විදේශ ණය වෙනුවෙන් වාර්ෂිකව ගෙවිමට ඇති ණය වාරික ගෙවිම හා පොලි ගෙවිම ණය සේවාකරණය නමු වේ. මෙම ණය සේවාකරණ ගෙවීම් රටේ වාර්ෂික භාණ්ඩ හා සේවා අපනයන ඉපැයුම්වල ප්‍රතිශතයක් ලෙස දැක්විම, විදේශ ණය සේවා අනුපාතය ලෙස හැදින‍්වේ. එය පහත සදහන් ආකාරයට ගණනය කරනු ලැබේ.
විදේශ ණය සේවා අනුපාතය = විදේශ ණය වාරික ගෙවිම්+ විදේශ ණය පොලි ගෙවිම් ×100
වසරේ භාණ්ඩ හා සේවා අපනයන වටිනාකම
රජය විසින් විදේශ ණය ලබා ගැනිමට ප්‍රධාන හේතු
- අයවැය හිගය පියවිම සදහා ප්‍රමාණවත් සම්පත් දේශිය වශයෙන් සපයා ගැනිම දුෂ්කර විම.
- දේශිය ප්‍රාග්ධන සම්පාදනය හා දේශිය ඉතුරුම් ප්‍රමාණවත් මට්ටමක නොපැවතිම.
- දේශිය වශයෙන් වැඩියෙන් ණය ගැනිමෙන් රටේ පොලි අනුපාතිකය ඉහළ යාම පෞද්ගලික ආයෝජන අඩුවිම, යනාදි අවාසි සිදුවිය හැකි නිසා.
- ආනයන මුල්‍යකරණය, විදේශ විනිමය මගින්ම කළ යුතුය. එහෙත් විනිමය හිගකම ඊට බාධාවකි. එබැවින් ආනයන මුල්‍යකරණයට අවශ්‍ය හිග විදේශ විනිමය සපයා ගැනිමද, රජය විදේශ ණය ගැනිමේ එක් අරමුණකි.
- රටට අවශ්‍ය වන තාක්ෂණය හා දැනුම විදේශ රටවලින් සිය රට වෙත ලබා ගැනිමේ මාර්ගයක් වශයෙන්ද, විදේශ ණය ලබා ගැනේ.
- කඩිනම් ආර්ථික වර්ධනයක් හා සංවර්ධනයක් රට තුළ ඇති කිරිම් සදහා විදේශ ණය වැදගත් සාධකයක් ලෙස සැලකේ.
විදේශ ණය මත විශාල වශයෙන් රැදි සිටිම නිසා ආර්ථිකයකට මුහුණ පෑමට සිදුවන ප්‍රධාන දුෂ්කරතා
- වාර්ෂික අයවැය මුල්‍යකරණයේදි ණය ආපසු ගෙවීම සහ පොලි ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඇතිවන දුෂ්කරතා.
- වාණිජමය ණය නිසා ඇතිවන ගෙවුම් ශේෂ දුෂ්කරතා.
- ණය සේවාකරණ ගෙවිම් ඉහළ යාම නිසා ඇතිවන ගෙවුම් ශේෂ දුෂ්කරතා.
- විදේශ විනිමය අනුපාතිකයේ විචලනයන් හේතු කොට ගෙන ඇතිවන නොපියවු ණය ප්‍රමාණයේ වගකිම් ඉහළ යාම.
- රට තුළ විදේශිය අයිතිය වැඩිවිම.
- විදේශිය රටවල් සමග ආර්ථිකමය හා දේශපාලනමය බැදිම් වැඩිවිම නිසා මතුවිය හැකි අහිතකර ප්‍රතිවිපාක.