රජය දේශිය ණය ලබා ගැනිමට යොදා ගන්නා වු ක්‍රම (එනම් ණය උපකරණ) අනුව සහ රජය විසින් දේශිය වශයෙන් ණය ලබා ගන්නා වු ආයතන අනුව, දේශිය ණය පිළිබද මෙහිදි කරුණු සලකා බලමු.
රජය දේශිය වශයෙන් ණය ලබා ගැනිමට යොදා ගන්නා ණය උපකරණ (ණය ක්‍රම)
- රුපියල් සුරැකුම්පත් (රුපියල් ණය)
- භාණ්ඩාගාර බිල්පත්
- භාණ්ඩාගාර බැදුම්කර
- ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර
- මහ බැංකු තාවකාලික අත්තිකාරම්
- බදු සංචිත සහතික පත්
- පරිපාලන ණය ගැනිම්
රුපියල් සුරැකුම්පත් (රුපියල් ණය)
ව්‍යාපාර විසින් සුරැකුම්පත් ආඥා පනත් විධි විධානවලට අනුව රජයේ සුරැකුම්පත් මගින් ලබා ගන්නා ණය මෙයින් අදහස් වේ. රුපියල් ණයවල සම්පුර්ණ වටිනාකම රුපියල්වලින් දැක්වේ. රජය විසින් මෙම රුපියල් ණය ලබා ගනුයේ, විසර්ජන පනත යටතේ කිසියම් මුදල් වර්ෂයක් තුළ කරනු ලබන සේවාවක් සදහා වැය කරනු පිණිසය.
රුපියල් ණය පිරිම අවුරුදු එකක් හෝ ඊට වැඩි වන අතර මේවා මැදි හා දිගු කාලින ණය ලෙස සැලකේ. රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් ණය සම්බන්ධ කටයුතු සිදු කරයි.
භාණ්ඩාගාර බිල්පත්
භාණ්ඩාගාර බිල්පත් යනු, රජයට අවශ්‍ය කෙටිකාලින ණය මුදල් ලබා ගැනිම සදහා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කෙරෙන සුරැකුම්පත් විශේෂයකි. මේවායේ කල් පිරිමේ කාලය මාස 3, මාස 6, මාස 12 යනාදි ලෙස වේ. මේවා වට්ටමකට යටත්ව නිකුත් කෙරෙන අතර කල් පිරිමෙන් පසු මුදල් කර ගත හැකිය.
භාණ්ඩාගාර බැදුම්කර
භාණ්ඩාගාර බැදුම්කර යනු, රජයට දේශිය වශයෙන් ණය ලබා ගැනිම සදහා, රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන මැදි කාලින මුල්‍ය උපකරණයකි. මේවායේ කල්පිරිමේ කාලය දැනට මාස 3, මාස 6, මාස 12 ලෙස උපරිම වශයෙන් අවුරුදු 2 කට සිමාවේ. කිසියම් වර්ෂයක් සදහා නිකුත් කෙරෙන භාණ්ඩාගාර බැදුම්කර ප්‍රමාණය විසර්ජන පනත හෙවත් අයවැය ලේඛනය හා සම්බන්ධ පනත මගින් තීරණය වේ.
ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර
ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර යනු, රජයට අවශ්‍ය දිගු කාලින අරමුදල් විශේෂයෙන්ම බාහිර අරමුදල් මුලාශ්‍ර ඇසුරෙන් සපයා ගැනිම සදහා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන සුරැකුම්පත් විශේෂයකි. මේවායේ අගය එක්සත් ජනපද ඩොලර් අගයෙන් ප්රකාශිතය. සංවර්ධන බැදුම්කර මිලට ගත හැක්කේ අනේවාසික පුද්ගලයන්ට හා නෛතික පුද්ගලයන්ට පමණි. මෙම බැදුම්කර වල පරිනත කාලය වර්ෂ 2කි.
මහ බැංකු අත්තිකාරම්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලි රහිතව මාස හයක කාල සිමාවක් සදහා රජයට සපයන ණය අත්තිකාරම්, මහ බැංකු අත්තිකාරම් ලෙස හැදින්වේ. නියමිත මාස හය ඇතුළත මෙම ණය රජය විසින් ආපසු ගෙවිය යුතු අතර ඒවා නැවත නැවතත් මාස හයක කාල සිමාවන් සදහා වක්රාකාරි ලෙස ලබා ගත හැකිය.
අත්තිකාරම් ප්‍රමාණය රජයේ මුළු ආදායමෙන් 10%ක් නොඉක්ම විය යුතු බවට මෙහි කොන්දේසියක් පවති.
බදු සංචිත සහතික පත්
බදු ගෙවන්නන්ගෙන් රජයට අනාගතයේදි ගැනිමට ඇති බදු මුදල් වර්තමානයේදීම එකතු කර ගැනිමේ අරමුණින් රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කෙරෙන සහතික පත් බදු සංචිත සහතික පත් ලෙස හැදින්වේ. බදු සංචිත සහතිකවල යොදවන මුදල් සදහා පොලියක් ලැබේ. බදු ගෙවිය යුතු අවස්ථාවලදි එම බදු මුදල් මෙම බදු සංචිත සහතික මගින් ගෙවිය හැකිය. මේවා අන්සතු කළ නොහැකිය. යම් විදියකින් බදු ගෙවිමට සිදු නොවුණහොත් මෙම බදු සංචිත සහතික පත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඒවායේ මතුපිට වටිනාකම ලබා ගත හැකිය.
පරිපාලන ණය ගැනිම්
රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු සදහා වාර්ෂිකව වෙන් කර ඇති, එහෙත් වැය කර නැති මුදල්, රජය විසින් නැවතත් ණයට ගැනිම පරිපාලන ණය ලෙස සැලකේ. අදාළ අංශ සමග සාකච්ඡා කර එකගවන පොලි අනුපාතයක් මත මෙම ණය ලබා ගැනිම් සිදුවේ. පරිපාලන ණය වෙළෙද පොළ ණය උපකරණයක් නොවන බව සැලකිය යුතුය.