රජය විසින් අනාගතයේදි ඉටුකර ගැනිමට අපේක්ෂිත අරමුණුද, ඒවා ඉටුකර ගැනිම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ද ක්‍රමානුකූලව පිළියෙළ කිරිම, රාජ්‍ය ක්‍රම සම්පාදනය යන්නෙන් අදහස් වේ.
සැලසුම්කරණයේදි ඉටු කළ යුතු මුලික අවශ්‍යතා
- අරමුණු තීරණය කිරිම.
- ඉටු කර ගත යුතු ඉලක්ක තිරණය කිරිම.
- සැලසුම් ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය මුල්‍ය හා අනෙකුත් සම්පත් ලබා ගැනිම.
- සැලසුම් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය සංවිධාන සහ ආයතන ඇති කිරිම.
- සැලසුම් ක්‍රියාත්මක කිරිම සහ එහි ප්‍රගතිය ඇගයිම.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල අද රාජ්‍ය ව්‍යවසායන්ගේ කාර්යභාරයන් පුළුල් වි ඇති අතර, ඒවා බොහෝ රටවල ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර අන්දමින් බලපා ඇත. මේ නිසා 1980 දශකයේදි ලොව බොහෝ රාජ්‍යයන් අකාර්යක්ෂම ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරිම ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවද 1987 දි පෞද්ගලීකරණය පිළිබද ජනාධිපති කොමිසම පිහිටුවමින් මෙම වැඩපිළිවෙළට එක්විය.