැදිහත්විම.
- සම්පත්වල හිගතාවය.
- රජයේ පැවරුම හෝ ණය ඇපකර මත අධික ලෙස යැපිම.
රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණය කළ හැකි ක්‍රම
රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කළ හැකි ක්‍රම කිහිපයකි. එයින් ප්‍රධාන ඒවා නම්,
- රෙගුලාසි ලිහිල් කිරිම හෝ රජයේ පාලනයෙන් ඉවත් කිරිම.
- වෙළෙද පොළ වෙනස්කම් අනුව යමින් මිල ගණන් ප්‍රතිශෝධනය කිරිම.
- සහනාධාර ඉවත් කිරිම.
- රාජ්‍ය ව්‍යවසායයන් ලාභදායි ඒකක කිපයක් බවට බෙදා වෙන් කිරිම.
- පිරිවැය අඩු කිරිම සදහා රාජ්‍ය අංශයේ ඇතැම් කාර්යයන් පෞද්ගලික අංශයට කොන්ත්‍රාත් වශයෙන් ලබා දිම.
- කළමනාකරණය පමණක් පෞද්ගලිකරණය කිරිම හෝ කළමනාකරණය බදු දිම.
- කාර්යය සාධනය මත පදනම් වු දිරි දිමනා ක්‍රමයක් හදුන්වා දිම.
- දේශපාලන මැදිහත්විම ඉවත් කිරිම.
- රාජ්‍ය ව්‍යවසායන්හි කාර්යයන් අවසන් කර ඒවායේ වත්කම් පෞද්ගලික අංශයට පවරා දී රාජ්‍ය ව්‍යවසායන්හි ගනුදෙනු ඈවර කිරිම.
- අනෙකුත් පෞද්ගලිකරණ ක්‍රම.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (PERC)
රාජ්‍ය ව්‍යවසාය ප්රතිසංස්කර්ණ හා ඊට අදාළ කරුණු සම්බන්ධව රජයට සහය විම සදහා 1996 දි රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසම (පර්ක් ආයතනය) පිහිටුවන ලදි.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයන්
- ප්‍රතිසංස්කරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසායන් තිරණය කිරිම.
- පොදු සමාගම් බවට පත් කළ යුතු රාජ්‍ය ව්‍යවසායන් නිර්දේශ කිරිම සහ මහජනයාට කොටස් විකිණිම/ කොටස් නොවිකිණිම පිළිබද රජයට උපදෙස් දිම.
- පවත්වා ගෙන යා හැකි රාජ්‍ය ව්‍යවසාය සදහා සැලසුම් සකස් කිරිම.
- රාජ්‍ය ව්‍යවසායවල කොටස් මහා භාණ්ඩාගාරය භාරයේ පවතින අවස්ථාවලදි ඒවා කළමනාකරළුය කිරිම.
- විකුණන ලද සමාගම්වල කොටස් බහුතරයක් රජයට හැර වෙනත් අය විසින් දරන විට, එම සමාගම්වල කටයුතු සොයා බලා ඒවායේ දුර්වලතා ඇත්නම් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද රජයට නිර්දේශ ඉදිරිපත් කිරිම.