අතීතයේ භාරත දේශය ජම්බුද්වීපය , දඹදිව , භාරත යනාදී විවිධ නම්වලින් ඉන්දියාව ප්‍රසිද්ධව තිබුණි. දකුණු ආසියාවේ පිහටා ඇති ඉන්දියානු අධිරාජ්‍යය හෙවත් ඉන්දියාව , භූගෝලීය විශාලත්වය අතින් ලෝකයේ හත් වෙනියට විශාලතම රටය. ඒ අතරම ජනගහනය අතින් දෙවන ස්ථානය ද , දකුණු ආසියාවේ විශාලතම රාජ්‍යය ද වේ.
අග නුවර - නව දිල්ලිය
විශාලම නඟරය - මුමිබාය
රාජ්‍ය භාෂා - හින්දි, ඉංග්‍රීසි , බෙන්ගාලි , බොඩො , ගුජරාටි , කාශ්මීර් , මලයාලමි , මනිපුරි , මාරති ,
නේපාලි , පන්ජාබි , දෙමළ , තෙලිගු , උර්දු
ඉන්දියාවේ සමුද්‍ර තීරය කි.මී. 7000 ඉක්මවයි. බටහිරින් ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය ද , චීනය , නේපාලය හා භූතානය ඊසාන දිගින්ද , බංගලාදේශය හා මියෙන්මාරය නැගෙනහිරින් ද , ඉන්දියාවේ මායිමි වල පිහිටා ඇත.
ඉන්දියාව අපේ අසල් වැසි රට නිසා නොයෙක් ආකාරයෙන් අප රටේ ඉතිහාසයටත් ඉන්දියාව බලපා තිබෙනවා. ඉන්දියාවත් , ශ්‍රී ලංකාවත් එකම භූමි ස්කන්ධයක් වශයෙන් අතීතයේ පැවතූන බවට සාධක තියෙනවා. ආදම්ගේ පාලම වශයෙන් දූපත් වල මෙවැනි ගොඩබිම් එකතූවක් තිබූ බවට එක් සාධකයක්.
රාම රාවණ වෘත්තාන්තය බලන්න
අනාදිමත් කාළයක සිට ඉන්දියාව ජනාවාස ව පැවති රටක්. දියුණු ශිෂ්ඨාචාර එහි පැවතූනා. ඉන්දු නිම්නය ආශ්‍රිතව පැවති මොහොන්ජොදාරෝ - හරප්පා ශිෂ්ඨාචාරය ඊට හොඳ ම උදාහරණයක් මෞරය , ගූප්ත වැනි රාජවංශ කීපයක්ම ඉන්දියාව වරින් වර පාලනය කරා.
පසු කලකදී මේ සුවිශාල රට මුස්ලිම් , මෝගල් සහ විවිධ බටහිර ජාතීන්ගේ පාලනයට යටත් වුනා. 1947 දී ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී නිදහස ලබා ස්වාධීන රාජ්‍යයක් වශයෙන් කටයුතූ කිරීමට පටන් ගත්තා. වර්ථමානයේ දී ඉන්දියානු උප මහද්වීපය , ඉන්දියාව , පාකිස්ථානය , බංගලාදේශය , භූතානය සහ නේපාලය යනුවෙන් , රාජ්‍ය පහකට බෙදී ඇත.
උතූරෙන් හිමාලය කඳුවැටිය ද , දකූණෙන් කොමරින් තූඩුවද , බටහිරින් පාකිස්ථානයද , නැගෙනහිරින් බංගලාදේශය සහ ඇරකන්යෝමා කඳුවැටිය ද වර්ථමාන ඉන්දියාවේ දේශ සීමා වේ. ලෝකයේ උසම කඳු මුදුන වන එවරස්ට් කන්ද පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ උතුරින් පිහිටි හිමාල කඳු වැටියේය.
එවරස්ට් කන්ද
ආසියා මහද්වීපයෙහි ඉන්දියානු අර්ධද්වීපය වෙන් වීමට හිමාලය ඇතූළු කඳු පන්තිය හේතූ වී තිබේ. ලෝකයේ උසම කඳු මුදුන වන එවරස්ට් (29028) පිහිටා ඇත්තේ ද හිමාලයා කඳු පන්තියේයි, සින්ධු හා ගංගා නම් යන ගංගා වල පෝෂක ප්‍රදේශය වශයෙන්ද මේ කඳූවැටිය වැදගත් වේ.
බරණැස් නුවර නමින් ප්‍රසිද්ධ ව තිබූ නගරය අද හඳුන්වන්නේ වාරණවාසී කියලයි. බුදුන් වහන්සේ දම්සක් පැවතූම් සූත්‍රය දේශණා කලේ මේ නගරයේදී. අනගාරික ධර්මපාල තූමා නව මූලගන්ධි කූටි නමින් විහාරයක් එහි තනා තිබෙනවා. එ් වගේම හින්දු ආගමික ගොඩනැගිලි බොහොමයක් මේ නගරයේදී සිත් සේ දැක ගන්න පුළුවන්.
බරණැස් නුවර නමින් ප්‍රසිද්ධ ව තිබූ නගරය අද හඳුන්වන්නේ වාරණවාසී කියලයි. බුදුන් වහන්සේ දම්සක් පැවතූම් සූත්‍රය දේශණා කලේ මේ නගරයේදී. අනගාරික ධර්මපාල තූමා නව මූලගන්ධි කූටි නමින් විහාරයක් එහි තනා තිබෙනවා. ඒ වගේම හින්දු ආගමික ගොඩනැගිලි බොහොමයක් මේ නගරයේදී සිත් සේ දැක ගන්න පුළුවන්.
අජන්තා ලෙන පිහිටලා තියෙන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ , අජන්තා ගූහාවේ චිත්‍ර සීගිරි සිතූවම් වලට ගොඩක් සමානයි. එම ගූහාවල ගලින් නෙලූ කැටයම් තිබෙන අතර ඒවා අනුරාධපුරයේ ඇති කැටයම් වල තිබෙන මට සිළුටු බවක් නැහැ.
ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන ටජ් මහල් මන්දිරය
ලෝක පුදුම වලින් එකක් වූ ටජ් මහල් මණ්දිරය තනි කිරිගරුඩෙන් මේ මන්දිරය තනා තිබෙන අතර ෂා ජෙහාන් නම් රජු ඔහුගේ බිසව මුම්ටාස් දේවිය අකාලයේ මිය ගිය නිසා එ් ශෝකය තූනී කර ගැනීමට මෙම සුවිශාල මන්දිරය තතා ඇත.