විදේශිය ණය
 

මුළු විදේශිය ණය ප්‍රධාන පදනම් දෙකක් යටතේ සලකා බැලිය හැකිය.

        • ස්වරූපය අවුන මුළු විදේශිය ණය
        • ආයතන ුනුව මුළු විදේශිය ණය
  • ස්වරූපය අනුව විදේශිය ණය

ස්වරූපය අනුව රාජ්‍ය විදේශිය ණය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. එනම්,

        • ව්‍යාපෘති ණය
        • ව්‍යාපෘති නොවන ණය

ව්‍යාපෘති ණය `

කිසියම් ව්‍යාපෘතියක් හෝ යෝජනා ක්‍රමයක් වෙනුවෙන්ම විදේශයන්ගෙන් ලැබෙන ණය, ව්‍යාපෘති ණය වශයෙන් සැලකේ. නිදසුන් ලෙස කඩිනම් මහවැලි ව්‍යාපාරයේ විවිධ ව්‍යාපෘති සදහා නොයෙකුත් රටවලින් ලැබි ඇති ණය දැක්විය හැකිය.

ව්‍යාපෘති ණය ලැබෙන්නේ විශේෂයෙන්ම සංවර්ධන අරමුණු මුලික කරගත් ව්‍යාපෘතිවලටය. මෙම ව්‍යාපෘතිවල කොන්දේසි බොහෝ දුරට සහනදායි වේ. ව්‍යාපෘති ණය, භාණ්ඩ හා ‍ේසාව, මුදල් යනාදි වශයෙන් ලැබිය හැකිය.

ව්‍යාපෘති නොවන ණය

ව්‍යාපෘති නොවන ණය නැවත උප කොටස් දෙකකට බෙදේ. ඒවා නම්,

  • භාණ්ඩ ණය
  • වාණිජමය ණය, යනුවෙනි.

භාණ්ඩ ණය :-

විවිධ ණය ගිවිසුම් යටතේ භාණ්ඩමය ස්වරූපයෙන් ලැබෙන ණය මෙයින් අදහස් වේ. නිදසුන් වශයෙන් පී.එල්.480 ණය ක්‍රමය යටතේ අප රටට ඇ. එ. ජනපදයෙන් තිරිගු පිටි ලැබිම දැක්විය හැකිය.

වාණිජමය ණය :-

ණය සහන කාලය කෙටි විම, ඉහළ පොළි අනුපාතිකය, යනාදි සහනදායි නොවන කොන්දේසි යටතේ ලබා ගන්නා ණය, වාණිජමය ණය ලෙස හැදින්වේ. බොහෝ වාණිජමය ණයවල ණය සහන කාලයක් නොමැති බව සැලකිය යතුය. යුරෝ ණය, වාණිජමය ණයවලට නිදසුන්ය.

ආයතන අනුව විදේශිය ණය

ආයතන අනුව විදේශිය ණය කොටස් තුනක් යටතේ දැක්විය හැකිය.

  • බහු පාර්ශ්විය ණය
  • ද්වි පාර්ශ්විය ණය
  • මුල්‍ය වෙළෙද පොළ ණය (වාණිජමය ණය)

බහු පාර්ශ්වීය ණය :-

පාර්ශ්ව රාශියක් සම්බන්ධ වන ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලින් ලබා ගන්නා ණය මෙයින් අදහස් වේ. නිදසුන් ලෙස ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනාදි ආයතනවලින් ගන්නා විදේශ ණය දැක්විය හැකිය.

ද්වි පාර්ශ්විය ණය :-

ද්වි පාර්ශ්විය ණය යනු රටවල් දෙකක් අතර සිදුවන ණය ගනුදෙනුය.

මූල්‍ය වෙළෙද පොළ ණය :-

ජාත්‍යන්තර මුල්‍ය වෙළෙද පොළෙන් වාණිජමය කොන්දේසි යටතේ ලබා ගැනෙන ණය මෙයින් අදහස් වේ. නිදසුන් : යුරෝ ණය

රාජ්‍ය ණය සේවා අනුපාතය

වසරේ රාජ්‍ය ආදායමෙන් කොපමණ ප්‍රමාණයක්, වසරේ ණය වාරික සහ ණය පොලි සදහා වැය කෙරේද යන්න, රාජ්‍ය ණය සේවා අනුපාතය මගින් දුක්වේ. එය පහත සදහන් ආකාරයට ගණනය කරනු ලැබේ.

රාජ්‍ය ණය සේවා අනුපාතය = වසරේ ණය වාරික ගෙවිම් + පොලි ගෙවිම් × 100
වසරේ රාජ්‍ය ආදායම

(c) Shilpa Sayura Foundation 2006-2017