පෞද්ගලික ආයෝජන දිරි ගැන්විම
 

පෞද්ගලික ආයෝජන දිරි ගැන්විම සදහා රජයකට අයවැය ප්‍රතිපත්ති යොදා ගත හැකි ආකාරය

රජයට මේ සදහා සිය අයවැය ප්‍රතිපත්ති මගින් ක්‍රියාත්මක කළ හැකි ප්‍රධාන යෝජනා පහත දැක්වේ.

  • ආයෝජන පහසු කරලිම සදහා පොදු ආර්ථික සේවා වර්ධනය කිරිමට පියවර ගැනිම.

නිදසුන් :- ප්‍රවාහන කටයුතු, බලශක්තිය, සන්නිවේදනය, පුහුණු ශ්‍රමය යනාදිය වැඩි දියුණු කිරිම.

  • දේශිය කර්මාන්ත ආරක්ෂා කිරිම සදහා ආරක්ෂණ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම.
  • ආයෝජන දිරි ගැන්විම සදහා නිෂ්පාදන සහනාධාර ලබා දිම.
  • ආයෝජන දිරි ගැන්විමක් වශයෙන් නිෂ්පාදකයන් ඇතුළු ව්‍යාපාරිකයන් සදහා බදු විරාම ඇතුළු බදු සහන ලබා දිම.
  • රජය දේශිය වෙළෙද පොළ ණය ගැනිම අඩු කිරම තුළින් එම සම්පත් පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට ලබා ගැනිමට ඉඩ හැරිම. මෙය පොලි අනුපාතිකය ඉහළ යාම අඩු විමට හේතුවක් වෙනවා මෙන්ම පේද්ගලික ආයෝජන පරිමාව පුළුල් විමට ද හේතුවක් වේ.
  • උද්ධමනය වැළකෙන ආකාරයට රාජ්‍ය අයවැය ප්‍රතිපත්ති සකස් කිරිම. මෙය රටේ ආර්ථික ස්ථායිතාවටද හේතුවක් වේ. ආර්ථික ස්ථායිතාව යටතේ සාධක මිල ගණන් ඉහළ යාම සහ ආයෝජන බිද වැටිම වළකින අතර ඒ අනුව නිෂ්පාදන පිරිවැය පහළ ගොස් නිෂ්පාදකයන්ට ලාභ ලැබිමේ අවස්ථා වර්ධනය වේ. එබැවින් උද්ධමනකාරි බලපෑම් අඩුවන ආකාරයට රජය අයවැය ප්‍රතිපත්ති සැකසිම පේද්ගලික ආයෝජකයන් දිරි ගන්වන ක්‍රියා මාර්ගයක් වනු ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017