රාජ්‍ය අයවැයක් මගින් ආර්ථික වර්ධනය
 

රාජ්‍ය අයවැයක් මගින් ආර්ථික වර්ධනය නැංවිමට දායක විය හැකි ආකාරය

මේ සදහා ගත හැකි ප්‍රධාන ක්‍රියා මාර්ග පහත දැක්වේ.

  • යටිතල පහසුකම් සදහා මුදල් ප්‍රතිපාදන ලබාදිම. මෙය නිෂ්පාදන පිරිවැය අඩු කිරිමට හා ආයෝජන කටයුතු ධෛර්යමත් කිරිමට හේතුවක් වේ.
  • අයවැය හිගය අඩු කිරිමෙන් සහ අයවැය හිගය පියවිම පිණිස දේශිය වෙළෙද පොළ ණය ලබා ගැනිම අඩු කිරිමෙන්, පෞද්ගලික ආයෝජන සදහා සම්පත් ලබා ගැනිමට ඇති ඉඩකඩ වැඩි කරදිම.
  • නිෂ්පාදකයන්/ ව්‍යාපාරිකයන් සදහා බදු සහන සහ බදු විරාම ලබා දිම.
  • පාඩු විදින නමුත් අත්‍යවශ්‍ය සේ සැලකිය හැකි කර්මාන්තවල පැවැත්ම සදහා නිෂ්පාදන සහනාධාර ලබා දිම.
  • සාර්ව ආර්ථික ස්ථායිතාව සදහා රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති යොමු කිරිම. මෙයට නිදසුන් වශයෙන් උද්ධමනය පාලනය කිරිම., ගෙවුම් ශේෂ හිගය මග හරවා ගැනිම, විනිමය අනුපාතිකය ස්ථායිකරණය, යනාදි ක්‍රියා මාර්ග දැක්විය හැකිය.

සමාජයක් තුළ ආර්ථික සාධාරණත්වය නැංවීම සදහා රාජ්‍ය අයවැය යොදා ගත හැකි අයුරු

රාජ්‍ය අයවැය මගින් බදුකරණය, රාජ්‍ය වියදම, අයවැය ප්‍රතිපත්තිය, හැසිරවිම මගින් සමාජයක් තුළ ආර්ථික සාධාරණත්වය නැංවිය හැකිය.

  • බදුකරණය
    • අනුක්‍රමික බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරිම. මේ අනුව පහළ ආදායම් ලබන්න්ට සාපේක්ෂව ඉහළ ආදායම් ලබන්න්ට වැඩි බදු බරක් පැවරෙනු ඇත.
    • පහළ ආදායම් ලබන්නන් පරිභෝජනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා ඉතා අඩු බදු අනුපාතික අය කිරිම හෝ ඒවා බදුවලින් නිදහස් කිරිම.
    • ධනය හා බුදලය මත බදු පැනවිම.
  • රාජ්‍ය වියදම
    • දිළිදු සහන අරමුදල් ඇති කිරිම.
    • අඩු ආදායම් ලබන්නන්ට වැඩි වාසි සැලසෙන පරිදි රාජ්‍ය වියදම් ක්‍රමයක් ඇති කිරිම.
    • අඩු ආදායම් ලබන ජන කොටස්වල ජිවන තත්ත්වය ඉහළ නැංවිමට විශේෂ ඉලක්ක ව්‍යාපෘති ඇති කිරිම.
  • අයවැය ප්‍රතිපත්තිය
    • ිවන වියදම ඉහළ යාම පාලනය කිරිම.
    • මුර්ත ආදායම් ආරක්ෂා වන පරිදි උද්ධමනය පාලනය කිරිම.
    • දේපළ හිමිකම් සිමා කිරිම් සහ ඉඩම් නැති අයට ඉඩම් පවරා දිම වැනි වැඩසටහන් මගින් අඩු ආදායම් ලබන්නන්ට වාසියක් සැලසිම.
(c) Shilpa Sayura Foundation 2006-2017