ණය වර්ග
 

රජය සිය අයවැය කටයුතු මුල්‍යකරණය කිරිම සදහා දේශියව හා විදේශියව ලබාගෙන, ගෙවිමට ඉතිරිව ඇති ණය ප්‍රමාණයේ එකතුව, රාජ්‍ය ණය යනුවෙන් හැදින්වේ.

රාජ්‍ය ණය වර්ග


රාජ්‍ය ණය කිහිප ආකාරයකට වර්ග කර දැක්විය හැකිය. එයින් වැදගත් වර්ග කිරිම් කිහිපයක් පහත දැක්වේ.

දේශිය ණය සහ විදේශිය ණය


රජය විසින් සිය රට තුළින් සපයා ගැනෙන ණය දේශිය ණය ලෙසද, වෙනත් රටවලින් සපයා ගැනෙන ණය විදේශිය ණය ලෙසද, හැදින්වේ.

නිදසුන් වශයෙන්, ශ්‍රී ලංකා රජය දේශිය බැංකු ක්‍රමයෙන් (මහ බැංකුව සහ මෙරට වාණිජ බැංකුවලින්) ලබා ගන්නා ණය, දේශිය ණය ලෙසද රජය විසින් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, වැනි විදේශ ආයතනවලින් සහ ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, යනාදි විදේ?ශ රටවලින් ලබා ගන්නා ණය, විදේශිය ණය ලෙසද හැදින්විය හැකිය.

දේශිය ණය හා විදේශිය ණය පිළිවෙළින් අභ්‍යන්තර ණය හා බාහිර ණය යනුවෙන් ද හැදින්විය හැකිය.

කෙටි කාලින ණය සහ දිගු කාලින ණය


වර්ෂයක් ඇතුළත ගෙවිය යුතු ණය කෙටි කාලින ණය යනුවෙන්ද, වර්ෂ ගණනාවකින් ගෙවිය යුතු ණය දිගු කාලින ණය යනුවෙන්ද, හැදින්වේ.

කෙටි කාලින ණය සහ දිගු කාලින ණය වලට අමතරව, මැදි කාලින ණය යනුවෙන් සැලකෙන තවත් රාජ්‍ය ණය වර්ගයක්ද පවති.

  • රජයේ කෙටි කාලින දේශිය ණය මාර්ග
    • භාණ්ඩාගාර බිල්පත්

    • මහ බැංකු තාවකාලික අත්තිකාරම්

    • වාණිජ බැංකු සතු නොපියවු ආනයන බිල්පත්



  • රජයේ මැදි හා දිගු කාලින දේශිය ණය මාර්ග
    • රුපියල් සුරැකුම්පත් (රුපියල් ණය)

    • භාණ්ඩාගාර බැදුම්කර

    • ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර




(c) Shilpa Sayura Foundation 2006-2017